2010-01-28

නිලන්ත පියසිරි විසින් 23:56 පැයට
4

අහෝ, මට අතුරුජාතිකයෙකු විය නොහැකි විය.

ජාතික බලවේග සහ විජාතික බලවේග ගැන නිතර කියැවේ. එහෙත් මේ දෙපැත්තට නොමැති කොටසක් ද වේ. එය අන්තර්ජාතික බලවේග හෙවත් අතුරුජාතික බලවේග ලෙස හැදින්විය හැක. විජාතික බලවේග සහ අතුරුජාතික බලවේග අතර ඇති වෙනස කිම? විජාතික බලවේග යනු අපේ රට ජාතියට අයත් නොවන අන් ජාතික බලවේගයි. අතුරුජාතික බලවේග යනු නාමිකව අපේ රට ජාතියට අයත් ව එහෙත් අන් ජාතිකයන් වන්න ට තැත් කරනවාක් මෙන්ම අනෙකුන්වත් එසේ කරන්නට තැත් කරන කොටසකි.
දැන් මොවුන් කියන්නේ අපේ මිනිස්සු ගේ තවමත් 12 වන සියවසෙහි වූ ජාන ඇති බැවින් මුන්ව ඉන් මුදවාලිය නොහැකි බවය. තවමත් ලාංකිකයන් සොයනුයේ වන්දිභට්ට කම් කිරීමට රජෙකුම බැවින් මොවුන් සිංහලෙන් ලියන විබ ද අතහැර දුවන්නෝය. ඔවුන ගේ අන්තර්ජාතික මොළය අනුව අපට ඡන්දයක් දෙන්න තවම තේරෙන්නේ නැත. ඔවුනට අනුව අපට අපේ හෙළ සාර ධර්ම තිබිය නොහැක, මක් නිසාද යත් එයින් අප ජාතිවාදීන් වන බැවිනි. අපට බුදු දහම පිළිපැදිය නොහැක, අප ආගම්වාදීන් වන බැවිනි. අප තර්කාන්විත බුද්ධියක් නැති බැවින් (උන් ගේ වචනය rational mind) ඉංගිරිසි කාරයෝ ඇවිත් මේ ඡන්ද ක්‍රමය නැවත අපෙන් උදුරාගෙන යා යුතුය. දියුණු, සංවර්ධිත, පළමුවෙනි ලෝකයේ සුද්දන් විදිහට කල්පනා නොකරන අපට අඩුම තරමේ තුරුදැළ (අන්තර්ජාලය) භාවිතා කිරීමත් තහනම් කළ යුතු වේ. මේ අන්තර්ජාතිකයන්ට අනුව අපව 12 වන සියවසට තල්ලු කර දමා බටහිර විදුවෙන් සොයා ගත් සියළු දේ අහිමි කළ යුතුය.
අපව අන්තර්ජාතික බණ කියා වෙනස් කරන්නට තැත් කොට දුවන අයටත් , තව දුරටත් උත්සහ ගන්නා අයටත් කිව යුතු දෙයක් තිබේ. නිපැයුම්, සොයාගැනීම්, ප්‍රමේයන්, මතවාද, කල්පිත සියල්ලේ අයිතිය තොප ගනුව මුත් එය අප භාවිතා කරන්නේ අපට ඕනෑ විදිහටයි. සුද්දෝ පාන් sandwich  හැදුවාට අපත් එයම කෑ යුතු නැහැ. අපට එය පරිප්පු හොද්දේ තවරාගෙන කන්න අයිතිය තිබේ. සුද්දෝ අර්තාපල් තම්බාල පොඩිකරලා කෑවට අප එලෙසම කෑ යුතු නැහැ. එය තෙල් දාල කන්න, මෙන්ම හොදි හදලා කන්න අපට අයිතියක් තිබේ. අපි තොපට පාන් පරිප්පුත් එක්ක පොඟවාගෙන කන්න නොකියන්නේ ත් ඒ නිසාමයි. එබැවින් ඡන්ද ක්‍රමය තොපේ වුවත් එය භාවිතා කොට අප බිහි කරන්නේ රජෙක්ද යකෙක් ද කියන එක තොපට වැදගත් නැත.    

4 අදහස් දැක්වීම්:

vReader said...

