2009-01-16

නිලන්ත පියසිරි විසින් 09:35 පැයට
2

තරඟය අවසන් නැත

මුලතිව් ඇල්ලුවත් "මැච්" එක ඉවර නොවන බව අයෙක් කියත්. අවසන් වුවොත් මොකද කරන්නේ. අපේ රටේ උදව්වට මෙහි වැඩ වසන "රජයේ නොවන සංවිධාන (ආයතන)" වලට මේ රටේ මිනිස්සුන්ට උදව් කරන්න බැරි වෙනවා නොවැ. මහත් අපරාදයකි. අපට සාම දෙසුම් දෙසාබාන්න, යුද්ධයක් නැති වෙනවා නොවැ. කොටින්ම කිවහොත් මෙහෙ ඉන්න ඒ ආයතනයන්හි පරපුටුවන්ගේ රස්සා "ස්ලිප්" වෙත්. මක් නිසාද යත්, ඒවා අකුලාගෙන තවත් මෙවැනි හිඟන්නන් ගේ තුවාල ඇති රටකට "රජයේ නොවන සංවිධාන" යන කල ඒවායේ මෙහි එල්ලී සිටින මැක්කන් අරගෙන නොයන්නේ ඒ රටෙන් උවමනා තරම් මැක්කෝ සොයාගත හැකි බැවිනි. එබැවින් යුද්ධය පැවැත්මේ, සැබැ යැපෙන්නා, ආයුද වෙලෙන්ඳා මෙන්ම සාමය දෙසන්නාද වෙයි. එදිරිවාදීයෝ දෙදෙනෙක් දෙපැත්තක තබාගෙන දෙගොල්ලන්ටම ආයුද තබා ගන්න ඉඩ තියා, සාම දෙසුම් පවත්වමින් තම ජීවිකාව ගෙන යාම කෙතරම් විනෝද ජනකද? විටෙක ඒ දෙසුම් "අමා මෑණී බුදු පියාණන් වහන්සේ" සිවුරු හැර බණ දෙසන්නේ ද යැයි සිතෙන තරම් ය.

"මැච්‍" එක ඉවර නොවෙයි කියා අවසන් මොහොත දක්වා බලාසිටින "ර.නො.සං" හි (NGO) පුතේ/දුවේ, රටට සේවය කරන්න පුළුවන් රස්සාවක් සොයා ගන්න.

2 අදහස් දැක්වීම්:

නාමල් උඩලමත්ත said...

මසුරං කතාව. මෙච්චර කල් ජීවත් වුණු බඩ රස්සාව ගහලා යනවා කියලා දැනුණම දුකයි තමයි. සමහරු ඒක පිළිගන්නවත් කැමති නෑ ආයුබෝවන්ඩ. ඒත් මොනවා කරන්න ද? තමන්ගේ බඩ රස්සාවට ගහපු හමුදාපතියා ගැලවීමේ හමුදාවටවත් සුදුසු නෑ තමා. ඊට අන්තයි ආරක්ෂක ලේකම්. අන්න ඒකට කොටියගේ සුව දුක් බලන්න ඇපල් මලු අරන් පෞද්ගලික ඉස්පිරිතාලවලට සැපැත් වන ආරක්ෂක ලේකම්තුමන්ලා.වාසනාවන්!

මොනවා කරන්න ද? දුක තමා. ඒත් තමන්ගේ රට පාව දෙන රස්සාවට වඩා පිටකොටුවේ හිඟාකෑම උතුම් කියලා තවද ද මේ ngo පුතාලට තේරෙන්නේ?

ච.ගු said...

මැච් එක ඉවර උනාට ටීම් එක විසුරවන්න නම් නරකයි ගොයියො. රට පුරාම විශේෂයෙන්ම උතුරෙ, හා නැගෙනහිර, බලවත් හමුදා නියෝජනයක් තියෙන්න ඕනි. නැතිනම් සුපුරුදු ලෙසම කට්ටියට අමතක වේවි උගත යුතු පාඩම්. නරකයන්ට හිස ඔසවන්නට දෙන්නට් බැරි වෙන්න සිවිල් ස්වේච්චා හමුදාවකුත් 'රෙඩි පිට' තියන්න පුලුවන් නම් නියමයි. නැතිනම් කචල් N.G.O. බට්ටොයි, ඉන්දීය හා නොර්වේ පරයොයි ආයෙමත් මේ රට ගිනි තියයි අපි දන්නෙම නැතුවම.