2008-09-29

නිලන්ත පියසිරි විසින් 15:24 පැයට
5

ඇවිද්ද පය

උදේ මඟ ට බට මට එහි වූ රිය කන්දරාව දුටු කල කෙසේ නම් වැඩපළ ට එන්නෙම් දැයි සිතුණි. කිසිදු රියක් එහි වූ සකක් සොලවන බවක් දිස් නොවුනි. ඊ ලඟ බසය ගැනුමට මා හට රු. 2/- දුරක් පැමිණිය යුතුව තිබුණි. මම හොඳ හුස්මක් ගෙන පයින් ම ගමන් ඇරඹුවෙමි. අරමුණ වූ යේ, බසයක් මා පසු කිරීමට පළමුව ගමනාන්තය වෙත යාමයි. කෙටි මඟ නොමැති වුව ද, වේගයෙන් ගොස් බස නැවතුම්පලට ලඟා වූයෙමි. ජයගත් ලීලාවෙන් අනෙක් බසයට නැඟුන ද, දහදිය වැඟිරෙන්නට වූයේ උදෙන් ම මෙවැනි ගමන් එපා කියන්නාක් මෙනි. බස් පලුවා (conductor) ලඟට එනවිට මා සිටියේ හොඳින් දහදිය නාගෙන ය. මගේ පය දහස් වටී ද යැයි බැලුමට ගිය කල දුටුවේ හොඳින් ඔප දමාගෙන ආ පාවහන් ගන්න දෙයක් නොමැති බවයි.

5 අදහස් දැක්වීම්:

PVGM said...

හනේ හපොයි.... ;) .

Bandula - බන්දුල said...

රු. 2/- දුරක්?
ක්‍රි.ව. 1980 විතරද?

malee_msg said...

හික් හික් රුපියල් දෙකේ දුර කිව්වේ හොල්ට් එකක හරි භාගයක හරි විතර දුරක් ද? 

නිලන්ත පියසිරි said...

අනේ කමන්න, රු. 2/- නොවේ. රු. 7/-, යතුරු කිරීමේ වැරැද්දක්.

ජයතුලංකා said...

පාවහන් දෙක ගැන හිතන්න එපා. එක් ආයෙත් ඔප දාගන්න පුළුවන්. ඇවිදීමෙන් ගතට දැනෙන ව්‍යායාමය ගැන පමණක් හිතුවාම ඇති.

කොහොමත් දැන් බස් වල යන එන අය ඇවිදින්න හොරයි. ඇග හොර වුනාම කොයි වෙලෙත් හිතට එන්නේ බස් එකේ යමු. පයින් ගියොත් ඇදුම කැත වෙනවා වගේ සිතුවිල්ලක්.

හැබැයි දොස්තර මහත්තයෙක් කිව්වොත් නම් කට්ට්ය දිව එළියට දාගෙන ඇවිදි ඒක පොහොසත් පැළැත්තියේ ක්‍රියාවක් කියලා නම්.