2010-02-02

නිලන්ත පියසිරි විසින් 10:22 පැයට
2

මුද්දරය

අපේ අම්මලා (සොඳුරිය ගේ සහ මගේ) මේ මස දිනක දඹදිව චාරිකාවේ යෙදීමට යොදා ගෙන ඇත. එහි ගෙන යා යුතු බඩු මුට්ටු ලැයිස්තුවක් එම ආයතනය විසින් ලබා දුන් අතර එය සොඳුරි ගේ මවට යැවීමට ලියුම් කවරයක් සහ මුද්දරයක් රැගෙන එන මෙන් මා හට අණක් ලැබුණි. හැමෝම දැන් ඊ-ලිපි සහ වෙනත් සන්නිවේදන විධි භාවිතා කළාට ලඟකදී කාටවත් ලියුමක් යැව්වාද? 
මගේ අප්පොච්චියේ, මේ මුද්දරයක් හොයා ගන්න තියෙන අමාරුවක්. ඊයේ හැන්දෑවේ 5 පමණ පටන් 6 පමණ වනතෙක් පොත්සැල් වල සිට කුඩාම කඩ දක්වා සියල්ලේම සෙවූ මුත් මුද්දරයක් නම් සොයා ගත නො හැකි විය. අඩුම තරමේ බොරැල්ලේ ප්‍රධාන තැපැල් හලේ පවා මුද්දර නොමැත. ඔවුන් කියන්නේ තැපැල් කළ යුතු ලියුම ගෙන ආවොත් යම් යන්තරයකට දමා මුද්‍රාවක් තබා යැවිය හැකි බවය. කෙසේ වෙතත් අවසානයේ යාළුවෙකු ගේ පසුම්බියේ තිබී මුද්දරයක් සොයා ගත හැකි විය. ඉස්සර අප කුඩා කාලයේ මුද්දර එකතු කිරීම මහත් ජනප්‍රිය විනෝදාංශයක් ව තිබුණි. දැන් නම් එවැන්නක් ගැන අසන්නට වත් නොලැබෙන්නේ මුද්දර නැති නිසා විය යුතුයි. ඇත්තෙන්ම ලියුම් කවරයට කෙලින්ම මුද්‍රා තැබීම නිසා ඒ ලස්සන මුද්දර වියැකී යාම හිතට යම් දුකක් ඇති කරයි.

(මුද්දර රූප අනුග්‍රහය CEYLON STAMPS නැමැති විබ හරහා ලබා ගතිමි)

2 අදහස් දැක්වීම්:

ශාකුන්තල | Shaakunthala said...

දැං තියෙනවනේ ඉලෙක්ට්රොනික මුද්දර... Yahoo mail වලින් ඊමේලක් යවද්දි ඒකෙ අග තියෙන්නේ Yahoo එකෙන් දාන පොඩි ඇඩ් කෑල්ලක්... ආං ඒක තමා....

හැබැයි පරණ තැපැල් මුද්දර වල තියෙන සුන්දරත්වය ඊමේලෙ නෑ...

නිලන්ත පියසිරි said...

@ ශාකුන්තල - "ඉලෙක්ට්‍රොනික මුද්දර" ඒක නම් අපූරු අදහසක් තමයි.