2008-11-25

නිලන්ත පියසිරි විසින් 11:01 පැයට
7

පොඩි දූ ගේ කඳුළු

කුඩා දූ ඉපද දවස් දෙකකින් පමණ සිට ඇයගේ ඇස්වල කබ නිරන්තරයෙන් දකින්නට ලැබුනි. අපේ අම්මා සහ බොහෝ දෙනා කීවේ, එය ඇගේ මව ලබා ගන්නා බෙහෙත් පෙති වල උෂ්ණය නිසා වන්නක් බවය. එබැවින් ඇයට සීතල කෑම නියම විය. මුං ඇට, කතුරු මුරුංගා, ගොටු කොළ ආදිය. සති දෙකක් පමණ ගත වුවද දුව ගේ ඇස් වල කබ ඉපැදීම නම් නිම නොවීය. ඉදින් ඕනෑම දෙමව්පියෙක් කලබල නොවේද? දිනක් සේවාස්ථානයෙන් බොහෝම අමාරුවෙන් මිදී, නෝනා වාට්ටුව (ඒ නම "රිජ්වේ ආර්යා ළමා රෝහළ" කියනවාට වඩා ලබැදි බව සිතේ) වෙත දියණිය රැගෙන ගියෙමු. ලෙඩ විමසූ දොස්තර ගොළු වූවෙකු විය. හේ ලෙඩ විමසූයේ හිසින් සන් කිරීමෙනි. ම'සොඳුර ඔහුට දරුවා ගේ වූ සංකූලතාවය කීවාය. දොස්තර මහතා කිසිවක් නොකියා ඔසුවක් ලියා, තුන්ඩුව ම'අත රුවීය. "දොස්තර මහත්තයෝ මෙහෙම වෙන්න හේතුව මොකක්ද?" බොහෝම ආචාරශීලීව මම විමසීමි. ඔහු කිසිවක් නොකියා අප හට පිටව යන ලෙස අතින් සන් කළේය.

යමකට හේතුව දැන ගැනීමට හුදු මිනිසෙකුට අයත් නැතැයි ඔහු සමහරවිට සිතන්නට ඇත. සමහරවිටක ඔහු ලෙඩුන්ට පිරික්සා හෙම්බත් වී සිටින්නට ද ඇත. නමුත් එමඟින් බිරිඳගේ මෙන්ම මගේද සිත තරමක් රිඳුනි. එය තරමක පහත් පන්තියක මිනිසෙකුට සලකනවාක් මෙන් හැඟුමකි.

කෙසේ හෝ වේවා, එහි වූ ඔසු හලෙන් දියණියගේ ඇසට දමන දියරයක් ලබා දුනි. එය දින කිහිපයක් ලබා දුන්නත් කිසිදු සුවයක් නොමැති විය. මට හදිසියේම අප නිතර සරනා විබ මතක් විය. මම පැණය ගූගල් කර බැලුවෙමි. මේ තියෙන්නේ හේතු ප්‍රත්‍ය හැම එකක්ම.
මෙය සාමාන්‍ය තත්වයක්, කුඩා දරුවන් බොහෝ දෙනෙක් උපදින විට කඳුළු ග්‍රන්ථි සම්පූර්ණයෙන්ම ක්‍රියාකාරිත්වයේ නැහැල්ලු. ඒ සඳහා දිනකට කිහිප වරක් නාසය අසල ඇස් කොන, සුලැඟිල්ලෙන් මුදුව සම්බාහනය කිරීමෙන් මෙම සංකූලතාවයෙන් මිදෙන්න පුළුවනි. විෂබීජ ආසාදනයෙන් මිදෙන්න මව්කිරි බිඳ බැඟින් ඇස් වලට දැමිය යුතුයි. මව්කිරි වල ස්වභාවයෙන්ම ඇතිවුනු ප්‍රතිශක්තිකරණයක් තිබේලු. දියණිය දින දෙක-තුනකින් සනීපයි.

මෙම සිදුවීමට නම් දැන් මාස දෙකක්-තුනක් විතර ඇති. මෙය තව දෙමව්පියෙකුට වැදගත් වන හෙයිනුත්, විබ අපට කෙතරම් ප්‍රයෝජනවත්ද බව කීමටත් මෙම කුඩා සටහන තැබුවෙමි.

7 අදහස් දැක්වීම්:

gayankt said...

