2008-11-21

නිලන්ත පියසිරි විසින් 14:14 පැයට
6

විවිධත්වය හා ඒකාකාරිත්වය

දැන් ලංකාවේ තිබේ යැයි කියන පැණය කුමක්ද? ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය ද? ඒක නොවේ බොහෝ දෙනෙකුට අනුව පැණය. පැණය නම් ජනවාර්ගික ගැටළුවයි. දේස පාලුවෙක් ගෙන් ඇසුවොත්, විද්වතෙකුගෙන් අසුවොත්, බොහෝ සාමාන්‍ය ජනතාවගෙන් ඇසුවොත් කියන්නේ "ජනවාර්ගික ගැටළුව තමයි රටේ මූලික ගැටළුව". ඒත් හත් දෙයියනේ කවුරුවත් කියන්නේ නැහැනේ මේ ගැටළුව මොකක්ද කියලා. ජනවර්ග කිව්වහම සිංහළ, දෙමළ, මුස්ලිම් මූලික කොට ගෙන කිහිපයක්ම තියෙනවා නොවැ. මේ බහු බූතයෝ හැමෝම කියන්නේ යුද්ධය එපා ජනවාර්ගික ගැටළුවට විසඳුමක් ලබා දෙන ලෙසයි. අප මූලික ලෙසම සිංහළ දෙමළ ජනවර්ග දෙක ගනිමු. දෙමෙල්ලුන්ගෙන් භාගයකට වඩා ඉන්නේ ඊනියා ඊලාම් දේසේ නොව අනෙක් පැති වල බවයි කියැවෙන්නේ. ඉඳින් අපේ සිංහල ජාතිවාදියෝ දෙමළ අම්මා කෙනෙක්/මුස්ලිම් අම්මා කෙනෙක් ළමයෙක් වඩාගෙන බසයට නැඟුනොත් වාඩි වෙන්න ඉඩක් දෙන්නේ නැතිද? (කාටවත් ඉඩ දෙන්නේ නැති අය ඉන්නවා ඒක වෙනම කථාවක්). දෙමළ/මුස්ලිම් කඩවලින් බඩු ගන්නේ නැතිද? දෙමළ/මුස්ලිම් හිඟන්නන්ට හිඟමන් නොදෙන්නේද?

නමුත් සිංහළයෝ බොහෝ දෙනෙක් ජාතිවාදීන් බවයි, මේ බොහෝ ඊනියා සාමවාදීන් ගේ කියමන. ඔවුන්ට අනුව මහ ජාතියෙන් සුළු ජාතින්ට වෙන්නේම කෙනෙහෙලි කම්. නමුත් මුස්ලිමුන්ට පමණක් හිඟමන් දෙන මුසල්මානුවෝ බොහෝ දෙනෙක් ඉන්නා බව මම පුද්ගලිකව දනිමි. වවුනියා (වැව්‍නිමාව) යන කෝච්‍චියේ දෙමළුන්ට පමණක් අසුන් දෙන දෙමළුන් මම දැසින් දැක ඇත්තෙමි. ජාතිවාදීන් කවරෙහුද?

අපි (සිංහළයෝ) හැමදාම විවිධත්වයට කැමැති අය වෙන්නෙමු. තෝසේ රස විදින්නේත්, කොත්තු රස විදින්නේත්, දෙමළ සින්දු අහන්නේත් ඇයි? කමල් හසන් ගේ සේයා රූ කාමරයේ ගසා ගෙන ඉන්නේ ඇයි? බසයේ දකින දෙමළ දරුවා සුරතල් කරන්නේ ඇයි?

දැන් බොහෝ සාමවාදීන් ගේ විසදුම කුමක්ද? දෙමළුන්ට වෙනම පරිපාලන ව්‍යුහයක්, මුසල්මානුවන්ට වෙනම පරිපාලනයක්, වැද්දන්ට වෙනම ව්‍යුහයක්. එකට ඉන්න හොඳ නැහැ.

ජෛව විවිධත්වය අතින් සරුසාර රටක් ලෙස අපේ රට කැපී පෙනෙන බව තමයි කියන්නේ. ඒ විවිධත්වය ලස්සනයි, මේ ජාතින්ගේ විවිධත්වය කැතයි. කාටද කියන්නේ මේ අවනඩුව?

6 අදහස් දැක්වීම්:

තරිඳු said...

කාට කියන්ටද නිලන්ත මහත්තයෝ මේව.....

මේව කිව්වහම කියන්නේ ආණ්ඩුවට කඩේ යනව කියලා.
අපි සිංහල උන පලියට මුන් ඉල්ලන ඔක්කෝම දීල අත පිහදාගන්ඩ ඕනෙද කියන ප්‍රශ්නෙයි මට තියෙන්නේ...

Anonymous said...

