2010-02-05

නිලන්ත පියසිරි විසින් 15:49 පැයට
2

සුද්දට ඊරිසියාද?

අපේ රට හුරගෙන කාලා, අපේ මුතුන් මිත්තන් සුන්නත්දූලි කළ සුද්දා එක්ක මා තරහද කියලත් අහනවා. අපේ වගේ රටවල් යට කරගෙන මුතුමැණික්, ඇත් දල සොරකම් කොට, කැලෑ සිඳ තේ කෝපි වවා සාරය උරගෙන බීපු සුද්දොත් එක්ක මා තරහද කියලත් අහනවා. සුද්දෝ පොහොසත් සහ උගත් නිසා උන් එක්ක ඊරිසියාද කියලත් අහනවා. උන් කොහොමද පොහොසත් උනේ කියලා අපේ "පොරවල්" අහන්නේ නැහැ නොවැ. උන් පොහොසත් උනේ හොරකම් කරලා, කොල්ල කාලා නැතිව ඒ කාලේ අපිත් එක්ක වෙළදාම් කරලද? තවමත් නොසැලී තියෙන උන්ගේ විදෙස් සංචිත වල ගොඩ ගැහිලා තියෙන්නේ අපේ රටවල සාරය තමයි. නියෝග වලට අවනත නොවූවන් ගේ ගම් පිටින් විනාශ කරපු, කඩු තුඩේ ළමුන් ඇමුණූ උන් ගේ මුණුබුරෝ අපට මානව හිමිකම්, සර්‍වසාධාරණය ගැන බණ දෙසනවා. එතකොට අපට කේන්ති එන්නේ නැතිද? අපව හප කර දමා ගිය පසුත් අපෙ ඒ මතින් වුවද නැඟී සිටින්නට උත්සහ කරමු. සැබෑ නිදහස එයයි. අපට එය කළ හැකයි.

2 අදහස් දැක්වීම්:

සරත් ගුණතුංග said...

නිලන්ත මහත්මයා, කරුණාකර මේ සටහනත් බලන්න.

http://sgunatunga.blogspot.com/2009/02/blog-post.html

නිලන්ත පියසිරි said...

සරත් ගුණතුංග වෙත: ඔබ ගේ මේ සියළුම ලිපි මම එකල කියවා ඇත්තෙමි. ඒවා කෙතරම් වටීද කියා නොකිව යුතුය. ඔබ දැන් ලිපි නොලිවීම ගැන දැනුදු කණගාටු වෙමි. දිගටම ලියන්න. ඒවායින් කෙතරම් දෙනෙක් පලප්‍රයෝජන ගනු ඇතිද? ඇත්තෙන් ම මා ලීවාට වඩා දෙයක් ඔබ ගේ ලිපියේ ඇත. පසු ගිය නිදහස් දිනය ගැන ඔද වැඩි ලියූ මා ලියූ ලිපියකි මේ.