2008-10-30

නිලන්ත පියසිරි විසින් 14:42 පැයට
4

හිනා වෙනව ද? නොවෙනව ද?

මෙය බොහෝ කාලයකට පෙර සිදු වූවකි, නමුත් අද කෑම පැයේ දී මිතුරන් හා සංවාදයේ යෙදී සිටියදී නැවත මතු විය.

කාර්යාල කාර්ය සහයක අප සිටි පිරිගණක කාමරයට වුත්,
"සර්, අන්න SO සර්, ඩික්සන්ට එන්න කිව්වා".
"ඩික්සන්.... ම්.... මෙතන නැහැනෙ ඩික්සන් කියලා කෙනෙක්" අපේ අයෙක් කීවේය.
"ඒක නම් මම දන්නේ නැහැ, නමුත් ඩික්සන්ට එන්න කියලා තමයි, කිව්වේ" ඔහු නැවත කීවෙය.
"එහෙනම් මම එන්නම් කෝ.." කියා මම ඔහු හමුවීමට ගියෙමි.
මා ගිය කල ඔහු "ඇයි මාව මුණ ගැහෙන්නද?" විචාරීය.
"ඩික්සන් කියලා කෙනෙකුට කතා කළා ද?" මම ඇසුවෙමි.
"ඩික්සන්,...... නැහැ මම එහෙම කෙනෙකුට කතා කළේ නැහැ"
"එහෙනම් පියන් කීවේ?"
"අයියෝ, මම මිනිහට කිව්වේ computer room එකට ගිහින් dictionary ය අරන් එන්න කියලා නේ"

4 අදහස් දැක්වීම්:

Unknown said...

හිනා නම් යනවා තමයි වෙච්ච වැඩෙට.... ඒත් ඉතින් පව්! ඒක ඒ මනුස්‌සයාට ඇහිච්ච විදියනෙ...

amal ishantha said...
This comment has been removed by the author.
amal ishantha said...

ඔය හොඳයි. අපේ ආයතනයට වැඩට ආව කොළු ගැටයෙක්ට black, white දන්නේ නෑ ( ඒක මුද්‍රණ ආයතනයක්) . ඉතින් ‍කොහොමද ? අපි දන්න සිංහලෙන් කියලා දුන්නා ඒත් වැඩක් වුනේ නෑ.

malee_msg said...

අනේ හිනා ගියේ නැහැ නේ... පව් නොදන්න කම නිසා වෙන දේවල් නේ!