2012-10-12

නිලන්ත පියසිරි විසින් 10:57 පැයට
8

ඒ මාර ගහේ මුල්

කාර්යාලයෙන් ඊයේ මට නියම වී තිබුනේ යම් වැඩ මුළුවකට සහභාගී වීමටයි. එය තිබුනේ කොළඹ පුර හල පෙදෙසේ බැවින් බසයෙන් බැසි මම විහාර මහා දේවී උයන මැදින් එතැනට ලඟ වීම පහසු බැවින් ඒ හරහා ගියෙමි. අද මේ උයන මට එතරම් නුහුරු වුව ද මා පිය සොඳුර සමඟ පෙම් කරන සමයේ මේ උයන මට ඉතාමත් හුරු පුරුදු විය. අප නිරන්තරව යන මාර ගසක බංකුවක් මෙන් වූ මුලක් විය. මා එය පහු කරද්දී මට නිතැතින් ම එතැන බැලුන කල මා දුටුවේ අප එකල වාඩි වි සිට තැනම හිඳිනා පෙම් යුවලකි. අප එකල කෙතරම් නම් වේලා මෙතැන කථා කරමින් සිටින්නට ඇතිද? මේ මාර ගස කෙතරම් පෙම්වතුනට සෙවන දෙන්න ඇතිද? එහෙත් ඒ ගස මුල කිසි දිනක හිස් නොවෙයි. එහෙත් කල්පනා කළොත් ඊයේ දවසේ පමණක් මා කෙතරම් වේලාවක් සොඳුර සමඟ කථා කරන්නට ඇතිද? හොඳින් හිතුවොත් වැකි හතරක් පහක් පමණ. "නිලන්ත, දුවනිට කවනවද?, පරක්කු වෙනවා", "නිලන්ත චූටි දුව ගේ ගවුමේ බොත්තම දානවද?" "නිලන්ත එනකොට සුප් කැට තුන හතරක් ගේනවද?" "දවල් කෑම රසද?" වගේ හිතුවොත් ඉතාමත් කෙටි වදන් තුන හතරක්. මෙයින් නියෝග හැරුණ කොට ආදරය පොඩ්ඩක් වත් තියෙන්නේ "දවල් කෑම" ගැන වැකියේ පමණි. ඇයට ගෙදර මෙන් ම කාර්යාලයේද වැඩ බොහෝය. පෙම් බස් මිමිණීමට ඇයට වේලාවක් ඇත්තේ ම නැත. එසේ වෙලාවක් ආවත් ඇයට කෙසේ හෝ අතපසු වූ වැඩක් පසක් වෙයි. ඉඳින් වරු ගණන් මේ මාර ගස යට පෙම් බස් තෙපළු ඇය..... වැන්නෝ තවත් කෙතරම් මේ මාර ගස හැර ගොස් ඇතිද?   

8 අදහස් දැක්වීම්:

දේශකයා said...

අප ගේ ජීවිත කාලයෙන් කාලය‍ට ගෙවෙන හැටි අපේ සිතුම් පැතුම් වෙනස් වන අයුරු කැටි කර ගත් අගනා සිතුවිල්ලකි. සැමට පොදු ධර්මතාවයකි. අදයි ආවේ

hare :-) said...

ජීවිතේ විනාඩියෙන් විනාඩිය ඉදිරියට යන ගමන්...

ආදරේ එක එක විධියට වෙනස් වෙමින් තාමත් හිත ඇතුලෙ උතුරන තරමට තියෙන බව දන්නව නේද?

සූස්ථි said...

"ආදරය" - ජීවිතයේ මරණය තෙක් පවතින , නිරතුරුව වෙනස්වන . සුන්දරම මිනිස් හැඟීම.

අදයි ආවේ.

රොබින් said...

කාලයේ වෙනස

නිලන්ත පියසිරි said...

දේශකයා වෙත - බොහොම ස්තුතියි.

hare :-) වෙත - අපොයි ඔව් හිත ඇතුලේ ආදරේ බුබුළු දමමින් තියෙනවා.

සූස්ථි චෙත - ඇත්තෙන්ම ඔව්.

රොබින් වෙත - ඇත්තටම කාලය මොන තරමෙ දේවල් වෙනස් කරනවද?

Anonymous said...

so true

Anonymous said...

අවාසනාවට යෝජිත විවාහ වලින් විවාහ වෙන ගැහැනු ලමයින්ට අර සුන්දර කාලය ලැබෙන්නෙ නෑ. ඒ අයට ලැබෙන්නෙ පෙම් බස් මිමිණීමට නොලැබෙන දෙවැනි කාල පරිච්චේදය විතරයි.

මොනව වුනත් ඔබේ අදහස් ලස්සනයි.

Tish said...

the reality! i like your writing style! btw y have u stopped updating ur blog?