2008-09-10

නිලන්ත පියසිරි විසින් 11:59 පැයට
2

හැඳුනුම් කම

පසු ගිය දවස් කිහිපය මා සොඳුරිය ගේ ගම් පලාතේ වසන්නට වූයේ, මලයා ගේ මළ ගෙය නිසාවෙනි. එහි දී අත් විදි දෙයක් අද බසයේ ගමන අතරතුර මතක් විය. දිනෙක මම මාතලේ නඟරයට දානයට අවැසි දේ ගෙන ඒමට බසයේ ගමනේ යෙදුනෙමි. මා බසයට නැගුන වේලේ පටන් අප කොළඹ දී අත්දකින කොන්දොස්තර මහතා ගේ "ඉදිරියට-පසුපසට" සහ "සල්ලි ගන්න" නැමැති වදන් පෙලට හාත් පසින් ම වෙනස් කතා බහක මෙහි වූ කොන්දොස්තර යෙදුනි. මතක කිහිපයක් පහත සඳහන් කරමි.

"හරි නිමල් මල්ලි කොහොම හරි එල්ලෙන්න, හරි ද? හරි යමු"

"නිමල්කා, චූටි දුව, නිල්මිණි නැන්දා බබෙක් ලැබෙන්නනෙ ඉන්නේ පොඩ්ඩක් නැඟිටලා ඉඩ දෙනවද?"

"ආ! ඇක්මොන් මාමේ, සාදික්කා මල්ල ඔන්න ඔය පැත්තෙන් දා ගන්න. ඉතින් කීයටද මේ දවස් වල සාදික්කා විකිනෙන්නේ?"


මේ කොන්දොස්තර මහතා හැමෝටම කතා කලේ නම කියලා. ඒ කියන්නේ මේ හැමෝවම හඳුනනවා. මට පුදුම අපේ කමක් දැනුනා. පුදුමේ කියන්නේ ඔහු මාවත් හදුනනවා.

"ඉතිං මහත්තයෝ හරි කරදරේ නේද වුනේ, අපි රෑට මළ ගේ පැත්තේ එන්නම් කෝ"


කොටි ත්‍රස්තයෙකුට නම් මළාට මේ බස් රියේ නම් බෝම්බ ගෙනියන්න බැහැ. මොකද හැමෝම එකිනෙකා හඳුනනවා.

අප සැවොම එක ගමේ මිනිස්සු කියන පණිවිඩය තමයි, ඒ කොන්දොස්තර මහත්තයා ගේ වදන් වල තිබුනේ. අපට එය තරමක් දිග කර ගන්න පුලුවන්, අප සැවෝම එක රටේ මිනිස්සු.

2 අදහස් දැක්වීම්:

෴ මහේෂ්-ඩී-ජය ෴ said...

බොහොම අපූරුයි! මේ වගේ අවස්තා අපේ ගම් පාලා‍තෙත් දකින්ට පුළුවන් කම තිබෙනවා. හේතුව ගම් වලට යන බස්වල සිටින කොන්දොස්තර මහත්වරු බොහෝදුරට ඒගමේ හෝ අවට ගමක කෙනෙක්. ඒනිසා මගීන් බොහෝදෙනෙක් ඔහුව හඳුනනවා. ඉතිං ඒක කොන්දොස්තර මහත්මයගෙ වෘත්තීය ආශ්වාදයට වගේම ගමන් ගන්නා මගීන්ටත් ලොකු අස්වැසිල්ලක්. කවුද අකැමැති තමා දන්න අඳුනන කෙනෙක් වැඩ කරන බස් රථයක ගමනක් යන්න නේද?

අමල් ඉෂාන්ත said...

ඔහොම බස් තියෙනවනම් මම අනික් බස් වල යන්නේ නෑ නිකං එක්ක යනවා කීවත්. මලාට වත්...