2010-06-09

නිලන්ත පියසිරි විසින් 23:12 පැයට
5

මහජන සේවාවන් අපයෝජනය

මේ දවස් වල මගේ හිතට වද දෙනප්‍රශ්ණ අතර මූලික තැන ලැබිලා තිබෙන්නේ අපේ නංගි ට වී ඇති කරදරයකි. යම් ගැහණියක් එක්තරා Airtel අංකයකින් කතා කොට දිගින් දිගටම බැණ වදියි. නමුත් පසුව එම අංකයට කතා කළහොත් ප්‍රතිචාරයක් නොමැත. එපමණකුදු නොනැවතී, ඇය ගේ සේවා ස්ථානයට ඇයට අපහාස කොට තැපැල් මාර්ගයෙන් ලිපි ද එවයි. මාසයකට අධික කාලයක් සිට මෙය පවතින අතර එය නවතින ආකාරයක් කිසිදු ලෙසක පෙනෙන්නට නොමැත.

නීති ගරුක, විනය ගරුක පුරවැසියන් ලෙස අපට මෙයට කළ හැක්කේ කුමක් ද, අපට පසක් වන ආකාරයට අපි ඒ සියල්ල කළෙමු. ඒවා පහත සඳහන් පරිදිය.

පළමුව කළේ එම දුරකතන අංකය අයත් Airtel ආයතනයට කතා කොට එම අංකය භාවිතා කොට අපව පීඩා කරවන බැව් පැවසිනි. ඔවුන් පැවසුවේ ඒ සඳහා එම අංකය අයත් තැතැත්තාට/තැනැත්තීට අවවාද කිරීමට පවා පොලිසියට පැමිණිල්ලක් යොදා එම පැමිණිල්ලෙ කොපියක් හෝ උසාවි නියෝගයක් ලබා ගෙන පැමිණියහොත් පමණක් එය කළ හැකි බවය.
දෙවනුව අපි වැලිකඩ පොලිස් ස්ථානය ට ගොස් පැමිණිල්ලක් ගොණු කළෙමු. එහි දී පොලිසියේ යෝජනාව වූයේ, දුරකතන අංකය වෙනස් කරන ලෙසය. එසේත් නොමැති නම් එම අංකය අවහිර කළ හැකි වර්ගයේ දුරකතනයක් ගෙන එය කරන ලෙසය. අප ගේ බල කිරීම මත ම පැමිණිල්ල ගොණු කළ අතර ඔවුන් පැවසූයේ උසාවි නියෝගයක් ගැනීමට සතියක් පමණ යන බැවින් යම් හඳුනන අයෙකු Airtel ආයතනයේ සිටී නම් එම අංකය ලබා ගෙන ඔවුනට ලබා දුනහොත් පරික්‍ෂණ කටයුතු ඉක්මන් කළ හැකි බවකි.

සති දෙකක් පමණ ඉක්මවා ගිය පසු පොලිසියෙන් ගෙදරට පැමිණ, නැවත පැමිණිල්ල ගැන විමසීය. "අපි හිතුවේ දැන් කරදරය ඉවරයි කියලා". ඔවුන් පැවසීය. "එහෙනම් අපි court order එක ගන්නම්". ඔන්න දැනුයි පොලිසිය උසාවි නියෝගය ගන්න තීරණය කළේ. 
අප නොයෙකුත් ආකාරයෙන් Airtel ආයතනයේ සේවයේ යෙදෙන යහළුවෙකු සොයා ගැනීම සති තුනක් පමණ සිට උත්සහ කොට මල්ලී ගේ යහළුවෙකු ගේත් යහළුවෙකුට කියා යන්තම් එම දුරකතන අංකය හිමි තැනැත්තිය ගේ ලිපිණය සොයා ගතිමු. එය "T. ප්‍රියා සිල්වා, අංක 550, .......... කොටේජ්, තලංගම" ලෙස සඳහන් වි තිබුණි.

