2010-03-12

නිලන්ත පියසිරි විසින් 12:24 පැයට
7

චොකා මල්ලී සහ වෙනත් දෑ

කාලෙකින් දින සටහන ලියන්න අතපසු විය. පසු ගිය දින කිහිපය පුරාම නිවනක් නැතිව වැඩ කළෙමි. ඒ ඒ දින වල ලිවීම සඳහා නොයෙකුත් දෑ සිතට ආවත් ඒවා යුනිකෝඩ් අකුරු බවට හැරවීමට වේලාවක් නොමැති විය. 
 
චොකා මල්ලීට මනාපයක් පළ කරන ලෙස ඉල්ලා දැන්වීමක් පාරේ ගිය වාහනයක ගසා තිබෙනු දුටිමි. "චොකා මල්ලී" යන නම දුටු වහාම මගේ සිත අමුතුම ආකාරයේ අපුලකින් පිරී ගියේය. ඒ නමින් ගම්‍ය වූයේ යම් ආකාරයක පහත්, නොවැදගත් බවකි. (නමකින් පහත් හෝ නොවැදගත් බව නොමැනිය හැකි මුත්).

බසෙහි කුණු හරුප යැයි සම්මත වචන, සාමාන්‍යයෙන් ව්‍යවහාර කරන අයවළුන් සිටිති. එසේ අසා පුරුදු නැති අය එවැන්නෙකු ගේ කතාවක් ඇසූ කල එකවරම පුදුමයටත් ලැජ්ජාවටත් පත් වෙති. තෙසක රියදුරන්, පදික වෙලෙන්දන් කුණු හරුප කියන්නේ පාරේ ගමන් කරන්නේ කුඩා ලමුන්ද වත් නොසලකාය. බසය තුල බස් පල්ලා (කොන්දොස්තර) සමඟ සටන ඇරඹූ කල දිනන්නේ අනවතර ලෙස එකිනෙක ගැළැපී කුණු හරුප ගලා එන්නාය (බොහෝ විට බස් පල්ලා).

ටෙලි නාට්‍ය යැයි කියන රූපවාහිනී වැල් වල මෙවැනි රස්තියාදුකාර වචන දොඩවන්නෝ බොහෝ වෙති. එවැනි චරිත ජන(අ)ප්‍රියව ඇති බැව් කියැවේ. කුඩා ළමුන් සමඟ රූපවාහිනියක් නම් මෙකල නැරැඹිය නොහැක. 

අප ළමුන් ට මේ නරක යැයි සම්මත වදන් අසන්නට නොසලස්වන්නේ ඇයි? මේ වචන ඔවුන් දැනගත යුතු නැතිද? ඒවා දැනගැනීමට ඔවුනට නිදහසක් දිය යුතුද? ඒ ඒ ජන කොට්ඨාශ අනුව, පලාත් අනුව වදන් නිමැවේ. මුඩුක්කු නිවාස ආශ්‍රිතව කතා කෙරෙන බස නරක යැයි සමහරෙක් කියති. 

නරක බස හොඳ බස වෙන් කරන්නේ කොතනින්ද? වරෙක මා මල්ලීට "තමුසේ, ඕයි" ආදී වචන වලින් කතා කළැයි කියා අම්මා මා හට හොඳ හැටි තැළුවාය. සමාජ සම්මතයන් වදන් වලට බලපානුයේ අමුතුම ලෙසය. එය නීතිය මෙන් නම් නොවේ.

ඉතින් ඔබෙන් "චොකා මල්ලී" ඡන්දය ඉල්ලුවේ නම් ඔබ ඔහුට මනාපය ලබා දෙන්නේ ද? 

7 අදහස් දැක්වීම්:

Anonymous said...

ඔය චොකා කියන නම මිනිහට හැදිල තියෙන්නෙ පොඩි කාලෙ චොකලට් කන්න පෙරේත කමක් තිබුන හින්ද කියල මං අහල තියන්වා. ඒකෙ ඇත්ත නැත්ත මං දන්නෙ නෑ.

rajitha.a said...

චොකා මල්ලි චන්දේ ඉල්ලන්නේ රත්නපුරෙනි(අපේ පලාතෙන්).ඔහු පසුගිය පාර්ලිමෙන්තුවේ ඇමතිවරයෙකි(ප්‍රේමලාල් ජයසේකර).ටිකක් දඩබ්බර වැඩ කරන dial එකකි.දිනයිද නම් දන්නේ නැත.

නිලන්‍ත said...

@නිලන්ත ගේ දින සටහන්
Anonymous හරිය. ඔහුගේ අන්වර්ථ නාමය පැමින ඇත්තේ එසේය. තවම වැඩි වයසක් නැති නිසා පාසලේදී දුන් නාමය තවමත් හැලී නැත. බොහෝ අය ඔහුව දන්නේ ඒ නමින්ය. රත්නපුරයේ සිටින ගාම්භීර නම් ඇති රූපවාහිනියේ ජනප්‍රිය තාරකාවන් වු රජයේ ප්‍රබල ඇමතීන්ට වඩා සියක් වාරයක් හොඳ පුද්ගලයෙකි. මා එසේ කියන්නේ "චොකා මල්ලී" මා හොඳීන්ම හඳුනන බැවිනි.
රාජිත අනුරාධ ද හරිය. දඩබ්බර වැඩ කරන dial එකක් බව සැබෑය. එසේ ප්‍රසිද්ධ වී ඇත්තේ හොරෙන් යටින් බෙලි කපන මිනිහෙකු නොවන නිසාය. මෙවර ඡන්දයෙන් දිනන බවටද සැකයක් නැත. ඒ රත්නපුරේ බහුතරය "චොකා මල්ලීට" මනාප බැවිනි. මගේ මනාපයද ප්‍රේමලාල් ජයසේකර හෙවත් චොකා මල්ලීටමය.

rajitha.a said...

මම නං කරුනාරත්න පරනවිතානටත් මනාපයක් දෙනවා ...මොකද පාර්ලිමේන්තුවට උගත් බුධිමත් අය යවන්ඩ එපැයි...හැබැයි දිනයිද දන්නේ නැත.නිලන්ත නිවිතිගලද???

නිලන්‍ත said...

@රාජිත අනුරාධ
නෑ රාජිත. මම රත්නපුර

නිලන්ත පියසිරි said...

මා මේ සටහන කළේ කිසිවෙකුට අවමානය පිණිස නොවේ. ඒ නමේ වූ "ගතිය" නිසාය. එබැවින් කිසිවෙකු ගේ සිත රිදුනි නම් කණගාටු වෙමි.

නිලන්‍ත said...

යකා හිතන තරම් කලු නැත.