2012-11-09

නිලන්ත පියසිරි විසින් 15:37 පැයට
17

මෙහෙමද යකෝ බටු උයන්නේ....?

මේක මට සිදුවුනු බොහොම පරණ සිද්ධියක්. මේ ලඟදී මතක් වුනේ අපේ දිවා කෑම පැයේදී. මා ගෙදරින් ගෙනා කෑම පතේ තිබූ පොලොස්, එදින මා සමඟ කෑම කෑ මා ගේ සඟයා ගේ කඩෙන් ගත් කෑම පතේ තිබූ පොලොස් වලට වඩා තැම්බී නොතිබීමයි.

එකල මා විවාහ දිවියට ආ මුල් දවස්. මගේ සොඳුර ඉතිං ඒ දවස් වල එච්චර කෑම හදන්න දන්නේ නැහැ. (දැන් ඉතිං දන්නවා කියන්න එපැයැ නැත්තනම් ..... දන්නවානේ) කොහොම නමුත් ඒ දින වල මට මා සේවය කළ තැනෙන් පිට වෙනත් තැනක පිරිගණන පාඨමාලාවක ඉගැන්වීමට යෙදුනා. ඉතිං සොදුරිය උදයෙන් ම නැඟිට පිළියෙල කළ බත් පත රැඟෙන ඔන්න එතැන ට ගියා. උදේ වරුවේ ඉගැන්වීමෙන් පසු ඔන්න දහවල් කෑම. දන්නවනේ එතැන හිටපු ඔය පරිපාලන වැඩට ආපු තවත් කෙනෙක් එක්ක කෑමට ගියා. ඔහු කෑම අරගෙන තියෙන්නේ එතැන තිබුනු අවන් හලෙන්. ඔන්න ඉතිං එක එක ව්‍යාංජන හුවමාරු කර ගත්තා. මගේ සොඳුරිය උයලා තිබුනා එළ බටු. මටත් ඔය ඉතිං ඒ දවස් වල කෑම ගැන එච්චර තැකීමක් නැහැ ඉතිං, දන්නවනේ බැඳපු අළුත, හැම දෙයක්ම රසයි නොවැ. මමත් එළ බටු ටිකක් අර යාළුවාට දැම්මා. (යහළුවා කිව්වට පොඩ්ඩක් අපිට වඩා ජ්‍යේෂ්ඨයි) එයා ගේ කෑම එකෙත් එළ බටු තිබුණා. ඔන්න ටික වෙලාවක් යනකොට මෙයා කියනවා. 
"මේ බලපං මුන් බටු උයලා තියෙන හැටි, ඇටත් එක්ක, මෙහෙම බටු උයන රටක් තියෙනවද? මුන් ගේ අම්මලාට........ මට හිතයි ගිහින් දෙකක් කථා කරන්න".

 මම හිමිහිට මගේ කෑම පතේ බටු ගැන බැලුවෙමි. අපොයි මේ මගේ සොඳුර පිසූ බටු නොවැ.

"හරි හරි, ඕව් එච්චර ගණන් ගන්න එපා" මම ඔහුව අස්වැසුවෙමි. හැබැයි ගෙදර ඇවිත් සොඳුර නිවැරදි කිරීමට ත් නොගියෙමි. ඇය මෙය කියවන්නේ නම් දන්නවා මිස මෙතෙක් ඇය මේ සිද්ධිය දන්නේද නැත.

17 අදහස් දැක්වීම්:

Unknown said...

නුවනක්කාර වැඩක්. මෙහෙම දෙයකුත් කරන්න තිබුනා හැබැයි. විහිළු කතාවක් වගේ ඕක කියලා බ‍ටු මාලුවේ රස ගුන ගැනත් පොඩි වර්ණනාවකුත් කරලා මෙහෙමත් බ‍ටු උයන්න පුළුවන් කියලා නිවැරදි ක්‍රමයත් කියලා දුන්නානම් නේද අපූරු.

SilentSahan said...

machan pls akuru loku karanna site eke...

cupid said...

මොන විජ්ජාවටත් වැඩිය ලොකුයිනෙ ගැලවිජ්ජාව

hare :-) said...

ඇටත් එක්කත් එළ බටු රහයිනෙ... ඒ වුණාට ඇට අයින් කරල හදන අයත් ඉන්නවා...

Buru Babe said...

අපොයි තලන බටු ගැන නේද මේ කියන්නේ? මතක් වෙද්දිත් දුකයි. අන්තිමට බටු කෑව කාලයක්වත් මතක නෑ. ඉතින් ඇට එක්ක දුන්නත් මම තලන බටු නම් කයි. ඒ උනාට ඊටත් වඩා මම ආස තිබ්බටු වලට. හාල්මැස්සෝ එක්ක තෙලට දාලා කන්න පුලුවන් බත් කිලෝ එකක් වුනත්....

නිලන්ත පියසිරි said...

@ Sarath Chandrasiri - ඔව් දැන් එහෙම නම් එහෙම කියන්න තිබුනා. ඒ දවස් වල ඉතිං එච්චර කල්පනාවක් ආවේ නැහැ.

@ silentsahan - හරි ඔයා ගේ කීමට ගරු කරන්නම්. බලලා මේ ඇතිද කියන්න.

@ cupid - ඒක හැබෑව.

