2010-06-24
නිලන්ත පියසිරි විසින් 15:04 පැයට
දියුණුව පෙනෙන තෙක් මානේ ද?
මේ දිනයන් හී මෙහි සටහන් තැබීමට නොහැකි තරමට ම පාහේ හිත නොසන්සුන් ය. මීට පෙර තැබූ සටහනේ පරිදි තවමත් ඒ පැණය විසඳී නොමැත. එය විසඳීම සඳහා උපදෙස් ලබා දුන් සැමටම තුති. නමුත් අද මගේ සටහන ඒ පිළිබඳ නොවේ. නීතිය රකින ආයතන විසින් පුරවැසියනට ලබා දෙන ආරක්‍ෂාව කෙසේද ගැනයි. අතිශය දූෂණයට ලක් වූ ආයතන ගැන කථා කිරීමේදී හැමෝම පොලීසිය දෙසට ඇඟිල්ල දිගු කරති. එහෙත් එය එයින් මුදවා ගැනීමට ලාංකික සමාජය කිසි සේත් උත්සුක නොවෙති. බොහෝ අය "පොලීසියෙන් ඔය වැඩේ කරවා ගන්න බැහැ, වෙනත් විදිහක් බලන්න" යැයි උපදෙස් දෙති. එහෙත් නීතිය හා සාමය රැකීමට මහජන බදු මුදලින් නඩත්තු වන ආයතන "ඕනෑ විදිහකට තිබුණ දෙන්" කියා අමතක කර දැමීම පුරවැසි වගකීමක් ද? පොලීසියට නීතිය රැකීම සඳහා ආණ්ඩුවෙන් වියදම් කරන්නේ නැතිද?
අප පොලිසියට ගොස් යම් අයෙකුගෙන් අපට කරදරයි කියා පැමිණිලි කළ විට පොලිසිය කරන්නේ, "මෙන්න මේ ලියුම ඒ මනුස්සයාට ලියාපදිංචි තැපෑලෙන් යවන්න" කියා ලිපියක් ලබා දීමයි. එයින් අදහස් කරන්නේ පොලිසියට ලිපියක් ලියාපදිංචි කීරීමට මුදල් ප්‍රතිපාදන ලැබෙන්නේ නැහැ කියාද?
විටෙක ඇමති කෙනෙකු පුවත් පතකට කියා තිබෙනු දුටුවා යම් ආයතනයක් දූෂණයෙන් දෙවෙනි වන්නේ පොලීසියට පමණක් බව. එසේ නම් වැටී තිබෙන පොලිසිය කෙලින් කරන්නේ කවුරුද?
Subscribe to:
Post Comments (Atom)
0 අදහස් දැක්වීම්:
Post a Comment