2008-12-15

නිලන්ත පියසිරි විසින් 10:05 පැයට
7

මස් බුදින්නෝ

අපේ අත්තා වරෙක ජීවක සූත්‍රය ගැන කළ විවරණයක සත්ව මස් අනුභවය ගැන බුදු හාමුදුරුවෝ දෙසූ ආකාරය මතකයි. වරෙක ජීවක නම් වූ වෙද තුමා බුදු හාමුදුරුවන්ගෙන් අහනවා "බුදු හාමුදුරුවනේ, මේ මිනිස්සු කියනවා ඔබ වහන්සේ මස් මාංශ අනුභව කරනවා කියලා, එය ඇත්තක්ද?" එවිට බුදු හාමුදුරුවෝ මෙලෙස පිළිවදන් දෙති. "එසේය ජීවක, මම මස් අනුභව කරමි, එහෙත් එය අවස්ථා තුනකදී හැර, එනම් යමෙක් මට කියන්නේ නම් මේ සතෙකු ගේ මස් බව මම අනුභව නොකරමි, සතෙකු මරා මස් ගත් බව මා දුටුවේ නම් මම අනුභව නොකරමි, එසේම මේ සතෙකු ගේ මස් බවට මට සැක සිතුනේ නම් මම අනුභව නොකරමි".
මෙම ජීවක සුත්‍රය ථේරවාදී බුදු දහමේ නොමැති බවත් එය මහායාන සූත්‍රයක් බවත් අත්තා කිවූ බව මට මතකය. කෙසේ මුත් බුදු දහම වැනි දහමක් දෙසූ බුදු හාමුදුරුවෝ යම් හෙයකින් හෝ මස් බිදීම අනුමත කළැයි බිදුකුදු හෝ සැකයක් තබා ගැනීම පවා පවක් බව මගේ පුද්ගලික මතයයි.

7 අදහස් දැක්වීම්:

Anonymous said...

මේ කතාව හරි කියල හිතමු. සාමාන්‍යයෙන් මස් වගේ කෑමක් තුන් හතර වතාවක් කද්දි වෙනස තේරුම් ගන්න පුළුවන්නේ නේද? ඒ කියන්නෙ මස් වල ස්වරූපය ඒව හැපෙන විධිය අනුව මස් මාළු අනිත් කෑම වලින් වෙන් කරගන්න පුළුවන්. ඉතිං ඔය කියන විධියට බුදුන් වහන්සෙ මස් මාළු කන්න විධියක් නෑ. මොකද උන් වහන්සේ සිදුහත්ව ගෙවපු අවදියෙම මස් මාංශ ගැන දැනගෙන ඉන්න ඕන. මෙතන පොඩි පරස්පර විරෝධී බවක් තියෙනව නේද? මස් ආහාර පිලිගන්වද්දි හෝ වලඳද්දි බුදුන් වහන්සෙට කෙලින්ම සැක කරන්න පුළුවන් මේ මස් බව. ඉතිං ආයෙ කියන්න ඕනද මම මස් අනුභව කරමි කියලා.

Dasun Sameera - දසුන් සමීර said...

ත්‍රිකෝටි පරිශූද්ධ මාංශය ගැන විවිද මත තියෙනවා. කෙසේවුවත් මිනිසාට රදනක දත් පිහිටා ඇතත් ආහාර ජිරණ පද්ධතිය ශාක දිරවීම පිණිසම සැකුණු එකක්. එහෙම එකේ මොකටද මස් කන්නේ.

අපේ සමහරක් අය තමන්ට මස් කන්ට ‍ඕන නිසා බුදුන්ටත් මස් කවන්න හදනවා. මොකද ඇයි බුදුහාමුදුරුවොත් කාල තියෙන් නේ මස්. ඔහොම කියලා තමන්ගේ වරද වහගන්න හදනවා. ඔය සූකර මාංශය ගැන කථාවත් එහෙම වාසියට හදා ගත් එකක්.

ශාකුන්තල | Shaakunthala said...

