2010-11-30
වටුවට කොටන කාක්කෝ
2010-11-24
අපේ මොළයේ පේශි ශක්තිමත් කරමු.
අපේ ශරීර යේ මෙන් ම, අපේ මොළයේ ඇති පේශින් ද ශක්තිමත් කළ හැකි බව කියැවෙන ඊ-ලිපියක් මට ලැබුනි. එහි වු කරුණු සැකැවින් ඔබ ගේ ද මගේ ද ඉදිරි ප්‍රයෝජන සඳහා ලියා තබමි.
දිගු හුස්මක් ගන්න. අප සිතා මතා නොවුව ද අපේ හුස්ම ගැනීම සිදු වේ. එසේ ම අවැසි නම් අපට සිතා මතා හුස්ම ගත හැක. ඔබ ගේ කායික සුවතාවයේ වැඩි දියුණුව සඳහා මෙන්ම මානසික සුවතාවය සඳහා හොඳ ගැඹුරු හුස්ම ගැනීමට පුරුඳු වන්න.
හොඳ කතාවක් කියන්න. ඔබ ගේ අත්දැකීම් සිත්ගන්නා සුළු සහ විනෝදාත්මක ලෙස කීමට පුරුදු වන්න. එය ඔබ ස්මරණ ශක්තිය මුවහත් කරණු ලබයි.
දින චරියාව කලතන්න. වැඩපලට යන මාර්ගය වෙනස් කරන්න. වෙනදාට වාඩි ගන්නා විදිහට වෙනස් ලෙස වාඩි ගන්න. ඒකාකාරීව දිනපතා කරන දේ නිරන්තරයෙන් වෙනස් කරන්න. මෙය විසින් ඔබ ගේ මොළයට අවදිව, අවධානයෙන් සිටීන ලෙස පණිවිඩ යැවෙනු ලබයි.
ලියන්න. කෙටි සටහන්, කවි, කතන්දර එසේත් නැතිනම් දිනපොතක් හෝ ලියන්න. එය ඔබගේ සිතීම නිරවුල් කරනු ලබනවාක් මෙන්ම නිර්මාණශීලීත්වය ඔප දමයි. එසේම කේන්තිය දුරලන්න පවා ලියන්න. කෙනෙකුට බණින්න එපා, එය ලියන්න. (මතක ඇතිව බැණපු කෙනාට හසුවීමට පෙර එය විනාශ කර දමන්න)
සිනහසෙන්න. සිනහසීමෙන් සිරුරට නිකුත් වන එන්ඩ්‍රොපින් ඔබ ගේ ආතතය දුරලා දිගු කාලයක් මොළය සුවෙන් තබනු ලබයි. එබැවින් විහිළු බයිස්කෝපයක් වත් බලා සිනහ සෙන්න. (අවැසි නම් බයිස්කෝප් විබ පල වෙත යන්න.)
හොඳ ඉරියව්වකින් හිඳින්න. ඔබ ගේ ලියන මේසයේ උරහිස් කඩාගෙන, මුහුණ එල්ලා ගෙන වැඩ කරන්න එපා. පුටුවේ නියමාකාරයෙන් හිඳ ගන්න. උරහිස් කෙළින් කර වැඩ කිරීමට පටන් ගන්න. හොඳ ඉරියව් ශරීරයේ ලේ ගමනාගමනය ලෙහෙසි කරයි, මොළයට හොඳින් රුධිරය සැපයෙයි. එමඟින් මානසික නිරවුල්තාවයත් මතක ශක්තියත් ඉහළ යයි.
අපේ මොළය සෑදී ඇත්තේ අපව සතුටින් තැබීමට නොවේ. මෙය ඇසූ මම ත් කළබලයට පත් වීමි. නමුත් කියන විදිහට නම් අපේ මොළයේ මූලික වගකීම ලෙස එය දන්නේ අපව ජීවත් කරවීම පමණි. එබැවින් මොළය නිරන්තරයෙන්ම, අනතුරු සහ පහරදීම් ගැන අවධානය යොමු කරගෙන සිටී. අප ගේ මොළය සෑදී ඇත්තේ නිශේධාත්මක දේ ගැන සොයාබලමින් පැවතීම ට ම වේ.