@ hare :-) - එහෙමත් වෙන්න පුළුවන්. හැබැයි, මගේ සොඳුරිය උයන්න ඉගෙන ගන්න හපනී. අපේ අම්මා ගෙන් හැම දෙයක්ම පාහේ දැන් අල්ලා ගෙන ඉන්නෙ. වැරැද්ද තිබිලා තියෙන්නේ හොඳ ගුරුවරියක් නොඉදීමයි. දැන් නම් තලන බටු හෙවත් එළ බටු ඇට නැතිව අපූරු රසට උයනවා.

@ Il mondo di una povera pazza - ඔව් ඔව්, තළන බටුත් කියනවා එළ බටුත් කියනවා. ඇයි දෙවියනේ තළන බටු කෑව කාලයක් මතක නැහැ කියන්නේ, ඉන්තේරුවෙන් ම කියන්න පුළුවන් ඉන්නේ ලංකාවේ නෙමේ, එහෙම නේද? ඔව් ඔව් තිබ්බටුත් මම ගෙනෙනවා. ගෙනෙනවාට වඩා වත්තේ ඉබේ වැවිලා තියෙනවා. පහු ගිය දවස් වල කිලෝ එකක් විතර ඵල නෙළුවා. ලඟදීම තිබ්බටු මෙන්ම එළ බටුද කෑමට ලැබේවා කියලා පතනවා.

තිස්ස දොඩන්ගොඩ said...

කඩෙන් කන බත්පතේ ආදරේ කෝ?
අර ගොයියට ඒක දැනෙනවායෑ - අඩුපාඩු මිසක්

ලංකාවේ රක්සාව කරන කාලේ ගෙදරින් ගෙනා බත්පත දිගාරින කොට හෝස් ගාල මතක් වෙනව - අනේ දෙයියනේ පාන්දරින් නැගිටල උයාදීපු බත්පත නේද කියල - අවුරුදු දහයක් තිස්සේ අපේ ඇත්තෝ උදේ හතරට නැගිටල මයෙ උදේ කෑම එකයි දවල් කෑම එකයි හදා දුන්න..

ඔය හැම එකටම කුණුහබ්බ කියන කලබල වෙලා කෑගහන ගොයියෝ හැමතැනම ඉන්නව - වටක් පිටක් නෑ - කියන්නේ මොකක්ද කියන්නේ මොකටද කියල සතියක් නෑ - කන දෙයක්වත් ඇඟට අල්ලනවද මන්ද

නිලන්ත වාගේ නිවිච්ච අය ඉතින් මමත් ආදුරුසෙට ගන්නව...

නිලන්ත පියසිරි said...

@ තිස්ස දොඩන්ගොඩ - ආදරේ ගැන සොදුරු දේ කියැවෙන්නේ තිස්ස ගේ වැකි වල නොවැ. මගෙන් මොනවද ලියවෙන්නේ. ඒවායේ ආදරේ වෑහෙනවා. හැබැයි තිස්ස ඔයා කියන කොට තමයි මට මතක් වුනේ. මිනිසා කාපු දෙයක් නම් ඇඟට අල්ලලා තිබුනේ නැහැ. නිරන්තරයෙන් කේන්තියෙන් පුපුර පුපුරා හිටියේ. බලාගෙන ගියහම තිස්සට බ්ලොග් බලා සාස්තර කියන්නත් පුළුවන් නොවැ. මාව අදුරුසෙට ගන්නවා කිව්වහමත් මට ලැබුනු නම්බුවක් නොවැ. හැබැයි මම නම් ඒකේ අනිත් පැත්ත, මම තිස්ස ගේ ආදර කථා අහලා ඒවා ආදුරුසෙට ගන්නවා.

Sciology said...

new one ....

Unknown said...
This comment has been removed by a blog administrator.
Unknown said...

sengelesh welin lewwa. keyawanne hethene lepe teka. thanks

Anonymous said...

//"මේ බලපං මුන් බටු උයලා තියෙන හැටි, ඇටත් එක්ක, මෙහෙම බටු උයන රටක් තියෙනවද? මුන් ගේ අම්මලාට........ මට හිතයි ගිහින් දෙකක් කථා කරන්න"// මෙහෙම කියනකොට ඔයාට තරහ ගියේ නැද්ද.

//හැබැයි ගෙදර ඇවිත් සොඳුර නිවැරදි කිරීමට ත් නොගියෙමි//
නියම විදියට ගැටලු ඇතිවෙන තැන් වලක්වා ගන්න ඔයා දන්නවා.
විවාහක පිරිමි ගොඩක් දෙනා ඔය සාස්තරේ දන්නෙ නෑ. දන්නවනම් සමාජයේ නැන්දම්මා-ලේලි ගැ‍ටුම්, නෑනලා අතර ගැ‍ටුම් මීට වඩා අඩු වේවි.

T Khan said...

interesting!

තිස්ස දොඩන්ගොඩ said...

අවුරුදු දෙකක් වෙන්නත් කිට්ටුයි!
ලියන්න අදහසක් නැද්ද? :-(

තිස්ස දොඩන්ගොඩ said...

මොකෝ නිලැන්ත හැබෑටම මොකුත්ම ලියන්නේ නැත්තේ? අධික වැඩද??

Anonymous said...

හයියෝ..

Anonymous said...

හයියෝ..