2012-03-19

නිලන්ත පියසිරි විසින් 22:58 පැයට
1

හන්තාන ලිනුක්ස් සමඟ රට සුවඳ කරමු.

මගේ දුවණිය පාසල් යැව්වේ පහු ගිය දුරුත්තේ. හැම දෙමාපියෙක් ම හිතන්නේ තමන් ගේ දරුවා ඉතා දක්ෂ බවය. ඔවුන් මහ මෙරක් බරට සිහින ද දරුවා සමඟ ගොඩ නඟයි. ඉපැදුන දා සිට ලක් දිව ඇති සෑම දෙයකට ම පන්ති යවන්නේ එබැවින්ය. මේ දහසකුත් පන්ති අතර පිරිගණන හෙවත් පරිඝණක හා ඉංගිරිසි පන්ති බෙහෙවින් පතලව ඇත. මේ කියවන ඔබ වුවද ඔබේ දරුවා පිරිඟණන හපනෙකු වනු දැක්මට කැමැති නොවන්නේ ද? මම නිවසේ ඇති පිරිඟණනයේ ෆෙඩෝරා මෙහෙයුම් සුසැටිය හෙවත් පද්ධතිය පමණක් ම පිහිටුවා ඇත්තෙමි. ඇය මේ වසරේ පාසලට ඇතුළු කළේ මුත් ෆෙඩෝරා භාවිතා කරමින් සුළු සුළු දේ කැරුමට ඇය ඉගෙන ගෙන ඇත්තිය. ලිනක්ස් යනු කුඩා ලමුන්ට ඉගෙනුමට ම සෑදූ මෙහෙයුම් සුසැටියක් දැයි විටෙක මට සිතේ. එහි ඇති GCompris, ChildPlay, Tux paint, Tux Maths, Tux Word game වැනි කුඩා ම ලදරුවන්ට වන මෘදුකාංග පමණක් නොව තරමක ලොකු දරුවන් ට වැදගත් වන Kalzium, Avgadro වැනි රසායන විද්‍යා මෘදුකාංග ද ෆෙඩෝරා මත පිහිටුවා ගත හැක. ඒ කෙසේ වෙතුදු මේ ලිපියේ එක් අරමුණක් වූයේ ඒ සඳහා අපේම ලාංකේය ලිනුක්ස් බෙදාහැරීමක් ජනප්‍රියව ඇති බව කීමයි. එය නමින් හන්තාන ලිනුක්ස් වෙයි. එය ඔබට නොමිලේ hanthana.org අඩවියෙන් ලබා ගත හැක.
දෙවැනි අරමුණ ඊටත් වඩා පින්වන්තයි. මගේ දරුවා ඔබේ දරුවා මෙන් නොව ගෙදරට පිරිඟණනයක් ගෙන යා නො හැකි මුත් අපේ දරුවන් ගැන මෙන්ම සිහින ගොඩ නඟන දෙමාපියන් මේ ලක් දෙරණ මත කෙතරම් වේද? ඔවුන් ගේ ගෙදරට පිරිඟණනයක් සැපැයීම කෙසේ වෙතුඳු ඔවුන් ගේ දරුවා ගේ පාසලට එක තොරතුරු ශිල්ප මෙවලමක් දිය හැකි නම් ඔබේ දරුවා ගැන ඔබ සතුටු වනවා මෙන්ම ඒ දෙමාපියන් කෙතරම් සතුටු වෙයිද? දහස් ගණන් මුදල් දී ළමා නිවාසෙට දන් දෙන අපේ සහෝදර සහෝදරියන් රුපියල් දෙදහසට හෝ පරණ පිරිඟණනය යමෙකුට විකුණුමට යත්න දරති. එහෙත් පිරිඟණන පූජාවක් කළ හැකි නම්? පින යනු පිනා යාම යැයි කියත්. ඔබේ සිතත් පිනා යන්න දහසක් දරුවන් ගේ සිත් පිනා යනු පිනිසත්, දහසකුත් දෙමාපියන් ගේ සිත් පිනවනු පිනිසත් ක්‍රියා කාරිත්වයේ පවතින ඔබ ගේ පැරණි පිරිඟනනය පූජා කළ හැකිනම්, ලක් දිව දහසකුත් නිවෙස් වලින් ලාංකේය තොරතුරු ශිල්පයක පහන් වැටි දැල් වූ වා වැනි වෙනු ඇත. මෙන්න ඒ සඳහා ඔබලා ට මඟ......http://school.hanthana.org

1 අදහස් දැක්වීම්:

Anonymous said...

ඇත්තටම හන්තාන නියමයි.මමත් භාවිතා කරනවා.වෙනත් සොෆ්ර්‍ටවෙයාර් අවශ්‍ය නොවිම ගොඩක් වටිනවා.එතරර්‍ම හොද os එකක් තියෙද්දි අපේ මිනිස්සු බීල් මාමාගේ ජනෙල් හොරකන් කරන්නේ ඇයි කියලා මට හිතාගන්න බැ.ඩනීෂ්ක නවින් ඇතූලු හන්තාන කංඩායම කරනා කැපකිරිම හිතාගන්නත් බැරිතරර්‍ම.
මගේ දුව පෙරපාසල් දරැවෙක්,වීන්ඩොස් සෙවන් සහ xp දෙකම භාවිතා කරලා තියනවා.දැන් හන්තානට වහ වැටිලා.
අපි දැන් එයාව අවුස්සන්න ඔන උනහම කියනවා හන්තාන අයින් කරලා වින්ඩොස් දානවා කියලා.
එ තරමටම එයා හන්තානට ආදරෙයි