පැණය ඇත්තේ අපට ආදරය, සමෘද්ධිය සහ සතුට අවැසි නම්, ඒවා පිහිටන්නේ සරලවම සුරක්ෂිතතාවයෙන් එපිටය. අප ගේ මොළය මෙහෙයුවේ නොමැති නම් එය නිරන්තරයෙන් සෘණාත්මක සිතුවිලි දවස පුරාම, ජීවිතය පුරාම උපද්දවමින් පවතී. තුන් තේරවිල්ල නම් - අප හිතන දේ, සිදුවන දේ වෙයි. අප ගේ අවධානය යොමු වුවහොත්, ශක්තිය ගලායයි, එය අපේ ජීවිතය එදෙසට ගෙන යයි.
අපට උසස් වීමට අවැසි නම් අපට උසස් වීම ගැන සිත යොමු කරන්නට වෙයි. අපට තත්වය වෙනස් කළ යුතු නම් කුමක් ද හරි සහ වැරදි යන්නෙන් කුමක් නිවැරදි ද යන්නට වඩාත් සිත යොමු කිරීමට සිදු වේවි. එවිට ඒ දෙසට අප ගේ ජවය යොමු වේවි.
2010-09-21
ජැක් ජැක් ප්‍රෝවස්ට්
2010-09-07
පරිබවයට පුරුදු වීම
2010-09-06
විවාහය ගණුදෙණුවක් වන කල් හී ආදරය
2010-09-02
අනුන් වගේ
2010-09-01
ව්‍යාසකාරය
2010-08-22
රෑ ගමනාගමනය
2010-08-15
අවිවේකී ආදරය
2010-08-10
කාය බර දසුන සහ කෑම
2010-08-08
GRUB එක අසමත් වුවහොත් කොහොමද?
Disk /dev/sda: 251.0 GB, 251000193024 bytes 255 heads, 63 sectors/track, 30515 cylinders Units = cylinders of 16065 * 512 = 8225280 bytes Device Boot Start End Blocks Id System /dev/sda1 * 1 13 104391 83 Linux /dev/sda2 14 30384 243955057+ 83 Linux /dev/sda3 30385 30515 1052257+ 82 Linux swap
# dd if=/dev/zero of=/dev/sda bs=446 count=1
# chroot /mnt/sysimage
# grub-install /dev/sda
2010-08-05
අභිමතාර්ත රෝපණය හෙවත් goal implanting
2010-08-04
HIV මඳුරුවන් ගෙන් බෝ වෙයි.
2010-08-03
දැන්වීම් සහ හොර ගෑනු
2010-08-02
සිය දිවි හානි කර ගැනීමේ මහඟු ආදර්ශය
2010-07-30
නපුරු නයා
ඊයේ රෑ නින්දට පෙර දුවනිට කියැවූ කතන්දරයේ වූ යේ නපුරු නයෙක් කාක්කෝ දෙපළක ගේ බිත්තර කන බැවින් එය වලක්වා ගැනීමට කපටි නරියෙකු ගෙන් උපදෙස් ලබා ගෙන රටේ රජු ගේ අග බිසව නාන තොටුපලෙන් මාලයක් ගෙනවුත් නයා ගේ බෙනය ඉදිරි පිට දැමූ පසු රාජ සේවකයෝ අවුත් නයා මැරූ බවට කියැවෙන කතාවකි.
අද උදයේ පෙර පාසල් යෑමට කෑම කවන වේලේ,
"අප්පච්චි, මම තමයි නපුරු නයා" යැයි දුවනි කීවාය.
"ඒ මොකද දුවනි?" මම ඇසුවෙමි.
"ඇයි, අර ඊයේ රෑ කියපු කතාවේ ඉන්න නපුරු නයා" ඇය කියන්නීය.
"හැමෝම කැමති, හොඳ කෙනෙක් වෙන්න නේ, ඇයි ඔයා නපුරු නයා වෙන්නේ?"
