2010-01-17
නිලන්ත පියසිරි විසින් 22:11 පැයට
ගෝත්‍රවාදී වීම හොඳද? නරකද?
අප ගෝත්‍රවාදයේ හිනි පෙත්තට නගිනුයේ මැතිවරණ සමයේ යැයි මට සිතේ. මතයට එකඟ නොවන එකා නසා දැමීමට තරම් මෙය උග්‍ර වේ. නමුත් මෙලෙස මරා ගනුයේ හදිසියකදී උදව්-පදව් කරගන්න සිටින අසල් වැසියන් ය. දෙස්පලුවෝ අසනීප වූ ළමයා රෝහලට ගෙන යන්න උදව් කරන්න ට ලඟ පාත ඉන්නේ නොවේ. මා කලකට පෙර අසා සිටි සංවාදයක කියැවුනේ "අප, එනම් මේ දකුණු ආසියානු මිනිස්සු උග්‍ර ගෝත්‍රවාදියෝ" බවය. අපි සිංහල, දෙමළ ආදි ලෙස බෙදෙමු. බුදු දහම, ක්‍රිස්තියානි ආගම, මුස්ලිම් ආගම ලෙස බෙදෙමු. එජාප, ජවිපෙ, ශ්‍රිලනිප ලෙස බෙදෙමු. ගොවිගම, කරාවේ, දුරාවේ ලෙස බෙදෙමු. ඉගෙන ගත් විදුහල, සරසවිය අනුව බෙදෙමු. ඉදින් මෙලෙස බෙදීම හොදද? සාධාරණද? එහෙම නැතිද?
එසේ නම් අප මුලු පොලවට අයත් මිනිස්සු විය යුතුය, එසේ නැතිනම් අප මුලු සක්වලට අයත් මිනිසුන් විය යුතය. එසේ නොවේද? ඉහත සංවාදයේ කියැවුනු වදන තුලම ගෝත්‍රවාදය වේ. එනම් "දකුණු ආසියානු මිනිස්සු". සත්තු මිනිස්සු නිතරම කුලක ලෙස සිටීමට කැමැත්තෝය. එනයින් ගත් කල මනුසත්තුද තම කුලකයකට වැද ගන්න කැමැති වෙති. එසේ නොමැතිව සිටින්න කියා දහම් දෙසන බටහිරයෝ එලෙස නොවන්නේද? ඇමැරිකානුවෝ, ඉංගිරිසිකාරයෝ, ආදී වශයෙන් ඔවුන් හදුනා ගන්නේ ඇයි? රහත් ඵලයට පත් නොවූ සැවොම තම කුලකය ගැන සිතති. අප රටට, ජාතියට ආදරය කරන්නේ එබැවිනි, පක්ෂයකට මෙලෙස ලැදි වෙන්නේ එබැවිනි.

Subscribe to:
Post Comments (Atom)
4 අදහස් දැක්වීම්:
මෙසෙ ගැටි ගැසිම මනුස්සයා තුල තිබෙන පොදු ධර්මයකි. දකුණු ආසියානුවන් පමණක් නොව යුරොපියන්ද මෙ ආකාරයෙන් වෙ. පැහැදිලිව බලන කල ආසියතික මිනිසුන් තුල තිබෙන්නා වු සංවෙදි බව නිසා තමුන්ගෙ ආරක්ශාව උදෙසා මෙසෙ ගැටි ගැසිම සිදුවන බව පෙනියයි. මිනිසුන් හට තමුන්ට දැරිය නොහැකි අභියොග ඉදිරියෙ මිනිසුන් මෙසෙ එම අභියොගයට ලක්වන මිනිසුන් එකතුකර ගැටි ගසයි. ලොකයෙ කොතනත් මෙසෙය. අපෙ සිටිනා මන්ද බුද්ධික උගතුන් බොහොමයක් පිටරටකට ගොස් යම් දැනුමක් එකතුකරගත් පසුව මෙසෙ වහසි බස් දොඩන බව මගෙ හැගිමයි.
ලෝකය පුරාම මෙවැන්නක් දකින්ට තියෙනවා, නමුත් පොදුවේ ඇතැම් රට කොට්ඨංශවල (ආසියාතීක හෝ බටහිර වේවා දෙපැත්තම) මේ ගතී නැති වී යනවා.
අවාසනාවට අපේ මිනිස්සුගෙන් වැඩි දෙනෙක් මේ තත්වයෙන් වෙනස් වෙන්න තැත් කරනවා වෙනුවට එහීම ඉන්නයි තැත් කරන්නේ, ඒ බව ජනාපතිවරණ කාලවලදී පෙනුනා නෙව?
උබල කියන ඒව පිලිගන්න තරම් අපෙරටෙ මිනිස්සුන්ට හොද අද්යාපනයක් ලබිලා නෑ මචO ලන්කාවෙ සීයට දහයකටවඩා ඔක පිලිගන්නෙ නෑ.office ඉකකට වැඩක් කරගන්න ගියත් එහෙම තමයි ,තමන් අදුරන කෙනෙක් ගෙ වඩක් නම් ඉක්මනට කරගතහැකි ඒ ඌ අපෙ එකෙක් කියන හැගීමනිසා,අපෙ එකෙක් වැරද්දක් කරහම ඌ හරි උනත් වැරදි උනත් අපෙ එකෙක් නිසා ඌව බෙරගන්නවා,ලOකාවෙ ප්‍රශ්න වලට 90% හෙතුව ගොත්‍රවාදය කියලයි මමනම් හිතන්න
මම නම් "ගොත්‍රවාදය" කියලාම හිතන්නේ නෑ, ඒක ගැන මගේ අර්ථ දැක්වීම වෙනස් වගේම මෙතනට අදාලත් නෑ.
ඊට හේතුව දේශපාලන හා සමාජ විපර්යාසයන් එක්ක මිනිස්සුගේ මොළ ගෙඩිවලට ඇතුළු වුණ විෂබීජ හා බලපෑම් තමා ප්‍රධාන හේතුව. Office එක් විතරක් නෙමේ සමාජයේද එහෙම තමා.
නිලන්ත, ඔබ විදේශයක ජිවත් වුණා නම් (විවෘත හා යථාකාරී මනසින් යුක්තව) ඔබටම තේරිවී ඇතැම් දියුණු ආසියානු රටවල් හා බටහිරයන්ගේ සමාජයත් අපේ වත්මන් සැබෑ තත්වයත් ගැන. ඒවායේ බෙදීලි නෑ, තිබුණත් අපේ රටවල තරම් අමන නෑ. විය යුත්තේ මේවා කියන මට හා අනිත් අය බැණිම හෝ සුද්දට බැණිම නොව අපිම වෙනස් වීමයි, බණින ලේබල් ගහනතාක් අපි වලේමයි.
Post a Comment