2009-02-06

නිලන්ත පියසිරි විසින් 09:13 පැයට
3

ලේන් පැංචා ගේ නංගි

නින්දට පෙර දුවනි හට පොතක් කීයවීම දැන් පුරුද්දක් වී ඇත. "අප්පච්චී, පොතක් කියන්න කෝ" ඇය ඇවිටිලි කරන්නීය. පසු ගිය දිනක කියවන ලද්දේ පූස් පැංචෙකු ගැන පොතකි. ඊයේ කියවන ලද්දේ ලේන් පැංචෙකු ගැන පොතකි. කතන්නදරයේ ඇරඹුමේ ලේන් පැංචෙකු, ලේන් අම්මෙකු සහ ලේන් තාත්තෙකු ගැන කියැවුනි. මදක් කල්පනාවේ නිග්මව සිටි ඈ "එතකොට අප්පච්චී කොහෙද ලේන් පැංචා ගේ නංගි?" යැයි විමසුවාය.
පසුව මා විසින් ඈ උදෙසා ගෙනා බොහෝ ළමා පොත් පිරික්සන ලදි. ඒ කිසිවෙක් හි සහෝදර/සහෝදරියක් ගැන නොකියැවිනි. ළමා කතා වල පවා මේ කුඩාවුන් ව තනි කොට තිබෙන බවක් මට සිතුනි. බෙදා හදා ගැනීම, අනුන් ගැන සිතීම, අනෙකා ගැන අනුකම්පාව, අනෙකා ගේ මතය ගැන කුඩා කාලයේ ම හැඟීමක් ලැබෙනුයේ සහෝදර සහෝදරියන් ගෙනි. කුඩා දරුවෙකුට සහෝදර සහෝදරියක් දිය නොහැකි නම් අඩුම තරමින් කතන්දර පොතකවත් එය සදහන් වේ නම් අපූරු යැයි මම සිතමි.

3 අදහස් දැක්වීම්:

malee_msg said...

ඇත්ත තමයි..අනේ තනි දරුවෙක් නම් වෙන්න එපා.. ඒ තරම් පවක් තවත් නෑ...

ඉද්දමල්ගොඩ said...

ඒක ගොඩක් කටුක අද්දැකිමක්!

H said...

පවුලෙ ඉන්නෙ එකම දරුවෙක නම් පොත්පත් කියන්නෙ තනිකමට පාළු මකන හොඳ දෙයක් තමයි.