"ඉතිං, දැන් මං කන්නේ බිත්තර නේ, ඒ නිසා මම නපුරු නයා"
ඒ වේලාවේ මම ඇයට කවමින් සිටියේ බත් සමඟ බිත්තරයකි. අපූරුයි නොවැ පොඩි වුනත් තර්කය... මම සිතුවෙමි.
2010-07-21
හොඳ ජාතියේ බල්ලෙක්
2010-07-20
බනින්න කෙනෙක්
"ප්‍රභාත් වික්‍රමසිංහ ගේ දුවට ත් ඩෙංගු හැදිලා." කියලා ආරංචික් ලැබුනහම හිත බොහොම සසල විය. ඊට පළමු සතියේ අපි දෙන්නා ත් එකතු වෙලා වටපිටාව පිරිසිඳු කළෙමු. අප ගේ නිවෙස් ලඟ ඉඳි කෙරෙන නව ගොඩනැගිල්ලේ බාස් උන්නැහැලා විසින් රෑට රෑට හිස් කළ අරක්කු බෝතල් සියයකට වඩා කානුවක් අයිනේ තිබී සොයා ගතිමු. අපේ දරුවන්ට ඩෙංගු මඳුරුවා කරන වින්නැහි, ඒ උන්නැහැලාට ගණනක් නැහැ නොවැ.
මඳුරුවෝ හඳන්නේ අපි, උන්ට සැප වාසස්ථාන, තනන්නේ කවුද? අපේ මිනිස්සු. ඒත් කතා කරලා බලන්න එපැයැ, අපේ අයගේ ආදුරුසමත් ජීවිත ගැන. හැමෝම බනින්නේ ආණ්ඩුවට හරි, තව කවුරු හරි මිනිහෙකුට. බ්ලුමැන්ඩල් කුණු ගොඩ ගැන බනින්න කී දෙනෙක් ඉන්නවද? ඒත් කීයෙන් කී දෙනාද, වීදුරු, ප්ලාස්ටික්/පොලිතින් සහ දිරන අප දෑ වෙන වෙනම ඉවත දාන්නේ? සුද්ද කරපු මාළු බොකුයි, පොඩි එකා ගේ අසූචියි, පොලිතින් මල්ලයි, වීදුරු බෝතලයයි එකට දමපුවහම කවුරුද ඕක වෙන් කරලා ප්‍රතිචක්‍රි කරණය කරන්නේ.
මේ ලඟදී අපූරු පුවතක් තිබුනා කොළඹ සරසවි බිමේ, පොලිස් විශේෂ බලකාය ඩෙංගු මර්දන ව්‍යාපාරයක් කරලා, හිස් අරක්කු බෝතල් දුසිම් ගණනක් ඉවත් කළා කියලා. ඒත් උදාහරණයකට දැන් ලඟ ඉන්න කෙනා එක්ක වචනයක් දාලා බලන්න ඩෙංගු වලට වග කියන්න ඕනේ කවුද කියලා. අනිවාර්යෙන්න ම කිහිප දෙනෙකුට පලු යන්න බනියි.
2010-06-29
දකින, ඇසෙන දේ නියම දෙයම නොවේ
2010-06-24
දියුණුව පෙනෙන තෙක් මානේ ද?
2010-06-09
මහජන සේවාවන් අපයෝජනය
2010-05-06
පොල් ලෙල්ලක්
2010-05-03
බසයේ ගමන
2010-04-22
අතීතයේ වැරැද්ද?
2010-03-26
රස වින්දනය
2010-03-25
රැයක් දවාලක් දන්නා බරවා පණුවෝ
2010-03-23
පිරිමියෙක්ද?
ඉංගිරිසියෙන් Hermaphrodite යැයි කියැවෙන්නේ වර්ගය බෝ කිරීම සඳහා ලිංගයන් දෙකම පිහිටීම වේ. ඔය නම ඇවිත් තියෙන්නේ ග්‍රීක මිත්‍යා කථා වල Hermaphroditus නම් සුළු දෙවියෙකු ගේ නමින් නොවැ. ඒකත් අපූරු කථාව.
