2008-08-28

නිලන්ත පියසිරි විසින් 12:44 පැයට
2

සිය දිවි නසා ගැන්ම

දින සටහන් ලියනුයේ බොහෝ කලෙකිනි. හේතුව කීමටත් එක්තරා ආකාරයක කුහුලක් පවතී. නමුත් නො කියා නො හැකිමය. මගේ සොඳුරිය ගේ බාල සොහොයුරා සිය දිවි තොර කර ගත්තේය. මෙය විටෙක මුළු පවුලට ම නින්දාවකි, තවත් අතට සැවොට ම මහත් දුකකි. දිවි තොර කරගත් ආකාරය සහ ඒ ගැන මම මෙහි දී කිසිවක් නො කියමි. තවද එවැනි මෝඩ මිනිසෙකු සහෝදරයෙකු ලෙස ලැබූ මා පිය සොඳුරිය ද, එවන් දරුවෙකු මෙතරම් කලක් උගන්වා උස් මහත් කොට උසස් උගෙනුමටත් වියදම් කොට සෑදූ මව්පියන් ද ඒ අතින් අවාසානාවන්තයෝ වෙති. තම ජීවිතය වුවද තමන් ගේ දෙමව්පින් ගැන, සහෝදර සහෝදරියන් ගැන නො සිතා අවසන් කර ගැන්මට කිසිවෙකුට සදාචාරාත්මක අයිතියක් නැත්තේමය. ම සොඳුර අප ගේ දෙවැනි දරුවා බලාපොරත්තුව සිටින්නීය. ඇය කෙතරම් සංතාපයකට පත් විනිද. හේ දිවි තොර කර ගත්තේ යමෙකුගෙන් පලිගැන්මට නම්, ඒ පලිගත්තේ ඒ කිසිවෙකු ගෙන් නොවේ, තම දෙමව්පියන් ගෙනි, තම සහෝදර සහෝදරියන් ගෙනි. හේ රිදවන්නට උත්සහ කළේ කිසිවෙකු ගෙන් නම් එය ද එසේමය. මෙම ආරංචිය මට ලැබෙන විට 19 වෙනිදා මැදියමේ 12.10 පමණ විය. සොඳුරිය ගේ මව ද අප නිවසේ වසන්නීය. මා විසින් තවත් තැනකට තෙල පවසුවෙන් අමතා සිදුවීම සනාථ කර ගන්නා ලදි. ඉඳින් මම මේ පුවත, තම බාල සොහොයුරා, තම බාල පුතු මිය ගොස් ඇති පුවත කෙසේ නම් කියන්නෙම්ද? දරුවා ලැබීමට ආසන්න ව සිටින ඇයට මෙය දරා ගත හැකි වේද? නැන්දනිය සිහි නැති වුවහොත් මම කුමක් කරන්නෙම් ද? මට කළ හැකිව තිබුනේ සෑම දරුවෙකුම ගන්නා පියවර පමණි, එනම් මගේ දෙමව්පියන් ඇමතීමයි. "අම්මා...." මට කිව හැකි වුනේ එපමණකි. අසරණ කමට හැඬුම් ආවේය. ඔවුනට හැකි තරම් උදයෙන් ගෙදර එන ලෙස කියූ මා පහන් වන තුරු නොනිදා රැය පහන් කළෙමි. ඒ අතර තුර කාලයේ මා කෙතරම් අසරණද යන්න කිහිප විටකදීම තේරුම් ගියේය. මරණයක් ස්වභාවියකය. නමුත් සිය දිවි තොර කර ගැනීමක් කිසි විටෙක ස්‍වභාවික නොවේ.

2 අදහස් දැක්වීම්:

Anonymous said...

Society always try to blame someone for their mistakes. It's always easy to blame the dead guy, but did you ever stopped to think the reason he committed suicide. Did you ever noticed the kind of depression he would have been in? If the answer is YES then why didn't you do something before it reached this point. If the answer is NO we all can see why he committed suicide (coz his loved ones doesn't even notice that he's under depression and that tells how much less attention he's getting). Do you think people commit suicide as a hobby? NO
it's because of the depression. It could be due to unjustifiable actions from others, unbalance state of mind and so many other various reasons.
But what ever that reason may be one thing it's not, it's not the fault of the the dead guy.

fossurgeon said...

නිලන්ත,

මට ඔබේ දුකත් තරහත් දෙකම තේරෙනව. මගේ පාසලේ හොඳින් දන්නා මිතුරෙක් එවැන්නක් කර ගත්විට මටත් ඇතිවූයේ ඔවැනිම අදහස් ය. ඔහුට අවුරද්දක දුවෙක් සිතියා. සිය දිවි නසා ගැනීම පවක් ලෙස බොහෝ ආගම් වල සලකන්නේ ඇයි? එය කරන්නා තමාටත් තම දෙමව්පිය සොයුරු මිතු අයට ඇතිකරන දුකයි. සමාජයට ඇතිකරන බරයි, සැකයයි.

මෙතන වරදකරුවකු සෙවිම අපහසු විය හැකයි. නමුත් මීට හේතුවූ දේ ගැන බොහොවිට කාට හෝ ඔවුන් දන්වනවා. නැතහොත් අඟවනවා. අවාසනාවට කාර්ය බහුල අය වන අප සැමට එය තේරෙන්න නෑ. එවිට ඔවුන් තනි වෙනව. දුක බෙදා ගන්න බෑ, කියා ගන්න බැරි නිසා.

මේ ගැන ලැජ්ජා වීමට අවැසි නෑ. ඔහුට සමාව දෙන්න. ඔබ සියල්ලෝම තමනට ද සමාව දෙන්න. ඔහුට මෙත්තා වඩා පින් දෙන්න. එවිට කැලලක් හිටින්නෙ නැතුව තුවාලය හොඳ වේවි.