@බාල්දි‍ය,
මස් වගේ හැපෙන, මස් වල ස්වරූපය තියෙන ශාක ආහාර තියෙන්න පුළුවන් නේද? එක් උදාහරණයක් හතු. මම කොහේදි හෝ අසා ඇති අන්දමට සූකර මද්දවය කියන්නෙ ඌරු මස වගේ තද ගතිය තියෙන හතු වර්ගයක්.

Dasun Sameera - දසුන් සමීර said...

@බාල්දිය
නෑ කිසිම පරස්පර තාවක් නෑ. මෙතනදී බුදුන් අදහස් කරල තියෙන්නේ සතෙකු බවට සැකයක් හෝ ඇතිවුනොත් ආහාරයට ගන්නේ නෑ කියලා. සමහර අවස්ථාවන්හීදී අප නොදැනුවත්වම ගන්නා සහරක් ආහාරයන්ට කුඩා මාංශ කොටස් එකතු කරනවා. ඒ වගේ අවස්තාවක සීලය නොකැඩෙන බව අඟවන්න එසේ කියන්නට ඇති.

Anonymous said...

ඇත්ත කතාව විවිධ අය මේ දේවල් අහල ලියද්දි දේවල් හැලෙන එකයි. ඉතිං අපි වචන අල්ලගෙන තර්ක කරනව. කොහොම නමුත් මස් මාංශ අනුභවය ගැන මේ විතර්ක එක්ක සහ බුදුන්ගේ ජීවිතයටත් ඒක සම්බන්ධ වෙලා තියෙන විධියට ඉතිහාසයෙන් උත්තර හොයන්න අමාරුයි වගේ.

jayantha colombage said...

බුදුරජාණන් වහන්සේ නොවදාල ශික්ෂාපද සමාදන් වීමෙන් නිර්වාණ ධාතුව අවබෝධ කරන්න බෑ. උන්වහන්සේ ශික්ෂාව පණවා ඇත්තේ ප්‍රාණඝාතයට මිසක් මස් අනුභවයට නෙවෙයි. ආහාර ගන්නට කියා ඇත්තේ පඨිකූල මණසිකාරය කරලා. "නෙව මදාය..න මණ්ඩණාය.." ආදී වශයෙන්. එනම් "මා මේ ආහාරය ගන්නේ රසය සදහාවත්,ශරීරය සැරසීම සදහාවත්,විශේෂ පෝෂණය සදහාවත් ,විශේසයෙන් අලංකාර කරගැනීම සදහාවත් නොවේ.සාගින්න දුරුකරගැනීම පිණිසද,උතුම් බ්‍රහ්මචාරී ශීලය ආරක්ෂාකර ගැනීම පිනිසද ජීවිතය පවත්වා ගැනීම පිනිසද මේ ආහාරය ගනිමි"
ආහාරයේ ප්‍රමාණය දැනගෙන ආහාරගන්න යැයි කීවේ මේ නිසාය. මස් අනුභවය සම්බන්ධ උපමාවක් උන්වහන්සේ "පුත්‍රමාංසෝපම සූත්‍රයෙන්" දේශනා කොට වදාලා ඇත. එය මගේ මතකයේ හැටියට සංයුත්ත නිකායේ ඇතුලත්ව ඇත.අවශ්‍ය නම් එ් පුවත බ්ලොග් සටහනක් ලෙස පසුවට ලියන්නෙමි.
මස්මාලු කෑමෙන් වළකිණ ලෙස උන්වහන්සේ කොතැනකවත් වදාලා ඇති බවක් ත්‍රිපිටකයෙහි මා නම් දැක නැත.වැරදි නම් මා නිවැරදි කරන්න.

Anonymous said...

කරුණාකර මෙවැනි පුද්ගලික මතවලට ඒමට පෙර, බුදු රජානන් වහන්සේ ගේ දේශනා ඇසුරෙන් ම එය විසදා ගන්න. ඔබට හැකිනම් ඛුද්දක නිකායේ සුත්ත නිපතයේ ආමගධ සුත්‍රය කියවන්න.(තවද සීහ සේනාපති සූත්‍රය, ජීවක සූත්‍රය කියවන්නා

මාංශ අනුභවය අකැප දෙයක් ලෙස දෙව්දත් විසින් කියූ විට බුදුරජානන් වහන්සේ විසින් ප්‍රතික්ෂේප කරන ලදී.