ඇප්‍රොඩිට් සහ හර්මිස්ට දාව ඉපැදුන මේ දරුවා ඔවුන් ගේ නමින් හර්මාප්‍රොඩිටස් නමින් නම් කෙරුවා ලු. පහලොස් වියේදී කඩවසම් බවට පත් වූ මේ කොළුවා හදා වඩා ගෙන ඇත්තේ ද සුරංගනාවියක් විසින්. ඔන්න ඔය කාලේ දී ඒකාකාරී ජීවිතය ගැන එපා වුන කොල්ලා එහෙ මෙහෙ ඇවිදින්න පටන් අරගෙන තියෙනවා. ඔහොම යද්දී එක්තරා පොකුණකට අරක් ගත්ත සුරංගනාවියක් (අපේ කතා වල තමයි පොකුණු/විල් වලට යක්කු අරක් ගෙන තියෙන්නේ) හමු වෙලා තියෙනවා. ඉතිං මේ සුරංගනාවිට මේ කොලුවා ගැන අදහසක් පහල වෙලා ඔහුව පොළඹවා ගන්න උත්සහ කළත් ඔහු එයට කැමති වී නැහැ. පසුව මේ සුරංගනාවී ගියා යැයි සිතා, හර්මාප්‍රොඩිටස් ඇඳුම් උනා දමා පොකුණට බැස්සා. එහෙත් ගස් වලට මුවා වී සිටි අර සුරංගනාවි එක්වරම පසුපසින් පොකුණට පැණ හර්මාප්‍රොඩිටස්ව බලෙන්ම සිප වැලද ගත්තේ ලු. ඔහු ඇයගෙන් ගැලැවීම ට දඟලන කල සුරංගනාවී ඔවුන් ව වෙන් නොකරන ලෙස දෙවියන් ගෙන් ඉල්ලීමක් කළේ ලු. අපොයි ඉල්ලීම ඉටු විය. ඔවුන් ගේ ශරීර එකතු වී ගැහැණු පිරිමියෙක් ඇතිවිය. ලජ්ජාවට පත් හර්මාප්‍රොඩිටස්, එම පොකුණට බසින හැමෝම එලෙස විය යුතු යැයි ශාපයක් කළේලු.
ඔහොමයි ග්‍රීක කතාව. එතකොට අර මනුස්සයත් ඔය පොකුණට බැස්ස කෙනෙක් ද නැති නම් වැටුන කෙනෙක් ද?
2010-03-18
කැරැලයින් ආච්චි
2010-03-12
චොකා මල්ලී සහ වෙනත් දෑ
2010-03-05
තරඟයට ඇතුල්වීම
2010-03-02
සරණක් වූ ඉරිසියාව
2010-03-01
අවිවේකී, බොහෝ වැඩ ඇති අප
පසු ගිය දිනක ම'සොඳුරිය ගේ අම්මා වැටී අත උලුක්කු වී ඇති බැව් පැවසුවා ය. ඉදින් මාතලේ ගොස් ඇයව බැලීමට නම් නිවාඩුවක් දැමිය යුතුම වෙයි. මසකට ලැබෙන්නේ නිවාඩු දෙක නම්, දියණිය බලා-කියා ගන්නා නැන්දා ට සායනයට යාමට ඒ නිවාඩු කැප කළ යුතු වන්නේය. එක් දිනකින් මාතලේ ගොස් ඒමට නොහැකි බැවින් දින දෙකක් වත් නිවාඩු දැමිය යුතු වන්නේය.
බයිස්කෝප් අඩවියට පින්සිදු වන්නට පසු ගිය දිනක රැයක Cairo Time චිත්‍රපටය නැරඹුවෙමි. එහි වූ දෙබසක කියැවුනේ,
ඇය : - "මම දිනකට පැය 12 ක් පමණ වැඩ කරනවා."
