2010-02-16

නිලන්ත පියසිරි විසින් 12:53 පැයට
2

මගේ නියෝජිතයෙක්

දැන් දැන් හිතට එන දේවල් ලියන්න පළමුව පෙරහන් කරන්න වෙලා නොවැ තියෙන්නෙ. මක් නිසාද යත් "සිංහල බ්ලොග් කියවනයේ" දේශපාලන කොටසට මගේ වියමනත් වැටුනොත් යන සිතුවිල්ල නිසා. කෙසේ වෙතත් මිනිසා "දෙස්පලු සතෙක්" ලෙස ඇරිස්ටෝටල් පඬිතුමා කීවේ (human beings are by nature "political animal" -Aristotle) මේ අප දකින/අහන දේසපාලනේ ගැනමද කියල නම් සැකයි. 

දැන් අපට රට කරනවන්න යන්න වෙලාවක් නැති නිසා නොවැ අපේ නියෝජිතයෙක් මැති සබේට යවන්නේ. අපේ හැම ගැටළුවක් ම, අවැසිතාවයක් ම රටේ අනෙක් මිනිස්සුත් එක්ක කතා කරන්න වෙලාවක්, හැකියාවක් නැති නිසා ඒ ඒ මිනිස්සුන් ගේ නියෝජිතයෝ එක තැනකට ගෙනල්ලා කතා කරලා හැමෝට ම සෙතක් සැලසීම තමයි ඉතින් මැති සබේ අරමුණ. ඔය මැති සබේ ආසන 225  (196 චන්දෙන් + 29 ලැයිස්තුවෙන්) තියෙන්නේ ඒ ඒ නියොජිතයට ලංකාවම ආවරණය පරිදි නියෝජනය කරන්න අවස්ථාව ලැබෙන්න. පසු ගිය දවස්වල කතාවක් පැතුරුණා ලක්ෂ දහයක විතර අළුත් චන්ද කරලියට පැමිණ ඇති බවත් ඒ චන්ද හැසිරෙන ආකාරය අනුව දිනුම පැරදුම තීරණය වෙයි .. ආදී වශයෙන්. දැන් එතකොට ඔය ආකාරයට අළුතෙන් ලාංකිකයෝ චන්ද පදනමට එකතු වෙන කොට මැති සබේ ඉන්න ඒ අය ගේ නියෝජිත ප්‍රමාණය වැඩි නොවිය යුතුද? මා දන්න තරමින් නම්  1972 ට පෙර තිබුණු රාජ්‍ය මණ්ත්‍රණ සබාවෙත් ආසන 168 තිබී ඇත. ලාංකික ජනගහනය එතෙක් මෙතෙක් කෙතරම් වැඩි වී ඇතිද? ඒ හා සමානව අපේ නියෝජිතයෝ වැඩි වී නැහැ නොවැ. ඒ විතරක් නොවේ අප පත් කරන නියෝජිතයා සමහරවිටෙක අප ජීවත් වන පෙදෙස ගැනවත් දන්නේ නැහැ නොවැ.

අපි හිතමු ලාංකික ජනගහනයට පර්යායව නියෝජිතයෝ වැඩි කළා කියලා. කුමක් වේවිද? දැනට ඉන්න මැති සබෙන් අඩකට වඩා ඇමැත්තෝ වූ කල, මැති සබේ රැස් වන එක් සැසියකට ලක්‍ෂ 15 වැය වන කල, මා නොදන්නා මගේ නියෝජිතයා වෙනුවෙන් මට කෙතරම් වියදමක් දැරිය යුතු වේවිද?

2 අදහස් දැක්වීම්:

Sandun Dasanayake said...

මචෝ මේ ඉන්න ගානත් ඕනෑවට වැඩියි ව‍ගේ. තව වැඩි උනොත් නියමෙට හිටියි.

Malith said...

හපෝ පිස්සු කතා කරන්න එපා ඉන්න එවුන් ටිකත් වැඩිවෙලා ඉන්න එකේ, පුලුවන් නම් අඩුකරන්න ක්‍රමයක් කල්පනාකරනව මිසක් වැඩිකරන ඒව ගැන නම් හීනෙකින් වත් හිතන්න එපා :D