2008-12-23

නිලන්ත පියසිරි විසින් 09:39 පැයට
4

ලෝකය වැළඳීම

පසු ගිය දිනක පුවත් අසා හීදීමේදී අපූරු දෙයක් අසන්න ලැබුනා. එනම් අපේ දැනට ලෝකයේ සිටින මිනිසුන් විසින් ඔවුන් පරිභෝජනය කළ යුතු සම්පත් ප්‍රමාණයට වඩා 60% කින් ඉක්මවා ලෝක සම්පත් පරිභෝජනය කරන බවකි. එහිදී ලෝක ජනගහනය පසුගිය වසර 50 තුලදී දෙගුණයක් වූ බවද, වසර 2035 වන විට ඇතිවන ලෝක ජනගහනයට තවත් මෙවැනි ප්‍රථිවියක සම්පත් ප්‍රමාණයක් අවැසි බවද කියැවුනි. මෙහිදී මට පැණ නැගුනු පැණයකි. එනම් ලෝක ජනගහනය පමණට වඩා 60% සම්පත් වළඳියි නම් මොවුන් කෙතරම් සුඛෝපබෝගී ජීවිත ගත කරනු ඇතිද? එහෙත් බොහෝ රටවලින් ඇසෙන්නේ නිරාහාරව මිය ගිය මිනිසුන් ගැනයි. මේ ගැන සොයා බැලීමේදී අපූරු රූප සටහනක් හමු වූවා. ඒ වසර 2005 දී ලෝක මිනිසුන් ගේ පුද්ගලික පරිභෝජනය ගැන ප්‍රස්ථාරයක්. එහි කියවෙන්නේ ලෝකයේ ජනගහනයෙන් පොහොසතුන් 20% වන මිනිස්සු ලෝකයෙන් 76.6% පරිභෝජනය කරන බවත්, ලෝක ජනගහනයෙන් 60% වන මැද පන්තියේ මිනිසුන් විසින් ලෝකයෙන් 21.9% කා දමන බවත්, ලෝක ජනගහනයෙන් 20% වන දුප්පතුන්ට පරිභෝජනය සඳහා ඉතිරිව ඇත්තේ 1.5% ප්‍රමාණයක් බවත්ය. හොඳයි දැන් පැණ නඟින පැණය තමයි එතකොට උවමනාවට වඩා 60% ලෝකයෙන් පරිභොජනය කරන්නේ නම් මේ පොහොසත් මිනිස්සු ලෝකයෙන් කොපමණ ප්‍රමාණයක් කනවා ඇතිද?

4 අදහස් දැක්වීම්:

Anonymous said...

Don’t have to go to international level.

How much Rajapakse family consumes compared to a farmer family?

I heard from a guy works in a call centre, President, not a business leader, has the highest mobile phone bill in Sri Lanka and it is above Rs. 1 million per month.

How much money wasted by Rajapakse to have his own public-private Mihin air airline?

Just like Idi Amin's Uganda.

Anonymous said...

මේක අපට ව්‍යාපාර කළමණාකරනයෙදි යන්තම් කියල දුන්න ඕපන් ආර්ක් එකේ දයා හෙට්ටිආරච්චි සර්. ලංකාව ගත්තත් 80%ක සම්පත් පරිභෝජනය කරන්නෙ 20% ක මිනිස්සු ටිකක්ලු. ඉතිරි 80%ක මිනිස්සුන්ට ඉතිරි වෙන්නෙ 20%ක සම්පත්.

Anonymous said...

@sagara
මිනිත්තුවකට රු. 30 ගණනේ දවසට පැය 18ක් (නිදා ගන්න පැය 6යි :))දවස් තිහක් දුරකථනයෙන් අන්තර්ජාතික ඇමතුම් ලබාගත්තත් රු. මිලියනයක් වියදම් කල නොහැකියි! :)

Anonymous said...

@ප්‍රසාන්,

I was waiting till some stupid guy ask this stupid question.

Check international roaming charges!