2010-02-01

නිලන්ත පියසිරි විසින් 10:35 පැයට
7

පිරිගණන සහ මැතිවරණ

දැන් පාරේ තොටේ හැමතැන ම අළුත් ම කතා බහ පිරිගණන යොදා සිදු වූ මැතිවරණ හොරකම ක් ගැනය. මැතිවරණ වලදී පිරිගණන යෙදවෙන්නේ කොහොමද? ඇත්තෙන් ම පසු ගිය ජනාධිපතිවරණයට, අපේ මැතිවරණ කොමසාරිස් කාර්යාලය (මැතිවරණ දෙපාර්තමේන්තුව) විසින් තැපැල් චන්ද තෝරන්නට එවන්නට යෙදුනු සංයුක්ත තැටිය දුටුවා ද? මා නම් සිතන්නේ එය "නිදහස් මුදුකාංග" (Open source software) සමඟ තරහා අය විසින් සාදන ලද්දක් ලෙසයි. මට  ජන්ද හිමි නාම ලේඛණයේ අදාල අංකය සොයා ගැන්මට  මගේ ලිනුක්ස් පෙට්ටියේ තිබුණු දන්න හැම දෙයක් ම කළෙමි. pdf ගොනු කේතාංකනය කොට (encrypt) තිබුණි. පසුව ජනෙල් පෙට්ටියක් සොයා ගෙන යන්තම් තැපැල් චන්ද අයදුම්පත පිරවූවෙමි. 
දැන් එතකොට මොකක්ද මේ කතාව. මේ කතාවේ උත්සහය තමයි තොරතුරු සහ සන්නිවේද සිල්පය නොදන්නා ලක්වැසියා අන්දමන්ද කිරීම. හොදයි, ඔබ කැමැති නැතිද චන්ද පොළට ගොස් ඇඟිලි සළකුන තබා තම කැමැත්ත පළ කරන්න? (ඇඟිලි නැති කෙනා ගැන පස්සේ හිතමු) මුළු ක්‍රමයම කාර්යක්‍ෂම කරන්න කැමැති නැතිද? අපේ රට ඒ වගේ තැනකට  ගෙනෙන්න  උවමනායි.  නමුත් දැන් මේ වගේ කතාවයක් පැතුරුනහම මොකද වෙන්නේ. තොරතුරු තාක්ෂණය (සිප්ලකුව) ගැන හැමෝම සැක හිතනවා, එමඟින් හොරකම් කරන්න පුළුවන් කියා සිතනවා.  කවදාවත් ම මේ තිබෙන අකාර්යක්‍ෂම ක්‍රියාවලිය බිඳ දමන්න බැරි වෙනවා. 
තොරතුරු තාක්‍ෂණය (සිප්ලකුව) කියන්නේ චන්ද නාමලේඛණ වෙනුවට සංයුක්ත තැටි යොදා ගැනීම නොවේ නේද? අපට මෙයට වඩා ඉදිරියට යා හැකියි. ඒත් මේ ගැන නොදන්නා යොදා නොගත් පිරිගණන තාක්ෂණයක් (සිප්ලකුවක්) ගැන කතා කිරීම හරහා මිනිසුන් මෝඩයාට ඇන්ද වීමට වඩා ඉදිරියට එන්න තිබෙන ක්‍රමයක් මොට කිරීමක් සිදු වුන බවයි මගේ අදහස.

7 අදහස් දැක්වීම්:

Narada said...

ඔබ කියන දේ පැහැදිලි මදි අතර පිරිගණන යනු කුමක්ද? පරිගණකයද?

"එතකොට මොකක්ද මේ කතාව. මේ කතාවේ උත්සහය තමයි තොරතුරු සහ සන්නිවේද සිල්පය නොදන්නා ලක්වැසියා අන්දමන්ද කිරීම. හොදයි, ඔබ කැමැති නැතිද චන්ද පොළට ගොස් ඇඟිලි සළකුන තබා තම කැමැත්ත පළ කරන්න? (ඇඟිලි නැති කෙනා ගැන පස්සේ හිතමු)"

ඇඟිලි නැති කෙනාට වෙනත් ක්‍රමවේද තියෙනවා. සම්ප්‍රදායක ක්‍රමයේදී අත් නැති අය, අකුරු නොදන්න අය දාන්නේ කොහොමද?


කැමති අයට ප්‍රතිකාවේ දාන්නටත් නැත්නම් ඉලෙක්ට්‍රෝනිකව දාන්නටත් පුළුවන් වෙන්න ඕනේ. ඒක වෙනත් රටවලත් තියෙනවා.

නැවතත් කියන්නේ මට නම් ඔබ කියන දේ පැහැදිලි නෑ.

නිලන්ත පියසිරි said...

පිරිගණනය - computer
පිරිගණියැකි - computable

පිරිගණන ආධාරයෙන් චන්දය දමන ආකාරය ගැන නොවේ මා මෙහිදී කියන්න උත්සහ කළේ. ඇස් පෙනෙන්නේ නැති අයට, අත් නැති අයට ආදී වශයෙන් ඒ ඒ අයට චන්දය දීමේ ක්‍රම ගැන පසුව සිතිය හැකියි. නමුත් මා උත්සහ කළේ "පරිගණක හොරකමක් මඟින් චන්දය වෙනස් කොට චන්දය දින්නා" කියන කතාව මඟින් තාක්ෂණය සම්බන්ධව සාමාන්‍ය මිනිසුන් සැකයෙන් සහ බියෙන් බලන්න පෙළඹවෙන බවයි.

බුද්ධික said...

පිරිගණන කොහේ වචනයක් ද? :/

රොකියා | Udara said...

මම හිතන්නෙ ඒක ටයිප් කරනකොට වෙච්ච අතපසු වීමක් විය යුතුටි.
නැතුව පිරිගණනය කියල වච්නයක් සිංහල භාෂාවේ නැත.

නිලන්ත පියසිරි said...
This comment has been removed by the author.
නිලන්ත පියසිරි said...

http://sinhala.linux.lk/w/index.php?title=පිරිගණනය

නිලන්ත පියසිරි said...

සියළු ගරු බුහුමන් ඇතිවම කියමි, නොදන්නා දෙයක් එක පාරටම නැහැ කියන්න එපා. සිංහල බසේ අප නොදන්නා වදන් කෙතෙක් නම් තිබිය හැකිද?

http://sinhala.linux.lk/wiki/Computer