ඔහු :- "මේ මිනිස්සු එතරම් උගත් නැහැ, ඒ නිසා කරන වැඩේ හවස තුනට විතර ඉවරයි, එතැන් පටන් ඔවුන් ජීවිතය විඳිනවා (සතුටු වෙනවා)".
(මතක හැටියට පරිවර්තනය කළේ. චිත්‍රපටියේ ගියේ මේ දෙබසම නොවේ)
2010-02-24
අපේ සමගිය
"මම කවදාවත් හිතුවේ නැහැ, සිංහල මිනිස්සු මේ තරම් හොඳයි කියලා. මම හිතුවේ උන් යක්කු වගේ අපිව මරන්න ම බලාගෙන ඉන්න කොටසක් කියලා".
2010-02-23
දිවට මොකද වුනේ?
2010-02-16
මගේ නියෝජිතයෙක්
2010-02-15
අවතාර් බැළුවෙමි
යම්තම් අමාරුවෙන් අමාරුවෙන් අවතාර් වල හොඳ පිටපතක් බාගෙන, ඔන්න ඊයේ සොඳුරියත්, දුවනියත් සමඟ නැරඹුවා. ඇත්තෙන් ම අපූරු චිත්‍රපටියක්. පසු ගිය දවසක නැරඹූ "Surrogates" නැමැති චිත්‍රපටියද යන්තම් මතකයට ආවා. කවුරුන් කාගෙන් අදහස කොපි කළාද කියලා කියන්න දන්නේ නැහැ. කෙසේ නමුත් ජෙම්ස් කැමරුන් දක්ෂයෙක් ම තමයි. කිසිම තැනකදී ප්‍රේක්‍ෂකයා ට වෙනත් චිත්‍රපටියෙන් එහා අදහසක් වත් එන්න දෙන්නේ නැති විදිහට ඇද බැඳ තබා ගන්නවා. තව කිහිප වරක් වත් බලන්න ඕනේ. බැළුවේ නැතිනම් අනිවාර්යෙන් බලන්න.
2010-02-10
අප ගැන සැලකිලිමත් වීම
2010-02-08
කිරි අම්මාවරුන් ගේ දානය
කෙසේ වෙතත් දුවනිව පාන්දර 4 ට ඇහැරවා ගැනීම තමයි අමාරුව වුනේ. එහෙම ඇහැරවා ගත්තත් ගාථා කවි කියලා ඉවර වෙනකම් එකතැන රඳවා ගැනීම ඊට වඩා අමාරුයි. කෙසේ නමුත් කිරි අම්මාවරුන් ගේ දානය හොඳට සිද්ධ වුනා. ඇත්තටම දානයකට පස්සේ හිතට හරි සහනයක් දැනෙනවා. ඉතිං දුවනි ගේ උපන් දිනයට මෙය හැර සාදයක් පැවැත්වුවේ නැහැ. දුවනි නම් කියන්නේ "අප්පච්චි මේ මගේ උපන් දින දානය" කියලයි. උපන් දින සාදය කියනවා ට වඩා ඒක අපූරුයි කියලයි මට හිතෙන්නේ.
කොහොම වෙතත් උදේ පාන්දර පින්නේ නටලා නැවත දුවනි හෙම්බිරිස්සාවක් සහ කැස්සක් හදා ගෙන. දැන් ආයෙත් කිරි අම්මාවරුන් ගේ දානයක් බාරයක් ගැට ගහන්න වෙලා තියෙන්නේ ඒක හොඳ වෙන්න කියලා. අම්මයි නැන්දම්මයි දෙන්නා එකතු වෙලා දැනටමත් එහෙම කරලා ද දන්නෙත් නැහැ.
2010-02-05
සුද්දට ඊරිසියාද?
නිදහස් ලංකාව කොයිබටද?
2010-02-03
බඩවැටිය හා මූකලාන
2010-02-02
මුද්දරය
(මුද්දර රූප අනුග්‍රහය CEYLON STAMPS නැමැති විබ හරහා ලබා ගතිමි)
2010-02-01
පිරිගණන සහ මැතිවරණ
2010-01-29
විද්දේ ගොනාට වැදුනේ හාවට
2010-01-28
අහෝ, මට අතුරුජාතිකයෙකු විය නොහැකි විය.
