2009-01-19

නිලන්ත පියසිරි විසින් 11:17 පැයට
2

අද නොවේ හෙට

සමහරෙක් කෙතරම් මිස දෙටු ද යනු ලන්ඩනයේ නිවසක පවා "බාලගිරි දෝසය, අද නොවේ හෙට" යැයි ලියා තිබූ බව එහි විසූ අපේ මාමා කෙනෙක් පැවසීය. බාලගිරි යකා ලක්දිව පමණක් නොව ඉංගිරිසි අදිරදයට පවා බැල්ම හෙලන බව මින් කියැවේ. නමුත් මේ සටහන නම් බාලගිරි දොස ගැන නොවේ. අනෙක් තැන් වල මෙන්ම නීතිය කිරියාවේ යෙදවීමේ බාලගිරි දොස ගැනයි. පසු වුන ජනේරු පලමුවෙනිදා සිට පුද්ගලික බස් පල්ලන්ට නිළ ඇදුමක් දෙන බව කියැවිනි. අනේ තවමත් මම බස් පලුවා කියා වැරදීමෙන් හිඟන්නන්‍ට බස් ගාස්තුව ගෙවමි (පසුව බස් පලුවාටද ගෙවමි.) එදිනම සිට ටිකැට්ටුවක් දිය යුතුමැයි කීවත් තවමත් බොහෝ බසයන්හී එවැන්නක් නම් නොලබමි. බලගතු නීති කිරියාවේ යොදවන්නේ කොහොමද, මෙවැනි සුළු නීතියක් වත් බලපවත්වන්නේ නැතිව.

2 අදහස් දැක්වීම්:

malee_msg said...

මටත් ටිකට් නම් ලැබෙන්නේ කලාතුරකින් තමා.. අනික තාම මම නිළ ඇදුම් ඇන්ද එක්කෙනෙක්වවත් ‍දැක්කේ නැත!

ශාකුන්තල said...

නිළ ඇඳුම් අන්දවන එක නං අපට කරන්න බෑ. ටිකට් නොදෙනවට නං දෙන්න පුළුවන් දඬුවම ඉබ්බා. මං ඒ ගැන මගෙ බ්ලොග් එකෙත් ලිව්වද මන්ද මතක නෑ.