2010-08-03
නිලන්ත පියසිරි විසින් 15:13 පැයට
දැන්වීම් සහ හොර ගෑනු
පසු ගිය දිනයන් හී දවටගහ හන්දිය (Townhall, Lipton වටරවුම) අසලින් ගියේ නම් එහි වූ දැන්වීම් සමූහය නො දකින්නට විදිහක් නොමැත. "DG ගෙදර පල!", DG ගේ හොර ගෑනී ලබුදූවේ ජානකී", ලබුදූවේ ජානකී ගේ හොර මිනිහා DG" ආදී වශයෙන් කප්පරකට දැන්වීම් එහි වූයේ ය. මා හිතන්නේ දිනක ට වැඩිපුර ම දැන්වීම් ඇලවෙන්නේ, පුරහල සහ දවටගහ හන්දිය අවටය. නීතියේ හැටියට නම් අවසර ලත් තැන් හී හැර දැන්වීම් ඇලවීම තහනම් වේ. එහෙත් ලංකාවේ නීතිය, නිරන්තරයෙන් විහිළුවට ලක් කරමින් දැන්වීම් අලවන්නෝ තැනක් නො තැනක් නො බලා දැන්වීම් අලවති. ඒ හැර තීන්ත වලින් බිත්ති වල ලියති. දැන්වීම් සඳහා යන කඩදාසි නම් කෙතෙක් විය හැකිද? සමාජ සමානාත්මතාවය කෙසේ වෙතත් පොතක් පැන්සලක් ලබා ගැනීමට නො හැකි, ළමුන් කී දෙනෙකු ට මේ කඩදාසි උපයෝගී කොට ගෙන පොත් සැපැයිය හැකිද? නො තැන දැන්වීම් ඇලවීම වැලැක්විය නො හැක්කේ ඇයි? දැන්වීමක් ඇලවූ වහාම එය අයිති කා හට දැයි, ඕනෑම කෙනෙකු හට කිව හැක. චිත්‍රපටියක් නම් එහි නිෂ්පාදක, අමතර අධ්‍යාපනික ආයතනයක් නම් එහි අයිතිකරු ආදී වශයෙන් ඕනෑම දැන්වීමක අයිතිකරුවෙකු සොයා ගත හැක. (හැබැයි ඉහත කී හොර ගෑනු ගැන ගැසූ කැලෑ පත්තර වල නම් අයිතිකරුවෙකු සොයා ගැනීම ට නො හැකිව වනු ඇත.)
බසයේ නිවෙස බලා යද්දී ඉහත කී DG ගැන ගැසූ කැලෑ පත්තර දැන්වීම් වල කියැවුනු "DG ගෙදර පල!" යන්න කියැවූ මගේ මිතුරෙකු කීවේ එය ගසා ඇත්තේ DG ගේ හාමිනේ බවයි. ඒ කුමක් නිසාදැයි මම විමසුවෙමි.
"මේක නේ මචං, මිනිහා ගෙදර එන්නේ නැතිව ඇති, ඒකයි ගෙදර පල කියලා ගහලා තියෙන්නේ"
Subscribe to:
Post Comments (Atom)
2 අදහස් දැක්වීම්:
DJ කියන්නෙ කවුද?
Director General
Post a Comment