2008-12-16

නිලන්ත පියසිරි විසින් 09:22 පැයට
5

ගුණාත්මක විබපළක් (web site) සැදීම

විබපළ (website) සෑදීමේ දී යොදා ගන්නා අනේක ආකාර පෙරැකුම් බස් (programming languages) සහ මුදුකාංග මෙවලම් තොගයක් වෙයි. php කියයි, asp කියයි, සමහරෙක් ajax කියයි, තවත් සමහරෙක් jquery කියයි... නමුත් අන්තිම පිටදැමීම (output) බොහෝ විට html තමයි. කොහොම නමුත් සෑම විබපළක්ම නිර්මානයේ දී දැන් නම් එක්තරා රාමු කිහිපයකට කොටු වී ඇති බැව් හැඟේ. උඩින්ම විබපළෙහි නාමය හෝ මැය, මැදින් අළුත් වන පුවත, (බෝහෝ විට) වම් පසින් යාත්‍රණය (navigation).
කෙසේ හෝ වේවා, ගුණාත්මක විබපළක විය යුතු ගුණාංග මොනවාද? මුලින්ම විබපළ කියවන්න හැකි විය යුතුය. අකුරු, පසු තලය හා එක්ව නොයා වෙන්ව පෙනිය යුතුයි නොවෙද? විබපළ නිරන්තරයෙන් අළුත් විය යුතුයි, රූප සහ අකුරු අතර පරතරයක් තැබිය යුතුයි, ලෙහෙසියෙන් යාත්‍රණය කළ හැකි විය යුතුයි. ජනප්‍රිය browser සෑම තුල වරදක් නැතිව පෙනිය යුතුයි... ආදී ලෙස බොහෝ දේ මෙයට එකතු කළ හැක.
නමුත් තිබෙන පැණ අතර මූලික වෙන්නේ විබපළෙහි මූලික නිර්මාණයයි (general design). බොහෝ දෙනා කියන්නේ 640 x 460 pixel පරිමාණයට මෙය නිමැවිය යුතු බවයි. නමුත් දැන් ඇති බොහෝ පිරිගණන තිර (computer screens) තරමක් විසල් බැවින් එවැනි පරිමාණයට තිර සකසන්නෝ විරල වෙති. කෙසේ නමුදු තිරයේ පමණ මැණ විබපළෙහි නිමැයුම සැකසීමට හැකි වේද?

5 අදහස් දැක්වීම්:

ශාකුන්තල | Shaakunthala said...

අදහස අගෙයි. බොහෝ විබපළ වල ඉඩකඩ අපතේ යාම දකින්න පුළුවන්. මගේ බ්ලොග් සටහනත් එසේමයි. ;)

sameera madusanka said...

සිතිය යුතු දෙයක් නියමයි.
මෙකට පිලිතුරකුත් සෙවුවොත් නරකද?

Anonymous said...

Sorry for commenting on English as I am not comfortable with typing Sinhala in Mac.

We have a layout type called Liquid layout which will fit to what ever the screen width. But it has some design limitations as well.

ච.ගු said...

මම හිතන්නෙ ජූම්ලා, ඩෘපාල්, මෝජෝ වැනි CMS පද්ධති වඩාත් පහසුවෙන් ස්ථාපිත කරන්න පුලුවන් වීම නිසා ඒවා ප්‍රචලිත කිරීම හොදයි. විශෙශිත අවශ්යතා සදහා පමණක් පිටු හා Web Apps නිර්මාණය කරානම් හොදයි :-).

Chanaka Aruna Munasinghe said...

CSS පාවිච්චි කරන්න. වැඩේ ලේසියෙන්ම කර ගන්න පුලුවන්