2008-12-17

නිලන්ත පියසිරි විසින් 09:12 පැයට
2

පරණ පිරිගණනයට විවෘත කේත මෙහෙයුම් සුසැටියක්?

කාර්යාලයේ පිරිගණනය නම් විවෘත කේත වලට මාරු වෙලා දැන් අවුරුදු 4 පමණ වෙනවා, ඒත් ගෙදර තියෙන පරණ පිරිගණනය තවම වින්දෝස්. ම පිය සොඳුර එහි ඇබ්බැහියෙක් නිසා තමයි ඒ දවස් වලම විවෘත කේත වලට මාරු වුනේ නැත්තේ. කොහොම නමුත් මේ පිරිගණකය p3, 550MHz, 128MB ආදී වශයෙන් බොහෝ පරණ පිරිගණකයක්. දැන් දැන් දියණියත් මේක අත පත ගාන නිසා, මුල ඉඳන්ම විවෘත කේත වලට ඇයව හුරු කරන එක හොඳයි කියලා හිතුනා. ඉතිං මේ වගේ පිරිගණනයකට දමන්න පුළුවන් වගේම එයට දරන්න පුළුවන් ලිනුක්ස් බෙදාහැරීමක් (Linux Distro) ගැන දන්නා යමෙක් හිදී ද? FreeNAS ගැනත් කනින් කොනින් ආරංචි වුනා, තවත් තිබේ නම් හොඳයි. ඒ වගේම හැම දෙයකටම අතුරුජාලය නො ඉල්ලන්නේ නම් තවත් හොඳයි.

(මොකද ගෙදර එවැනි සබඳතාවයක් ගත්තොත් ගෙදරදිත් මේ පෙට්ටියේ එල්ලිලා ඉන්නවා කියා සොඳුර ගෙන් සොඳුරු බැණුම් අහන්න වෙනවා)

2 අදහස් දැක්වීම්:

Anonymous said...

මේවගේ එකකට හොදට ගැලපෙන්නේ නම්

http://www.ubuntu.com/products/whatisubuntu/xubuntu

තමයි, මේක රැම් 128MB වල කරදරයක් නැතුව දාවනය කරන්න පුලුවන්, හැබැයි මේකේ දුවන්නේ Xfce desktop environment එක, අඩුම ගානේ RAM එක 256MB කරගන්න පුලුවන්නම්, Ubuntu වගේ එකක් දාන්න පුලුවන්.

http://www.puppylinux.org/

කියන්නෙත් ගොඩක් හොද එක්ක, ගොඩක්ම අඩුවෙන් තමයි රැම් බාවිතා කරන්නේ, ගොඩක් හොදයි.

පසන් හෙට්ටිආරච්චි (Pasan Hettiarachchi) said...

මාත් හිතන්නේ xfce desktop environment හොඳයි. Xubuntu හෝ Fedora සමග Xfce භාවිතා කරන්න පුලුවන්. මං හිතන්නේ නිලන්ත භාවිතා කරන්නේ fedora නිසා Fedora Xfce spin එකක් භාවිතා කරන එක ලේසි වෙයි.