2008-12-18

නිලන්ත පියසිරි විසින් 11:55 පැයට
4

අග විනිසුරු

දැන් දැන් රටේ හැම තීරණයක් වගේම අග විනිසුරුතුමා ගේ නොවැ. ඉඳින් අප ඡන්දෙන් අග විනිසුරුතුමෙක් පත් කරගත්තා නම් යෙහෙකි නොවෙද?

4 අදහස් දැක්වීම්:

Anonymous said...

එතුමා දැන් අගවිනිසුරු වෙලා දෙන තීරණ එයාම දේශපාලුවෙක් උනාම දෙන්න පුලුවන්ද දන්නේ නැහැ. ඒ නිසා එතුමව ඒ පදවියේම තියමු. :)

ම.ම.ගි said...

අග විනිසුරුතුමා කාරණා කටයුතු සිද්ද කරන්නෙ අපේ රටේ වලංගු නීති පොතේ රාමුවෙන් ඇතුලට ඒත් ඡන්දෙන් පත්වෙච්ච උදවිය මොකද කරන්නෙ නීතිය බල්ලට දාලා තම තමන්ගෙ පෞද්ගලික න්‍යාය පත්‍ර දිගඇරගෙන ඒවට ආවඩනවා.

Anonymous said...

වේදේහ රජ්ජුරුවන්ගෙ කාලෙත් අන්තිමට රට බේරගත්තෙ නඩු අහපු මහෞෂධ පණ්ඩිතයන්වහන්සෙනේ. නැතුව ඒ මෝඩ රජා නෙවෙයිනේ. ඒ හින්දා උන්නැහේට ඔහොම වැඩ කරගෙන යන්න දෙමු. අනිත් එක බුදු හාමුදුරුවො පත්වුනේ චන්දෙන්යැ? හිට්ලර් නම් ඔන්න චන්දෙන් පත්වුනේ.

Anonymous said...

මටනම් ඔය කවුරුත් එකයි.
හැමතැනම ඉන්නෙ හොරු.
හැමෝම හදන්නෙ "මං පොර" වෙන්න.
දේශපාලකයො කියන්නේ වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම දේශය පාලු කරන්නෝ.
ඒත් අධිකරණය එහෙම තැනක් නොවෙයි. මිනිස්සු ගරු කරපු තැනක්...දැන් දැන් සමහර තීන්දු තීරණ හන්ද අධිකරණයත් මිනිස්සුන්ගෙ විවේඡනයට ලක්වෙනව...
වෙලාවකට කියනව චෙක් පොයින්ට් අයින් කරන්නලු. වෙලාවකට කියනව රෑට ගෙවල් චෙක් කරන්න එපාලු. තව වෙලාවකට කියනව අම්ම තාත්තගෙ රස්සාව වෙනුවෙන් පොඩි උන්ට ලකුණු දෙන්නලු.
හැබැයි මෙහෙම කියන අයම සමහර වෙලාවට අමුතු අමුතු කතාත් කියනව.

කමල් අද්දර ආරච්චි ස්ත්‍රී දූෂකයෙක් කියල කියපු අධිකරණයම ඊට පස්සෙ කියනව ඔහුව සියලු ඡෝදනා වලින් නිදහස් කළා කියල. තිලංග සුමතිපාලටත් කිව්වෙ ඔය ටිකමනේ.... අනුරැද්ධ රත්වත්තේ ටත් ඔය සෙතේම තමයි...
ඉතිං අපි කොහොමද මේ කවුරුවත් විශ්වාස කරන්නේ....

පහුගිය කාලේ මාසයක් විතර අපිට යන්න තියන පාරවලුත් වහගෙන 225 දෙනෙක් පාර්ලිමේන්තු ගියා.. මොකටද අය වැය විවාදයට. උන් එතන ගිහින් කළේ මොකක්ද? එකිනෙකාට මඩ ගහ ගත්ත. ආර්තිකේ ගැන කිසිම කතාවක් නෑ.
ඊට පස්සෙ අධිකරණය රැස්වෙලා රටේ ආර්තික තීන්දු ගන්නව. අනේ රටකට ගිය කලක් ... !!! මීට පස්සෙ අපිට වද දෙන්නෙ නැතුව, පාරවල් වහන්නෙ නැතුව ඔය අය වැයත් අධිකරණයටම දීල සම්මත කරගත්තනම් හොදයි කියලයි මට හිතෙන්නේ....

මේ රට යන පොට මොකක්ද ?
අපේ අධිකරණය පකිස්තානයෙන් ආදර්ශ ගන්නේ නැතුව ඇති කියල අපි හිතනව.

හැබැයි ආදර්ශගන්නවනම් මෙන්න ඉස්සර රජකාලෙ කතාවක්:
ඔන්න රජතුමා ස්වාමීන් වහන්සේ නමක් හමුවෙන්න ගියාලූ.ඒ ස්වාමීන් වහන්සේ ගිහිකළ සිටියේ අඩු ජන්ම කුලයක ඉපදීලූ. ඉතින් මේ හාමුදුරුවො රජතුමා දකිද්දි අසුන්ගෙන හිටපු ආසනයෙන් නැගිට්ටලු. ඒ මොකද අර ගිහි කළ පුරුද්දට. ඉතිං රජතුමා කීවලු ... ඔබ වහන්සේ ගිහියෙක් ඉදිරියේ නැගී සිටල, මහා සංගරත්නයටත්, චීවරයටත් කළේ අපහාසයක් කියල. ඊට පස්සෙ රජු නියෝග කලාලු අඩු කුල වලින් පැවිදිකිරීම තහනම් කියල,මොකද නැවතත් මේවගේ අපහාස වෙන්න පුලුවන් කියල.
එදා රජ්ජුරුවො ඉදිරියේ නැගීසිටපු නැති හාමුදුරුවරුන්ට අද උසාවියෙදි නැගීසිටින්න වෙලා. ඇයි හාමුදුරුවෙ උසාවි ගියෙ? ජනතාවට සෙත සදන්න පිරිත් ටිකක් කියපු වැරැද්දට ....
අනේ කාලේ ... වනේ වාසේ...
සමහරුන්ගෙ හක්කෙ බුදුරැස් ... බොක්කෙ දඩ මස්... හාමුදුරුවො තමන් ඉස්සරහ නැගිට්ටෙ නෑ කියල ඡෝදනා කරන මේ ඇත්තෝ පහුවදා ගිහිං දලදා මාලිගාවට ඇත්දල පූජා කරනවා... කොළඔ ‍සුපිරි පැලැන්තියේ පන්සල් වල උපාසකයො විදිහට බෞද්ධ චන්ද්‍රිකා රූපවාහිණී වලින් ලෝකෙට බණ කියනව....

මට කියන්න තියෙන්නේ මෙච්චරයි... තම තමන් තම තමන්ගේ වගකීම් ගැන කල්පණා කරන්න...
------ගේ වැඩේ --------- කරන්න යන්න එපා.

මොකද එතකොට අපිට බ_ _ ගේත් බූ _ _ ගේත් වෙනසක් දකින්න බැරිවෙන හන්ද....