2008-06-26

නිලන්ත පියසිරි විසින් 10:50 පැයට
2

ලමුන් තුරු දැලට නිරාවරනය කරනා මව්පියනට මෙන්න K9 webprotection

නරකම ප්‍රජාතන්ත්‍රවාදය තියෙන්නේ තුරු දැලේ කියලයි මට හිතෙන්නේ. සමහරක් කියන්න පුළුවන් මෙය හොඳම ප්‍රජාතන්ත්‍රය කියලත්. කෙසේ වෙතුදු නරක වෙබයන්ගෙන් දරුවා රැක ගන්න මුදල් නොයන මඟක් වශයෙන් K9 webprotection හඳුන්වන්න පුළුවන්. නොමිලේ නිසා තවත් හොඳයි. මට නම් මෙවැනි දේ සොයන වයසේ දරුවෝ නැහැ තවම. නමුත් මම කාර්යාලයේ ඉන්න නරක වැඩිහිටි නරක දරුවන්ගේ ජනෙල් පෙට්‍ටි (windows boxes) වලට මෙය දැම්‍මා. මොකද කාටවත් වෛරස ගැන අදහසක් නැහැ මෙම වෙබයන්ට යනකොට. මෙන්න සම්‍බන්ධකය http://www1.k9webprotection.com/
ලිනුක්ස් පෙට්ටි වල නම් squid හරහාත් මෙය කරන්න පුළුවන් ලු. මම නම් උත්සහ කරලා නැහැ තවම.

2 අදහස් දැක්වීම්:

Kasun said...

Cybersitter කියලා මෘදුකාංගයකුත් තියෙනවා, මේ සම්බන්ධව. මම වරක් එය භාවිතා කරලා තියෙනවා. වරදක් නැහැ. අන්තර්ජාලයේ රැඳී සිටින කාලය පවා සීමා කිරීමට පුළුවන්.
හැබැයි ‍නොමිලේ නොවෙයි. download කරන්න නම් දෙන්නේ trile version එකක්. ඒ වුනත් serials හොයාගන්න බැරි වෙන්නේ නැහැ.
http://zserials.blogspot.com/search?q=cybersitter

Anonymous said...

නිලන්ත කියන එක ඇත්ත. නිදහස සෑම කෙනෙකුටම මානසික සහනය ගෙන දිය යුතුයි. මා හිතන හැටියට, සෑම විකුණන පරිගනකයකටම මෙවැනි මෘදුකාංගයක් ඇතුලත් විය යුතුයි.