2009-02-10

නිලන්ත පියසිරි විසින් 10:50 පැයට
8

සිංහල බොදු වීම

සිංහල හා බොදු වීම කෙතරම් පවක් ද? පුදුම බැණුම් ඇහුමක් නොවැ මේ දවස් වල බොහෝ බ්ලොග් පිටු වලට ගියොත් දකින්නට ලැබෙන්නේ. මාත් නොබැන්නොත් අඩුවක් වගේ.

මේ බොදුයි කියන එවුන් මදුරුවොත් මරණවා නොවැ. ඒ අස්සේ මස් කනවා, ඒ නිසා හක්කේ බුදු රැස් බොක්කේ දඩ මස් නොවැ. බෞද්ධයෝ නම් උන් ඒ නමට හරියන විදිහට ඉන්න ඕනෑ. උන් ගේ එකම අරමුණ නිවන විය යුතුයි. වෙන මොනවද ඉතිං. රාජ්‍ය පාලනය ගැන මොන කතාද? හරිනම් ඉතිං බෞද්ධයෙකුට පෙරහැරකවත් යන්න බැහැ. පෙරහැරේ ගිහින් නිවන් දකින්න පුළුවන්ද? බැහැනේ? අනිත් එක මේ බොදුයි කියන කවුරුත් ගිහි වෙලා නම් නිවන් දකින්න හිතන්න එපා. ඉන්තේරුවෙන්ම භික්‍ෂු සාසනයට ඇතුළු වෙන්නම ඕනේ. අනිත් එක සිංහල කමයි, බොදු කමයි නම් කවදාවත් එකට යන දෙයක් නොවේ. ජාතියට ආදරය කරන්න කියන්න බැහැනේ ආදරය කියන බැදීමෙන් වෙන් නොවී. කරුණා කරලා බොදු නම් සිංහල ජාතිය අත හරින්න. ඒකට කෙළවෙච්ච දෙන්, කොහොම හරි නිවන් මඟට පිවිසෙන්න ඕනේ. අනිත් එක පුදුම කිසි ආගමක නැහැ නෙවැ මේ තරම් දුස්සීල පූජක වරු මොන දහමක වත් නැහැ නොවැ. ඒ නිසාම මා හිතන්නේ බොදු කමත් අත හරින්න ඕනෑ. අනේ අපොයි!

මේවට ඉතිං බැණලා ඉවරයක් කරන්න බැහැ.

8 අදහස් දැක්වීම්:

Anonymous said...

අනේ අපොයි !!!
දැන් කවුද අනේ ඔය කව්ද බනින්නේ. මුන්ට හෙණ ගහන්න කවුද ඔය ජඩ වැඩේ කරන එකාලා

නිලන්‍ත said...

සහතික ඇත්ත. අපේ රටේ මිනිස්සු, වැරදුනා අපේ රටේ මිනිස්සු නෙමෙයි සිංහල මිනිස්සු තාම ශිෂ්ඨාචාර වෙලා නෑ. සමහර බ්ලොග් ලියන රහත් වෙච්ච මහත්තුරු එහෙම තමයි කියන්නෙ. ඒ මහත්තුරු පිට රටවල සුදු මහත්තුරු ආශ්රය කරල ශිෂ්ඨසම්පන්න වෙලා ඉන්නෙ. ජාතියත් සමහර විට වෙනස් කරන්න ඇති. උන්නැහැල තරං බණ බුදුහාමුදුරුවො වත් දන්නෙ නෑ.

මුන්නැහැල කියන විදිහට අපේ කුඩාපොල හාමුදුරුවො, සුමංගල හාමුදුරුවො හෙම මිනිස්සුන්ට බණ කියන්න කලින් නිදහසේ ජීවත් වෙන්න රටක් තියෙන්න ඕනි කියල හිතපු එක වස වැරැද්දක්. ඇස්.මහින්ද හාමුදුරුවො "ඇස් ගෙඩි දෙකට හෙණ ගැහිලද සිංහලුනේ" කියල දේශප්‍රේමය අවදි කරපු එක මහා පාපකර්මයක්.