2010-01-27
පරාජය
Beyond Frame නම් බ්ලොග් අඩවිය කියන්නේ, "මේ රටේ ඉන්න වන්දිභට්ටයෝ නිසා මුන්ව හදන්න බැහැ ඒ නිසා මා මින් පසු නිහඩ වෙනවා" කියලයි. අර "සාමාන්‍යයෙන් නොකියන කතා | Taboo Subjects" අඩවියේ නම් කියන්නේ මෙරට සිටින නිවට ඡන්දදායකයා පිළිබඳව නොදැනීම ගැන ඔහු කණගාටු වෙන බවය. මේ දෙදෙනා ම කෙස් පැලෙන තර්ක හා විතර්ක ඉදිරිපත් කරමින් අපේ රටේ මිනිස්සු රජුන්ට වන්දිභට්ට කිරීමට උපන් අය නිසා මෙලෙස මහ රජා දිනෙව්වා වැනි යමක් කීමට උත්සහ කරනු පෙනේ. ඔවුන් ගේ ඇත්තේ අන්තර්ජාතික දැනුම නිසා ඒ පිළිබදව වදනක් දෙඩීම පවා ප්‍රයෛමේටාවන් ගේ සිට මහා පිපිරීම දක්වා වූ නොයෙකුත් න්‍යායන් සහ ප්‍රමේයයන් වලින් දමා ගැසීමට ඉඩ සැලසෙනවා ඇත. එහෙත් සාමාන්‍ය සමාජය ඇසුරු කොට දැනුමක් එකතු කොට ගෙන සිටින මට නම් හිතෙන්නේ මේ ඡන්ද හෝදාපාලුවට හේතු වූයේ කාන්තා ඡන්ද පදනම බවයි. පැයකින් අරූ හිරේ දානවා, අරූ, මූ, කලවැද්දා, පාහරයා, මනස නිරවුල් වෙන්න පොඩ්ඩක් මද්‍යසාරය ටිකක් ගන්න ඕනේ.... ආදී වශයෙන් වූ කතා පිරිමින් ගේ ප්‍රමෝදය ට හේතු වුවත් කාන්තාවන් එයින් සසල වෙන හැටි මම ගෙදර දොරදී පවා අත්දැක්කෙමි. ඇත්තෙන්ම ගාර්දිහේවා ලාල් ගේ පස්සේ ගිය බොහෝ අය වැපුරුවේ තරහව ම පමණයි. ජවිපේ වෙබ් අඩවියක් වූ (පසුව එජාප වූ) www.lankatruth.com හී වු අදහස් දැක්වීම් (comments) වල වූයේ නපුරම පමණකි. beyond frame කිසි දිනක විබ (web) හරහා සතුට බෙදා හැර නොමැත. එහි වූයේ කේන්තියෙන් දෙස් දෙවොල් තබන අනාත වූවෙකි. මම ජෙනරාල් ෆොන්සේකා ගේ පරාජයෙන් සතුටු නොවෙමි, මක් නිසාද යත් මහින්ද රාජපක්‍ෂ මෙන්ම රට අද ස්ථාවරයක වේද එතැනට ගෙන ඒමට ඔහු ද කැප වූයේය, ක්‍රියා කළේය. එහෙත් මම නපුර, තරහා, කේන්තිය, වෛරය පරාජය වීම ගැන ඉමහත් සේ සතුටුවෙමි.