ලංකාවෙ වෛද්‍යවරු බෙ‍හොමයක් හිතාගෙන ඉන්නෙ ඔවුන් මනුෂ්‍යත්වය ඉක්මවා ගිය දෙවිවරුන් කියල. තමාට ඇති රෝගය
කුමක්දැයි රෝගීන්ට දැනගැනීම‍ට ඇති අයිතියවත් පිළිගන්න කැමති නෑ. ඔවුන් සිතන්න රෝගීන් තමන් තරම් බුද්ධිමතුන් නොවන නිසා රෝග පිළිබඳව දැනුවත් කිරීම පවා තමන්ගෙ කාලය කා දැමීමක් කියල.(චැනල් සේවාවට යන්නත් ඕනිනෙ.)

සරත් ගුණතුංග said...

අනේ මහත්තයෝ ඔබේ කතාව නම් හරි. ඉපදුණු ගමන් ළදරුවෙකුගේ කඳුලු ගලන නලය බොහෝ විට වැහිලයි තියෙන්නෙ. බබා ලොකු වෙන කොට ඒ නලය ඉබේම ඇරෙනවා. මව් කිරිවල තියෙනවා බබාට ආරක්ෂාකාරී වන නොයෙක් දෑ, කිරි බින්ඳුවක්, දෙකක් දැම්මම වැඩේ හරි. ඒ කඳුලු ගලන නලය (teat duct) ටිකක්, දවසට දෙපාරක් විතර මසාජ් කරපුහම ඒ නලය ඇරෙන්න උපකාරී වෙනව. නලය වැහිල තියෙන කොට කබ ගලන්නෙ,ඒ නිසා. මේක ලෙඩක් නෙවෙයි. මනුෂ්‍ය ශරීරයේ හැටි. කලාතුරකින් infect වෙනව. ඒකයි කිරි බින්දුවක් දාන්නෙ. පැටියට බුදු සරණයි

සරත් ගුණතුංග said...

@ගයාන්, පලමු කෙටි පිලිතුර ලියා ඊට පසු මම කල්පනා කෙලෙමි. ඔබ අසන ප්‍රශ්නයට පිලිතුරු බොහෝ ගනනක් ඇත. ලෝකයේ බොහෝ වෛද්‍ය විද්‍යාල වල මානව සන්නිවේදනය ගැන උගන්වන්නේ අල්ප වශයෙනි. මානව සන්නිවේදනය ඉතාමත්ම අවශ්‍ය අංගයකි.
ඒ දොස්තර මහතා හරියට ප්‍රශ්නය තේරුම් ගත්තා නම් මෙසේ කල යුතුව තිබුණි.
1. රෝගියා ගේ මවට හෝ පියාට හොඳින් ඇහුන්කම් දීම සහ ඔවුන්ගේ මුහුනුවල රැඳී ඇති පනිවුඩය (බියපත් බවක් ආදී වශයෙන් )
2. දෙමාපියන් බබාගේ රෝගී ස්වභාවය පිලිබඳව කියා අවසන් වූ පසු වැඩි විස්තර විමසීම.
3. අවවාදය - ලෙඩක් නොවන බව
4. කුමක් කල යුතුද යන බව
5. health education
ඕව හරියට කරේ නැත්නම් දොස්තර මහත්මය ෆේල්!!!
ඇහේ පින්තූරයක් මම හොයා ගත්ත, ඔබට එවන්නෙ කොහොමද?

Mahasona said...

mama nam me wage post danakota ratatama dana ganna dostharage nama ekkama thamai danne.

Sagara said...

නිලන්ත, මා තවමත් බලා ඉන්නවා ඔබ යාපනයට ගිහින් පිලිස්සුනු සිංහලයකුගේ මල සිරුර දුටුවේ කවදාදැයි දැන ගන්න.

Sagara said...

ෂුවර් එකටම දෙමළ දොස්තර කෙනෙක් වෙන්න ඇති. උන්ගෙ ජාතිවාදේ තමා ඔය. සිංහල මිනිහෙක් නම් ඔහොම කරයිද?

නිලන්ත පියසිරි said...

@ සාගර -
පළමුව ඔබ යම් මැයකට අදාලව විමසන්න පුරුදු වෙන්න. මෙම ලිපිය ජාතිවාදය හෝ පක්ෂවාදය ගැන නොවේ.
නමුත් ලියන්නෙමි. එම වසර 1977-78 ආසන්න වසර විය යුතුය.