ඇත්ත ඇත්ත මේක අපේ රට.
අපි මේකේ ඉන්නේ අපට ඒන විදියට‍. ඔය එක එක කුමන්ත්‍රණකාරයන්ට, අන්තර්ජාතික අධිරාජ්‍යවාදින්ට ඕන විදියට නෙමෙයි.

යකෝ මේක හරි කෙලියක් නේ. අපට රජෙක් ඔන නම් අපි රජාව පත් කර ගන්න එකට එක එක කැණහිල්ලුන්ට මොන අමාරුවක්ද

උන්ට හොඳ කොච්චර දේවල් අපට නරකද අනික උන්ට නරක කොච්චර දේවල් අපට හොඳඳ?
ඔය හොඳ-නරක ඇත්ත-බොරු කියන දේවල් කොච්චර සාපේක්ෂද?
නිර්මාණාත්මක සාපේක්ෂතාවාදයට අනුව ඔය බටහිර චින්තනයෙන් ඔලු කුරුවල් වෙච්ච උන් කියන කතා ගනන් ගන්න ඕනේ නැහැ.

තිස්ස දොඩන්ගොඩ said...

නියමයි... අපේ ඉන්න ගන්ධබ්බ කුලකයට ඔය ටික කවදාවත් තේරෙන එකක් නෑ... මා මේ ඉන්න රටේ බ්‍රිතාන්‍ය කවුන්සලයේ සිටි ලාංකික කතක් මා මිතුරා ලංකාවේ බව දැන දැනමත් ඇගේ ගම "මැටලේ" යයි කීවා... අපටනම් සිතුනේ මැන්ටලයක් කියාමය... පරාදීන බව භාසාවේ සිට, පුද්ගලික වයිරයට රට පාවාදෙන තත්වය දක්වා විහිදේ... ඔබගේ වාගේ සටහන් බලන විට මේ කුලකය සෙමින් ක්ෂය වී යන බව දැනේ... ඔබට ජය... අපි එක්වී අපේ රට අපට ඕනෑ හැටියට හදාගමු...

Thejan said...

අනේ ඔය ටැබූ කියන ඒවා ගණන් ගන්න එපා මචං .අර Beyond Frame තක්කඩි රැළත් ඔය බ්‍රහ්ම talk ටික දැම්මනේ. අන්තිමට අපි හැමෝම එකතු වෙලා උන්ට ම වමාරගන්න බැරිවෙන්න දුන්නහම අපිට සුභ අනාගතයක් කියලා යන්න ගියා.

ටැබූ කරන්නේ තමන්ගේ ගණන් හිලවු වැරදිලා ඒකට රටේ නැති හේතු හොයලා ගැලවෙන්න පාරක් හොයන එකයි. ඒක හරියන්නේ නෑ. පතුල හිල් වෙච්ච බේසමක් ඉනට තියාගත්තට නිරුවත වහගන්න බෑනේ.

ඔය යකා තමන් ගරු කරනවා කියන වික්‍රමබාහු වගේ මූලරෝගීන් කරනවා වගේ ජාතිවාදය අවුස්සනවා මදිවට මේ පාර‍ ෆොන්සේකා එන කරාවේ කුලයේ ජයග්‍රහණයක් කියලා කුලවාදයත් අවුස්සලා තිබුණා. ඇයි හත්ඉලව්වේ මේ යක්කුන්ට මේ නැති ජාතිවාදය කුල වාද පටලවා ගන්න එකෙන් රටට හානිවෙනවා කියලා මුන් හිතන්නේ නෑනේ.

‍හමේ වර්ණයෙන් පමණක් වෙනස් කල්ලෙකුට අමෙරිකාවේ ජනාධිපති වෙන්න අවුරුදු 200ක් ගියා. ඒත් ඔය කුල භේද ඉවර කරලා රටේ පහළින්ම ආපු ප්‍රේමදාසට ඒ තැන දෙන්න ජේ.ආර්. පියවර ගත්තනේ. ඉතින් තවත් මේ රටේ කුල වාදය ගැන මොන කතා ද?ඒක දැන් අවලංගු වේගෙන යන සාධකයක් විතරයි.

මට නම් කියන්න තියෙන්නේ ‍මේ ඔක්කොටම පිස්සු. මොකක් හරි පිනකට මේ රටේ බහුතර සිංහල මිනිස්සු මේකට අහුවුණේ නෑ. ඒක යහපත්.

thejan

http://lankanthoughts.wordpress.com

Thejan said...
This comment has been removed by the author.