2010-01-20
කරෙන් බැහැපු සොල්දාදුවා
කිසිදු බියක් සැකක් නැතිව ලංකාව තුල සංසරණයට අද ඉඩ තිබෙන්නේ වායු සමීකරණ කාමරයේ සිට වුවද ජනාධිපතිතුමන් වෙනත් රටවලින් එන බලපෑම් මැඩපවත්වමින් ත්‍රස්ත මර්ධනයට වායු සමීකරණය කළ කාමරයේ වූ ගෝඨාභය ට සහ වායු සමීකරණය කළ කාමරයේ සිටි සරත් ෆොන්සේකාට ඉඩ දීම නිසයි. සරත් කියන්නේ මේ යුද්දේ දිනුවේ ඔහු බවයි. රජය කියන්නේ ජනාධිපති විසින් යුද්ධය දිනූ බවයි. මෙය ඇත්තද? යුද්ධය දිනුවේ, ජනාධිපතිද? නැහැ, ඔහු විසින් හමුදාපතිට අණ දුන්නා යුද්ධය කරන ලෙසට. එසේ නම් යුද්ධය දිනුවේ එවකට හමුදාපති සරත් ෆොන්සේකාද? ඒත් නැහැ, ඔහු විසින් අණ දුන්නා සේනාංකාධිපතිවරුන්ට. එසේ නම් එය දිනන්න ඇත්තේ සේනාංකාධිපති වරු වෙන්න ඇති. ඒත් නැහැ ඔවුන් විසින් ඒකක, බලඝණ, ඛණ්ඩ ආදී වශයෙන් සෙබළුන්ට අණ දුන්නා යුද්ධ කරන ලෙසට . එකා පිට එකා මැරෙමින් මේ යුද්ධය දිනුවේ ඔවුන් ය. සමහර විටක දින ගණන් කුසට අහරක් නැතිව, බූට් යුවල් තුල කකුල් තැම්බී කුණු වී වේදනා විදිමින්, වැස්සට තෙමෙමින්, සතුරු වෙඩි පහරක් ගණනේ කඳ පොළොවේ ගසමින්, තම දූ දරුවන්, සොඳුරිය ඇකයට ගත නොහැකි සොවෙන් වෙලෙමින්, සතුරු බිමේ තුවාල ලබා දින ගණනක් ලේ ගොස් මියෙන තෙක්ම තම අනාගතය ගැන තැවෙමින්, මිය ගිය තුවාල වුනු, වාසනාවට හා දක්ෂකමට තවමත් ජීවත්වෙන ඒ සොල්දාදුවාටයි මේ ජය අයිති. ඉක්මනින් ත්‍රස්තවාදය නිමවා මේ සමාජය සතුටින් ඉන්න සැටි බලන්න ගෙදර එන්න කැසකැවූ ඒ සෙබළාටයි මේ ජය අයිති. එහෙත් දැන් මේ සමාජයම "ඒයි සොල්දාදුවා දැන්වත් කරෙන් බැහැපිය" කියයි.
2010-01-19
ආදර සොදුරිය
"ඔයා ඉස්සර වගේ ම මට ආදරෙයි ද?"
"නැහැ" මම පිළිවදන් දෙමි.
"ඇයි ඒ?" ඇය වික්ෂිප්තව හිස ඔසවා මා දෙඇස් දෙස බලන්නීය.
"ඉස්සරට වඩා ආදරෙයි"
2010-01-18
සමානාත්මතාවය
2010-01-17
ගෝත්‍රවාදී වීම හොඳද? නරකද?
එසේ නම් අප මුලු පොලවට අයත් මිනිස්සු විය යුතුය, එසේ නැතිනම් අප මුලු සක්වලට අයත් මිනිසුන් විය යුතය. එසේ නොවේද? ඉහත සංවාදයේ කියැවුනු වදන තුලම ගෝත්‍රවාදය වේ. එනම් "දකුණු ආසියානු මිනිස්සු". සත්තු මිනිස්සු නිතරම කුලක ලෙස සිටීමට කැමැත්තෝය. එනයින් ගත් කල මනුසත්තුද තම කුලකයකට වැද ගන්න කැමැති වෙති. එසේ නොමැතිව සිටින්න කියා දහම් දෙසන බටහිරයෝ එලෙස නොවන්නේද? ඇමැරිකානුවෝ, ඉංගිරිසිකාරයෝ, ආදී වශයෙන් ඔවුන් හදුනා ගන්නේ ඇයි? රහත් ඵලයට පත් නොවූ සැවොම තම කුලකය ගැන සිතති. අප රටට, ජාතියට ආදරය කරන්නේ එබැවිනි, පක්ෂයකට මෙලෙස ලැදි වෙන්නේ එබැවිනි.
