2008-08-29
නිලන්ත පියසිරි විසින් 11:55 පැයට
සිය දිවි නසා ගැනීම - අතුරු කථාව
මාගේ මයිලනුවන් දිවි තොර කර ගැන්මෙන්, අප සියලු දෙනා හට ඇති වුනු කම්පනය මහත් බව නොකිව මනාය. නමුදු හේ එසේ කර ගැනුමට තරම් පබල තෙරපුමකට බඳුන් වන්නට ඇති බව ද සැබෑය. එ අවසරයෙහි සිතේ කිනම් වූ සිතුවිලි මාලාවක් යන්නට ඇති දැයි කිසිවෙකුටත් කිව නොහැක. කෙසේ නමුදු අපි සියල්ලෝම ඔහුට සමාව දෙන්නෙමු. නමුත් දැන් අතුරු කථාව...
මහේස්ත්‍රාත් පිරික්සුමෙන් පසු මළ සිරුර මරණ පිරික්සුම උදෙසා එම පරික්‍ෂක වෙත ගෙන යාමට පොලිසිය වෙත පැවරුණි. පළමුව ගෙන ගිය රෝහල එම පිරික්සුම එහි කැරුමට පහසුකම් නොමැති බැව් පැවසීය. සිරුර පහසුකම් ඇති රෝහලක් වෙත ගෙන යන ලදි. නමුත් පොලිසීයට පවා ගමන් පහසුව අප විසින් සැලසිය යුතුව තිබුණි. එවැන්නකට පවා පොලිසියක වාහනක් නොමැත. මේ සඳහා වන නොයෙකුත් ලිපි වල සේයා පිටපත් ගැන්මට පොලිස් නිලදරුවා විසින් මා හට පවරණ ලදි. කෙසේ හෝ පරික්‍ෂක වෙත සිරුර ගෙන ගිය පසු එය කැපීමට නියම කළ වේලාවේ පටන් එම මිනී කාමරයේ (mortuary) වන සේවකයින් අල්ලස් ඉල්ලූ සැටි කීමට අජූවය. පිරුක්සුමෙන් පසු මළ සිරුර ඉවත් කර ගැනුම උදෙසා එම රෝහලේ සුලු සේවකයෙකු විසින් යම් ආකාරයක මුද්‍රාවක් තබා කරනු ලබන කාරියක් වේ. එහිදී හේ විසින් නොයෙකුත් ආකාරයේ ලිපි වල ලුහුඩු කම් කීමට විනි. මා නැවත පොලිස් නිලදරුවා වෙත ගොස් එය ගැන කී විට කීවේ, ඔහුත් අල්ලස් ඉල්ලන බවකි. මයිලනුවන් ගැන මට දුක් වන්නට පවා වේලාවක් නැති කල, මිනිසුන් අසරණ වූ තැනම ඒ මත යැපෙන්නට තනන මෙම පාපතරයන් ගැන කෙසේ නම් මා කිපිය යුතුද? මිනී කාමරය අසල සරන මල් ශාලා තැරැව්කරුවන් ඇත්තෙන්ම මිනී කන ගිජුලිහිණියන් හා සම වේ මැයි. අවසන දී කිව යුතු දේ නම් මා මේ කිසිවෙකුට අල්ලසක් දීමට තරම් අසරණ නොවී සිත දැඩි කර ගත් බව පමණි.

Subscribe to:
Post Comments (Atom)
2 අදහස් දැක්වීම්:
කෙනෙකුගෙ දුකේදි අල්ලස් ඉල්ලන වසලයින්ට ගැති නොවී, ඉතාම අසරණ මොහොතකත් තම ආත්ම ගරුත්වය මුදුන් කොට සැලකූ ඔබ උදාරයි නිලන්ත ...
රට තුල දහම නිවී යන බව පැහැදිලිවේ. නිලන්ත, ඔබ හද තුල තවම පහන දැල්වේ.
Post a Comment