ජාතිවාදය සිංහලයාගේ දෙමළාගේ ද යන්න අදාළ නැත. දෙවර්ගයේම ජාතිවාදය එකසේ පිළිකුල් කළ යුතු ය.

එසේ වුවද මා සිංහලයෙකු ලෙස වඩාත් කැමති සිංහල ජාතිවාදයට වැඩිපුර පහර ගැසීමට ය. ඒ මා සැබෑ අභිමානයෙන් පෙළෙන සිංහලයෙකු බැවිනි. මට අභිමානයෙන් සිංහලයෙකු ලෙස ජීවත්විය හැක්කේ සිංහලයන් අතර පවතින ජාතිවාදය නැති කිරීමට දායක වීමෙනි.

මගේ ඒ දායකත්වය දෙමලූන් අතර ජාතිවාදය තුරන් කිරීමට ද අනුබල දෙනු ඇති බව මගේ දැඩි විශ්වාසයයි. වෛරයෙන් වෛරය නොනිමෙන බව කීවේ මා අදහන අනුයන බුදුන් වහන්සේ ය. ජාතිවාදය ජාතිවාදයෙන් නැසිය නොහැකිය යන්න ද එයින් ගම්‍ය වේ.

හීනමානයෙන් පෙළෙන බොහෝ සිංහලයින් කැමති දෙමලා බිම ඇන්නවීමට ය. දෙකේ කොළයට දැමීමට ය. පීචං කිරීමට ය. පරයෙකු කිරීමට ය. කටපියා ගෙන දෙන දෙයක් බාර ගන්නා සුලූ ජාතිකයෙකු කිරීමට ය. ඒ ඇතුළත තමන් පෙළෙන හීන මානය නිසාම පිටතට ගලන අධිමානය හේතුවෙනි. ඒ නිසාම දෙමළ ජාතිවාදයට පොහොර සපයන්නේ ද ඔවුන් විසිනි.

මා හිතන ආකාරයට දෙමළාගේ ජාතිවාදයට පහර දිය යුත්තේ අනෙක් දෙමලූන් ය. අප අපගේ ජාතිවාදය උඩට නොගෙනෙන්නේ නම් උන්ටද උන්ගේ ජාතිවාදය අකුලා දැමීමට සිදුවේ. අපට දෙමළ ජාතිවාදය පැරදවිය හැක්කේ ඒ ආකාරයෙනි.

බොහෝ දෙනෙකුට මේ තර්කය නොවැටහේ. ඒ නිසාම මේ දෙවර්ගයේම ජාතිවාදය පිටු දැකීමට අප තව බොහෝ කල් බලා සිටිය යුතු ය.

Anonymous said...

Nilantha ge kathawa hariyata hari.
meka mama BeyondFrame blog eke dapu comment ekak. Kiyawala balanna.

---------------------
Before (and slightly after) Martin Luthar King, African-Americans were discriminated in USA too. But that doesn’t mean if they want a separate land now the government is going to give it. What ever happened, its in the past now. Now it’s time to move on.

Currently what’s happening is Tamils are discriminating against Sinhalees. Can a Sinhala student go and stay in Jaffna and study at Jaffna Uni? (I’m not talking about threat from LTTE, I’m talking about the discrimination from fellow Tamil students. I have proof for this. I have a friend who gave up going to Jaffna uni because of the discrimination from fellow Tamil students)

But today do sinhaleese discriminate against tamils. NO… They can live freely in colombo and carry on their day to day activities. I’ve had so many tamil friends at the office (even the friend that go with me for evening appa and plain tea is tamil)

But even with this it’s sad to say that some tamil don’t know how to co-exist with others. If there is anyone from Science Faculty at Colombo Uni, you know how Tamil students have reserved their territory in the Open Canteen (the set of tables at the opposite end of the canteen from the counter) and if you remember back in time (maybe 4-5 years ago) how they threw out a sinhala student who was sitting at that end (coz the TV was there) and watching TV, which ultimately lead to a very heated situation.

Manoj colambage said...

නිලන්ත මහත්මයා ඔබේ කථා‍ව සහතික ඇත්ත.
ඔබේ කථාව තුලින් සිංයලයා ජාතිවාදියෙක් නොවනබව පැහැදිලිවම පෙන්වාදෙනවා.
ඒ වගේම මටනම් පේන්නේ
සිංහලයාට ලොකුම තර්ජනය අද ඇතිවෙලා තියෙන්නේ දෙමල හෝ මුස්ලිම් ජාතිකයන්ගෙන් නොව.සිංහලයන්කියාගන්නා අයගෙන්මය.
සිංහලයා ජාතිවාදියෙක් බවට නිකරුනේ හංවඩු ගැසීමෙන් ඔව්න් අමුතුම වින්දනයක් ලබයි

Anonymous said...