අනේ මගෙ කට.......

Anonymous said...

අනේ ඉතිං කොතනද ඔය කියල ති‍යෙන්නේ? ‍කවුද ඕකා?

නාමල් උඩලමත්ත said...

නිලන්ත මේ තොත්ත බබාට උක්කුං ටිකක් පොවලා කියලා දෙන්නකෝ ඕක කියපු එකා. එක එක නම්වලින් පෙනී ඉන්න මේ අයට තම අනන්‍යතා පෙන්නන්නත් කොන්දක් නෑ. සිංහල තේරෙනවා නම් මහින්ද හාමුදුරුවෝ කීවා වගේ ඇස් ගෙඩි දෙකටත් හෙන ගහලා නැත්නම් පුත්තලම් බූරුවෙක් නොවන ඕන කෙනෙකුට මේ කියන්නේ කවුරු ගැන ද කියාලා තේරුම් ගන්න පුලුවන්නේ.

නිලන්‍ත said...

Amila නමින් ඉහත comments දැමූ තැනැත්තාටයි.

අන්න අහවල් තැන මෙහෙම තියෙනවාය කියල ඇඟිල්ලෙන් ඇනල නොපෙන්නුවට මැතක පලවෙච්ච සමහරක් ලිපි ඔබතුමා කියෙව්වනං සිංහල බෞද්ධයන් අශිලාචාර මිලේච්ඡයන්ය, බුද්ධාගම නොදන්නේය කියල කියවුන ලිපි බොහොමයක් දකින්න තිබුනා. ඇස් දෙකෙන් දකින දේ මොලේට ගත්තනං කාගෙවත් කණවැලක් නැතුවම තේරුම්ගන්න පුලුවන් කවුද ලිව්වෙ ඇයි ලිව්වෙ කියල.

Anonymous said...

ඇත්ත නේන්නම්. පුත්තලම් බූරුවාය, ජඩයාය කියලා ප්‍රිය තෙපුලින් ආමන්ත්‍රණය කරනවද කරුණාවන්ත සිංහල බෞද්ධයෝ මිස වෙන කවුරුවත්?

Anonymous said...

මේ නාමල්, තොත්ත බබාලට උක්කුං පොවන්නයි. එක එකාගේ කොන්දවල් තියෙනවද බලන එකයි, එක එකාගේ උප්පැන්න අවුස්සන එකයි ඇර ඔයාට වෙන වැඩක් නැද්ද ඇත්තටම?
ඔය වහෙන්ඔරෝ කියන්නේ කා ගැනද? අමුතුවෙන් කියන්න ඕන නැහැ තමයි. ඒ වුනාට ඉතිං ඔය කියලයි කියන කිසි දෙයක් ඔය විදියට කොතනවත් නැති එක තමයි පුරස්නේ.

නිලන්ත, මම ඉතිං ඇහුවේ ඔය දේවල් ලියල තිබුනේ කොතැනද කියලානේ. කණවැල අල්ලන්න නම් ඔනේ නෑ (ඉතිං මොකෝ මම අන්ධ නෑ) ලිංක් එක දැම්ම නම් ඉවරයිනෙ. බොරුවට කෑ නොගහ. ආ කියන්න අමතක උනා ඔය මේකට ඉස්සර දාලා තියෙන ප්‍රතිචාරය වෙන අමිල කෙනෙක්ගේ මිසක්කා මගේ නම් නෙමෙයි.

SRIshanu said...

(පරක්කු වෙලයි මේක දැක්කෙ)

නිලන්ත, නියම පද ගැලපිල්ල. ටක්කෙටම විදල තියනවා. තැනටම වැදිල තියනවා. :)
ඇහැක් මොලයක් තියන කෙනෙකුට මේව ඉතිං අමුතුවෙං කියල දෙන්න දෙයක් නෑ.