දැන් අප කළ යුත්තේ එම ගෙදරට ගොස් මේ ගැන විමසීම ද නැති නම් පොලිසියට මේ ගැන පැවසීමද? තාත්තා තීරණය කළේ එම ගෙදරට ගොස් අනවශ්‍ය ප්‍රශ්ණ වල පැටලෙනවා ට වඩා, මේ ගැන පොලිසියට පැවසීම වඩා නීති ගරුක බවයි. එබැවින් මෙම විස්තර ද නැවත පොලිසීයට ලබා දුන්නෙමු. එම විස්තර ලබා දී ද දැන් සති දෙකක් පමණ ඉක්මවා ගොස් ඇත. එහෙත් තවමත් එම දුරකතනයෙන් කතා කොට බැණ වැදීම හෝ එයට කතා නොකළේ නම් අඩු තරමේ මඟ හැරුණු අංකන (missed calls) 20 ක් පමණවත් තිබේ. 
සමහර විටෙක මෙම දුරකතන අංකය ඉහත ලිපිනයේ සිටින අය ගේ නොවීමට පුළුවන. සමහරවිටක එය ඇගෙන් නැති වූවක් වීමට ඉඩ ඇත. එහෙත් යමෙකුගේ දුරකතන (SIM - Subscribe Identify Module) නැතිවුවහොත් එය එම ආයතනයට වාර්තා කිරීම ඇය ගේ වග කීමක් වන බැවින් ම ඇය වැරදි කාරියක් වේ. මසකට අධික කාලයක් ගත වුව ද තවමත් පොලිසියට මේ ගැන සොයා නොබලන්නේ අප සාමාන්‍ය පුරවැසියෝ බැවින් ද? දරා ගත අයෙකු නොවි වී නම් පොලීසිය මේ ගැන ක්‍රියා මාර්ග ලබා ගන්නා විට මානසික පිස්සෙකු වී හමාරය. 
අපේ රටේ ඇත්තෙන්ම සියල්ල පවතින්නේ නීති ගරුක පුරවැසියාට නොව නරකෙහි ගැළුණු හොර තක්කඩින්ටය.  හෙට නැවත පොලිසියට කතා කොට පැමිණිල්ලට සිදු වූයේ කුමක් දැයි ඇසිය යුතුය. ඇත්තෙන්ම මෙලෙස තැපෑල සහ දුරකතන මාර්ග යොදා ගන කෙරෙන වැරදි ක්‍රියා වලට ගත හැකි කිසිදු පියවරක් නැතිද?

5 අදහස් දැක්වීම්:

ඉන්දික උපශාන්ත said...

සහෝදරය, මේ ගැන ලිඛ්තව විදුලි සන්දේශ නියාමණ කොමිසමට පැමිණිලි කරන්න. ඒක තමයි යන්න පුලුවන් අන්තිම තැන, උසාවියට පෙර.

නිලන්ත පියසිරි said...

ඉන්දික වෙත - ඔබ ගේ යෝජනාවට ස්තුතියි. එයත් උත්සක කර බලමු.

Anonymous said...

පොලිසිය ප්‍රශ්න විසඳීමට උත්සාහ ගන්නවා වෙනුවට කරන්නේ ප්‍රශ්නයෙන් පැනයාමට මං පෙන්වාදීමත්, ප්‍රශ්නයෙන් (තමන්) ගැලවීයාමට උත්සාහගැනීමත් බවයි පෙනෙන්නේ.
ඉන්දිකගේ යෝජනාව ක්‍රියාත්මක කර බලන්න!

Taboo Subjects said...

සමාවන්න, මේ සටහන දැක්කේ අදයි. නැතිනම් මීට පෙර මේ විසඳුම දෙන්න තිබුණා.

www.police.lk වෙබ් අඩවියට යන්න. එහි E-Mail index එකේ පොලිස්පති තුමාගේ සිට වැලිකඩ පොලීසියේ ස්ථානාධිපතිතුමන් දක්වා සියළුම නිලධරයන්ගේ ඊ-මේල් ලිපින ඇති. ඉතිරි සියළු දෙනාට කොපිකර පොලිස්පතිතුමන්ට සියළු තතු පහදා ලිපියක් ලියන්න. (ඉංගිරිසියෙන් ලියනවා නම් හොඳයි. හැම තැනම යුනිකෝඩ් තියෙනවාද නැත්ද දන්නෙ නැහැනෙ.) ඒ ලිපිය අනිවාර්යයෙන්ම පොලිස්පති තුමන්ට යොමු වෙනවාමයි. මා දන්නේ මා මේ ක්‍රියාවම කර සාර්ථක ප්‍රතිඵල අත් වූ නිසයි.

අත්දුටුවයි. ප්‍රත්‍යක්ෂයි.

- Taboo

නිලන්ත පියසිරි said...

@taboo subjects - ස්තුතියි, එයත් කරලා බලන්නම්