මේ එකම කෝණයකින් බලා සංකීර්ණ ගැටළුවක් ඉතා සරල ලෙස තමන්ට වාසි වෙන ආකාරයට අර්ථ දැක්වීමකි. දිගු විවරණයකට නොයා කරුණු කිහිපයක් පමණක් කෙටියෙන් දක්වන්නේ මතු පිටින් කෙරෙණ මෙබඳු විවරණ අපේ සමාජය අන්තවාදය කරා දැක්කීමට ඉවහල් විය හැකි හෙයිනි.

1). සිංහල - දෙමළ භේදය අපේ දේශපාලනය තුළ 1920 පමණ සිට තිබුණත් එය ලේ හැලීමක් බවට පළමු වරට වර්ධනය කරන ලද්දේ දෙමළුන් නොව සිංහලයන්ය. ඒ 1956 දී සාමකාමී රැලියකට පහරදීමෙන් සහ 1958 දී එය දෙමළුන්ට පහර දෙන හා මරා දමන ජාතිවාදී කෝලාහලයක් බවට පත් කිරීමෙනි.

2).1948 අප නිදහස ලබන විට යාපනය ලංකාවේ දෙවන ප්රධාන නගරය විය. එහෙත් නිදහසින් පසු 1970 තරම වන තුරුම යාපනය හෝ උතුරු නැඟෙනහිර පළාත් වල ආර්ථිකය නැංවීමෙහිලා රජය මඟින් කෙරුණෙ අතිශය සුළු කාර්ය භාරයකි. ආචාර්ය එන්. එම්. පෙරේරා යාපනය හැඳින්වූයේ 'මනි ඔර්ඩර් ආර්ථිකයක්' හැටියටය. යාපනයේ ජනතාව යැපුණේ ඔවුන්ගේ නෑයින් කොළඹ සේවය කොට මාසය අන්තිමට මනි ඔර්ඩර් මඟින් යැවූ මුදල් වලිනි. යාපනය මූලික උතුරු නැඟෙනහිර ආර්ථික වශයෙන් කොන් කිරීම ජන වාර්ගික අර්බුදයේ ආරම්භයයි.

3). 1956 දී මෝඩ ලෙස සිංහල පමණක් රාජ්ය භාෂාව කිරීම නිසා සිංහල නොදත් ඉතා විශාල පිරිසකට රජය සමඟ කටයුතු කිරීම පමණක් නොව රාජ්ය අංශයේ රැකියාවක් ලබා ගැනීම පවා අසීරු විය.

4). 1970 දශකය මැද යාපනයේ දෙමළ තරුණයන් ආයුධ අතට ගැනීමට ආසන්නම හේතුව වූයේ 1974 දී යාපනයේ දෙමළ සම්මේලනයේදී පොලිසිය වෙඩි තැබීමෙන් දෙමළ 14 දෙනෙක් මිය යාමය. දුරේඅප්පා ඝාතනය කරන ලද්දේ මීට ප්රතිචාර වශයෙනි. වෙනත් විදියකට කිව්වොත් ප්‍රභාකරන්ලාට වේදිකාව සපයා දුන්නේ අපේම මෝඩ ආණ්ඩුවයි.

5). 1948 සිට අද දක්වාම උතුරු නැගෙනහිර දෙමළ ජනතාව නියෝජනය කළ ඇමතිවරු සිට ඇත්තේ පහකට අඩු සංඛ්යාවකි. දෙමළ කතා කිරීමට පවා නොදත් කදිරගාමර් දෙමළ ජනතාව නියෝජනය කළේ නැත. ආණ්ඩුව අනුන්ගේ බව උතුරු නැගෙනහිර දෙමලුන්ට සිතීම අරුමයක්ද?

මේ කරුණු දක්වන ලද්දේ අර්බූදයේ සියළු වගකීම සිංහලයන් මත පැවරීමේ අරමුණින් නොව, අර්බූදයට දෙමළ සිංහල දෙපාර්ශවයේම දායකත්වය ලැබී ඇති බව පෙන්නා දීමට පමණි. තනි අතකින් අත්පුඩි ගැසිය නොහැක.

ලොව කිසිදු ජාතියක් අනෙකුන්ට වඩා අඩු හෝ වැඩි ලෙස ජාතිවාදී නැත. ඔවුන් ජාතිවාදයට දක්කන්නේ ඔවුනට සමාජයේ විඳීමට සිදුවන අසීරුතාය.

ඒක පාක්ෂික නොවී අනෙකාගෙ ඇසිනුත් ප්රශ්නය දැකීමට සාධාරණ වන්න.

amal ishantha said...

පුරුදු විදිහට බයිලා කාරයෝ ටික ඇවිත් බයිලා ගහලා ගිහින් තියෙනවා. කියන දෙයක් නෑ.