2010-01-13
දුවනි ගේ ළදරු පාසල
2010-01-08
ජාතික හැදුනුම්පත
"ඇයි, මහත්තය ට රියදුරු බලපත්‍රයක් එහෙම නැතිද?" ඇය විමසුවාය.
මම තිබෙන බව කීවෙමි.
"එහෙනම් ඡන්දය දාන්න බාදාවක් නැහැ නේද?" ඇය කීවාය.
"නැහැ, ඡන්දය දාන්න නෙමේ, මේ වෙනත් වැඩ වලටත් අඩුම ගානේ ඡායා පිටපතක් වත් දෙන්න මේ දීලා තියෙන කොල කෑල්ලෙන් බැහැනේ?" මම පිළිවදන් දුනෙමි.
ඇය හැඳුනුම් පත් දෙපාර්තමේන්තුව ට ගොස් විමසා බලන ලෙස කීවාය. එහිදී පිරිගණනයෙන් ලැබුනු පතක් ගෙන අදාල ලිපිකරු හමු වීමි. ඔහුට පොඩි හිසේ කැක්කුමක් ඇති බැවින් මඳක් පමා වෙන බව පැවසීය. ටික වේලාවකින් පැවසූයේ, තව සති දෙකකින් හෝ තුනකින් හැදුනුම් පත තැපෑලෙන් ලැබිය හැකි බවත් එසේ නොමැති නම් රු. 500/- ගෙවා එක් දින සේවාවෙන් ලබා ගැනීමට අයදුම් කරන ලෙසත් ය. හරක් කුවිතාන්සිය වගේ කිසිදු දෙයකට ඉදිරිපත් කළ නොහැකි කොල කැබැල්ලක් තබාගෙන සිටීමෙන් විඩාවට පත්ව සිටි මා හට එක් දින සේවාවට යාම හැර කළ හැකි කිසිවක් නොවීය.
මෙහි දී මට පැණ නැගුණු පැණය නම් රු. 500/- දිනකින් කළ හැකි දේ. අඩුම තරමේ මාස හයකින් වත් කළ නොහැක්කේ මන්ද යන්නයි. එක්කෝ අපේ රාජ්‍ය සේවයේ වැරැද්දක් ඇත, නැති නම් අපේ වැරැද්දක් ඇත.
එක් දින සේවාව කෙසේ වෙතත් අද 12 පසුව හැඳුනුම්පත ලබා ගැනීමට පැමිණෙන ලෙස හැන්දෑවේ 4 ට පමණ මා හට පැවසිණි.
2010-01-06
දෙස් පලුවට දෙවිවරු සොයන මිනිස්සු
දේස පාලනය ට දඟලන අය දෙසයි මේ දින වල කාගෙත් ඇස් යොමුව. වංචා, දූෂණ, හොරකම් නැති ජනාධිපතිවරයෙකු පත් කරගන්න තමයි හැමෝගෙම පොදු අපේක්‍ෂාව. දැන් අපි බලමු කොහෙද ඔය කියන (අපේක්‍ෂා කරන) මිනිස්සු ඉන්නේ. කිසිම හොරකමක්, වංචාවක්, පංච දුෂ්චරිතය කිසි කලක කළ නැති කෙනෙක්. මෙලොවින් නම් හොයා ගන්න නැහැ. වංචා කරන මිනිස්සු, හොරකම් කරන මිනිස්සු හොයන්නේ එහෙම නොකරන ජනාධිපති වරයෙක්. කවදාවත් වංචාවක්, බොරුවක් නොකරපු ජනාධිපති කෙනෙකු ශ්‍රී ලංකාවේ හෝ වෙනත් රටක බිහි වෙලා තියෙනවද? ඉතිං ඉදිරියටත් එවැන්නෙක් බිහි වෙයි කියලා හිතනව ද?