2010-05-03

නිලන්ත පියසිරි විසින් 14:39 පැයට
5

බසයේ ගමන

අම්මෝ අද නම් උදේ බසයේ ආවා නෙවේ, බසය උස්සන් ආවා වගේ. PT පාරක් යන්න නම් දැන් උපරිම සූදානම්, ඔක්කොම stretching කරලා ආවා වගේ තමයි. ඒ අස්සේ බස් පලුවා රු. 20/- අරගෙන මුණ දිහා බලලා ඉස්සරහට ගියා ඉතිරි නොදී. ඔය සෙනඟ ගොඩේ ඉස්සරහට යන්න පුළුවන් ඌට ම තමයි. දැන් කොහොමද, ඉතිරි ඉල්ලනේ. පස්සේ ඉල්ලන්න හිටියොත් ඉන්තේරුවෙන්ම අමතක වෙනවා. දැන් මොකද කරන්නේ කියලා හිතන කොටම එකෙක් මාවත් අරගෙනම බස් එකෙන් බහින්න උත්සහය. බොහොම අමාරුවෙන් පොල්ලේ එල්ලිලා හිටියා. හොඳ ගානට අත ඇදුනා. කොහොම හරි බහින හරියට එනකොට හැමෝම බැහැලා ඉවරයි. බස් පල්ලා මාව මතක නැහැ වගේ ලඟින් යනවා. 

"කෝ ඉතිරි" මං ඇහුවා.

"කීයද මහත්තය දුන්නේ?" කොන්දොස්තර තොත්ත බබා දැන් ඉපදුනා චගේ.

"රු. 100/- නේ දුන්නේ?" මාත් ඇඟට පතට නොදැනී කිව්වා.

"රු. 100/- කොහෙද මහත්තයා, රු. 20/- දුන්නේ?" කොහොමද උන්දෑ ගේ මතකය. ලඟින් යන්නේ නම් මෙලෝ දෙයක් මතක නැති අංඟ විකලයෙක් වගේ.

"මතක නම් ඇයි අහන්නේ?, මට මතකද කියලා බලන්නද? මෙන්න මෙහෙ ඉතිරි දෙනවා."

උදේ හවස මේ ව්‍යායාම ටික ඇති, දවල් බතේ තෙල් ටික පිච්චෙන්න. ඒකයි බසයේ ගමනේ හොඳේ. 

5 අදහස් දැක්වීම්:

.::පිස්සා::. said...

ඔව් හොද ව්‍යායාමේ..

HimidiriLanka බ්ලොග් කියවනය said...

අපේ පැත්තේ සෙනග වැඩි කඩවල් වලනම් කොල්ලෝ 50 දිලා 100 දුන්නා කියලා අර දුන්න 50 වැඩියෙන් අරගෙන යන අවස්තා එමටයි

indi said...

බලාගත්තු අත බලාගන නිකාම්ම ඔහෙ යනවට වඩා මොනාහරි ආතල් එකක් දීගෙන යන අපේ බස් කලාවෙ අගේ තේරෙන්නෙ ගුවන් ගමනක් සෙට් උනොත් තමා.....කට්ටියට

පිස්සා පලාමල්ල said...

මාත් ඉස්සර කරල තියෙනව ඔය වගේ වැඩ. හික් හික්.. අපෙන් කොඉ තරම් ඉතෘ අමතක වෙන අවස්තා තියෙද ??

Kasun Nadeeshana said...

නියම වැඩේ මටත් ඕක අන්තවත් වෙලා තියෙනවා.