2008-10-10

නිලන්ත පියසිරි විසින් 12:53 පැයට
2

සූර්ය සිංහයෙක් වෙන්න පුළුවන් ද?

මේ දිනයන් හි තෙල දසුනෙහි (රූපවාහිනියේ) කිහිප විටක් ම දුටු "මම සූර්ය සිංහයෙක්, ඔබත් ......" යනුවෙන් විකාශනය වන ලාංකික නිපැයුම් මිළදී ගැනීම උදෙසා වූ දැන්වීමකි. නමුත් අපේ රටේ නිමැයුම්/නිපැයුම් ගැන මතය කුමක් ද? ජන වහරේ පවා ඇත්තේ

"අපෝ ඕක local එකක්, මා ගාව තියෙනවා original එකක්"

එනම් "දේශීය" දේ සහ "නියම" දේ ලෙස දේවල් වෙන් වේ. "දේශීය දේ නියම දේවල් නොවේ ද?" යන පැණය එයින් පැන නඟී. බාල බඩුවට කියන නමකි "දේශීය".

වෙළද පොළේ බඩු විකිනෙන්නේ

"නෝනා/මහත්තයා, මේවා imported බඩු, අපි ගාව බාල බඩු නැහැ" කියමිනය.

එයින් ඉපිලෙන තවත් පැණයකි, "ආනයිනික බඩු බාල නොවේ ද?" යන්න.

ඉඳින්, සූර්ය සිංහයෙක් වෙන්න, අපි කුමක් වෙළඳ පොළෙන් මිළදී ගනිමු ද? බොහෝ දෙනා කියන්නේ ලංකාවේ අඩුම තරමේ ඉඳි කට්ටක් වත් නොනිපදවෙන බවයි.

"මා සූර්ය සිංහයෙක් නිසා මා ගන්නේ ලාංකික දේවල් පමණයි" කියා පසෙකට වී අපට සිටිය හැකිද? වෙළද පොළේ අනුපාතයක් ලෙස ලාංකික නිපැයුම් කෙතරම් ඇති ද?

ඇපල් සහ දොඩම් වලට පමණක් රු. මිලියන 1245 ක මුදලක් විදෙස් වලට ඇදී ගිය බව පසුගිය දිනක පුවතක් විය. අපට ඇපල් නොකා මෙදෙස පළතුරු පමණක් කෑ නොහැකි ද? වෙළඳ පොළේ ඇත්තේ මෙරට පළතුරුම ද?, ලොකු පේර ගෙඩියක් "මැලේසියානු පේර" කියා විකුණයි, ලොකු අන්නාසි "මුරුසි අන්නාසි" කියා විකුණයි. සූර්ය සිංහයා බඩගින්නේය.

ලංකාවේ ම වාහනයක් නිපදවන තෙක් සිටි, සූර්ය සිංහයන්ට විදෙස් වාහන වලට වඩා අඩුවෙන් මිළදී ගත හැකි වනුයේ ලාංකික තනි රෝදේ වාහනයක් පමණි.

ඔබ මෙන්ම මා ද සූර්ය සිංහයෙක් වීමට ලැදිය. නමුත් ... සිංහ සෛයාව නම් මෙරට තවම ඇති වී නොමැත.

2 අදහස් දැක්වීම්:

Unknown said...

හරියටම හරි. ඔය ප්‍රශ්ණය අපි හැමෝටම තියෙනවා. ඒවගේම අපේ මිනිස්සු හරි විධියට ඒ කියන්නේ ගුණාත්මක බවින් යුතු භාණ්ඩ නිපදවන්නේ නැති එක ගැන තවත් කණගාටුයි

said...

නැත්තේ නැහැ. ඉතාම උසස් ගුණාත්මක බවකින් යුතු භාණ්ඩ අපේ රටේ නිපදවනව හැබැයි එවා සාමාන්‍ය මිනිස්සුන්ට ගන්න බැරි තරම් මිල අධිකයි. ලාබේට විකුණන අපේ රටේ හදන ඒවනම් තත්වයෙන් හරිම පහලයි