2010-02-23

නිලන්ත පියසිරි විසින් 17:25 පැයට
3

දිවට මොකද වුනේ?

අපේ කුඩා දුව දිවා කල රැක බලා ගන්නා නැන්දා, ඇය ගේ වත්තේ වෙරළු ගසේ අතු කපා ඉවත් කළේ යැයි කියා අමු වෙරළු මල්ලක් ම ගෙදර ගෙනැවිත් තිබුණි. එය දුටු වහාම කුඩා කල මේවාට දැක්වූ පෙරැත්තය විසින් මා නො දැනුවත් ම වෙරළු අහුරක් අත රැඳැවිනි. වෙරළු ගස් වලට පොලු ගසා, ගල් ගසා ගෙඩි එකක් දෙකක් නෙලා ගන්නා අප ඒවා රස කරමින් කෑවේ කෙතරම් ආශාවෙන් ද? සමහර විටෙක ලුණු කැටයක්, ගම්මිරිස් ඇටයක් සමඟ තළු මරමින් කෑවෙමු. වැඩියෙන් වෙරළු කැඩුවේ නම් තලා අච්චාරු දැමුවෙමු. ගහක්, මුලක් යටට වී යහළුවන් සමඟ කෙතරම් කැමැත්තෙන් මේවා කෑවෙමුද?
මේ සියල්ල මතක් කොට වෙරළු ගෙඩියක් කටේ දමා ගතිමි.
"මගේ අම්මෝ, මේකෙ ඇඹුල්".....
මම කොහොමද මෙච්චර ඇඹුල් වෙරළු 20-30 ක් දත් හිරි වැටෙන තුරු ඒ දවස් වල කෑවේ. අපොයි. මගේ දිවට මොකද වුනේ?

3 අදහස් දැක්වීම්:

Anonymous said...

මටත් ඔහොම හිතිලා තියෙනවා අප්පා.. පුංචි කාලේ කොහොම ඇඹුල් කෑවද කියලාත්..

Anonymous said...

අබුද්දස්ස කාලේ
ලබුත් තිත්තලූ රාලේ

කවුද දන්නේ දිව වෙනස් ද වෙරළූ වෙනස්ද කියල වෙනස් වෙන ලෝකෙ ............

සරත් ගුණතුංග said...

ඔබේ දිවට කිසිවක් සිදු වී නොමැත. තවමත් තුරුණු වියේ පසුවන ඔබගේ රසාංකුර කුඩාකල මෙන්ම අදටත් සක්‍රිය වී ඇත. කුඩාකල ඇඹුල් රසය ප්‍රියකල ඔබගේ මනස අද තුරුණු වියේ සිටින ඔබගේ මනසට වඩා වෙනස්ය. වෙනස එපමනය.