2008-10-07

නිලන්ත පියසිරි විසින් 11:44 පැයට
2

බසයට පොත්

රැකියාව උදෙසා මඟට බට මට, මුලින්ම යා යුතු රු.7/- ක දුර යාමට අඩ පැයකට ආසන්නව, බසය තුල ගෙවෙන බැව් පෙර වියමනකින් මා පැවසූ බව මතකයි. දැන් ඒ කාලය රැක ගැනුමට මම බසය තුල පොතක් කියවමි. ඒ සඳහා ද තත්ව කිහිපයක් එළැඹිය යුතු වේ. එනම් අසුනක් ලදහොත්, බසයෙහි රෙදෙව්ව (radio) දමා නැතොත් සහ හිඳ ගත් පසු කරේ අයෙක් ලැඟ නැතොත් ආදී ලෙස වේ. කොළඹ මහජන පොත්ගුලෙන් ගන්නා පොත් දෙකක් තබා ගත හැක්කේ සති දෙකක් පමණි. පසු වන දිනයකට දඩය රු.5/- කි. ඉස්සර නම් වැඩිපුර සති දෙකක්-තුනක් පොතක් වැඩිපුර තබා ගන්නා මුත් දැන් නම් එය පසුම්බියට දැරිය නොහැක. (එකල දඩය දිනකට සත 25 කි.) කෙසේ නමුත් බසයේ පොත් කියැවීම ඇරැඹි පසු නියම දිනයටම පොත් බාර දීම කළ හැකිව පවතී. සමහර වේලාවට පුදුමත් හිතෙනවා බසයේ යන-එන ගමන් නොවැ මෙම පොත කියෙව්වේ කියා. පොත කෙතරම් සිත්ගන්නා සුළුද යන්න ද බසයේ පොත-පත කියැවීමේදී බෙහෙවින් බලපානු ලබයි. ඉගෙන ගත යුතු මුත් එතරම් කැමැති නැති කරුණු ඇති පොත් බසය තුල කියැවීමෙන් සිතට එතරම් නොවැටෙන බැව් අත්දැකීමෙන් දනිමි. නමුත් කැමැති විෂයන් ගැන ලියැවුනු පොත් කියවන කල බසය ගමනාන්තයට මෙතරම් වේගයෙන් ආවාදැයි සිතෙන අවස්ථාද වේ.

2 අදහස් දැක්වීම්:

තිලිණ said...

මම වැඩට යන බස්‌ වලත් වැඩිය සෙනග නැහැ. පොත් කියව කියව යන්න පුලුවන් කිසි කරදරයක්‌ නැතිව. පහුගිය දවසක පොතේ සිහියෙන් ඉදල කොන්දොස්‌තරට දෙපාරක්‌ සල්ලි දුන්න

Kasun said...

මමත් කරන්නේ ඕකම තමා. ගොඩක් වෙලාවට සමහර පොත් තනිකරම කියවලා ඉවර කරලා තියෙන්නේ බස්වල එද්දි නැත්නම් කොච්චියෙදි.