2009-01-09

නිලන්ත පියසිරි විසින් 09:51 පැයට
8

කුමන්ත්‍රණ

මාධ්‍ය ආයතන වලට පහර දීම්, මාධ්‍යවේදීන් මැරීම්, ආදිය මේ අපේ රටේ උනාමයි නොවැ. ඉතින් හැමෝම ඒ ගැන කළබල වීම ස්වභාවිකයි. දැන් බලමුකෝ වෙලා තියෙන්නේ මොකක්ද කියලා. මාධ්‍ය ආයතනයකට ගහලා කුඩු වෙන්න, මාධ්‍යවේදියෙක් ඔළුවට වෙඩි තියලා මරලා. ඒවා හරිද? මොන ආගමකට වුනත්, මොන සංස්කෘතියකට වුනත් ඒක නම් වැරදියි. එතකොට දැන් කෙනෙක් අපට කියන්නේ මාධ්‍යට එරෙහිව, එය මැඩීම සඳහා රජයේ කුමන්ත්‍රණයක් ඇති බවය. ඒක හරි නොවැ. අපි කියන්නෙමු. ඔන්න තව කෙනෙක් කියනවා, මේ රජය ත්‍රස්තයන් පරද්දගෙන යන්නේ, එය වැලැක්වීම උදෙසා ක්‍රියා කරන ත්‍රස්ත බත් බැලයෝ තමයි රජය අපකීර්තියට පත් කිරීමේ අරමුණෙන් මේ කුමන්ත්‍රණය කරන්නේ කියා. බැලූ බැල්මට එයත් හරි නොවැ. තවත් අයෙක් කියනවා, ඡන්දයකුත් අත ලඟ තියාගෙන සියදිවි හානි කර ගන්නවා වගේ මෙවැනි දෙයක් රජය කරන්නේ නැහැ, මෙය විපක්ෂයේ කුමන්ත්‍රණයක් කියා. ඔව් ඔව් ඒකත් වෙන්න පුළුවන් අපි ඒකටත් එකඟ වෙන්නෙමු. එතකොට තවත් කට්ටියක් කියනවා, ඡන්දය ලඟ තියාගෙන රජය මෙවැනි දෙයක් කරන්නේ නැහැ කියලා ජනතාව හිතන නිසා රජය විසින්ම මේවා කළා කියා. ඒකත් වෙන්න පුළුවන්.

මට හිතෙන දෙයකුත් මම මෙතන කියන්නෙමි. කරුණාකරලා කොටි ත්‍රස්තයෝ සුද්ද කරගන්න කම් කවුරු කවුරුත් ඇණ කොටා ගන්නේ නැතිව ඉන්නවද?

8 අදහස් දැක්වීම්:

Anonymous said...

වෙනත් විදියකින් කිව්වොත් කොටි ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා අප රාජ්‍ය ත්‍රස්තවාදය ඉවසිය යුතුයි. හරිද?

Anonymous said...

හරි

Anonymous said...

@Anonymous,

ඇත්ත කතා කිරීම ගැන ස්තූතියි.

කොහේදෝ චන්දෙකදිත් ලියලා තිබුනලු ඌත් හොරා මූත් හොරා ගමේ හොරාට චන්දය දෙන්න කියලා.

ත්‍රස්තවාදය වුනත් අපේනේ.

Anonymous said...

@සාගර,

ප්‍රභාකරන්ටත් මටත් පුක දීම ගැන ඔයාට තෑන්ක්ස්.
මල්ලි ඔයා හරිම ස්වීට්.

Anonymous said...

පුක දෙන එක ඉතිං මගෙ රස්සාවනේ. ඔයා මෙතන මට සපෝට් නිසා ඩිස්කවුන්ට් එකක් දෙන්නං 10%ක. මොකද කියන්නෙ?

Anonymous said...

මහත්තයෝ, මේ සිදුවීම් ආණ්ඩුවේ ගිණුමට බැර වෙන්නේ ජනාධිපතිතුමා සාටකයෙන් කට බැඳගෙන, සරම කැහපට ගහගෙන මෝටර් සයිකලයක පිටුපස වාඩිවී ගොස් ලසන්තට වෙඩි තිබ්බාය යන පටු අර්ථයෙන් නොවේ. ලසන්ත ජනාධිපතිතුමාගේ හොඳම මිතුරකු බවත් ඔහු මෙවැන්නක් කෙරෙව්වාය කියා කිසිසේත් හිතන්නට බැරි බවත් කියන්නේ වික්ටර් අයිවන්ය. එය 100% ඇත්තකැයි මම සිතමි.

කවුරු කළත් ලසන්ත ඝාතනය වන්නේ මහින්ද විසින් තම පැවත්ම උදෙසා නිර්මාණය කරණ ලද යුද උන්මාදය තුළය. ඔහු මරා දැමීමට තවත් බොහෝ දෙනාට උවමනාව තිබුනත් එය නොකළ හැකි වුයේ එබඳු අවදානමක් ගන්නට තරම් පරිසරයක් නොවූ බැවිනි. අද මේ යුදෝන්මාදී පරිසරය තූළ එක්තරා පිරිසක් කරන ඕනෑම ක්‍රියාවක් ප්‍රශ්න නොකොට පිළිගන්නට සමාජයට බල කරයි. අගවිනිසුරුතුමාට පවා එවන් සමාජ ආරක්ෂාවක් නැත. ආණ්ඩුවත් මහින්දත් වගකිව යුතු වන්නේ එබඳු පරිසරයක් නිර්මාණය කිරීම ගැනය. (කිසිම සාක්කියක් නැතිව පූර්ව නිගමන වලට බැස ආණ්ඩුවට සුදුහුනු ගාන බ්ලොග් ලියවෙන්නේද එබඳු පරිසරයකය )

මේ වගකීමෙන් ආණ්ඩුවට මිදිය හැකි එකම මාර්ගය සිද්ධියට වග කිවයුත්තන් සොයා අධිකරණයට ඉදිරිපත් කිරීමය. එය සිදුවනතුරු මේ සියල්ල ආණ්ඩුවේ ගිණුමට ඉබේ බැරවෙයි.

මේ නිසා අපවාදයෙන් බේරීමේ යතුර ඇත්තේ ආණ්ඩුව අතය. අනුන්ට දොස් නඟා පලක් නැත. පදනමක් නැතිව කියන කුමන්ත්‍රණ ගොන් කතා වලට සිනා විය යුත්තේ කටින් නොවේ.

Anonymous said...

මෙහි පස්වැන්නට 'සාගර' නමින් ඇති කමෙන්ටුව මගේ නොවේ. කුණුහරුප කියන්නට බැරිකමක් නැතිමුත් අවශ්‍යතාවයක් නැත.

- සාගර

නිලන්ත පියසිරි said...

මම යමෙකුගේ අදහසක් ඉවත දැමීමට අකමැත්තෙමි. නමුත් කුණු හරුප යැයි සමාජය පිළිගත් වචන මෙහි භාවිතය ගැන මම කණගාටු වෙමි.