
මුහුදු මංකොල්ල කාරයෝ හැබෑවටම ත්‍රස්තවාදීන් නොවේද? මං හිතන්නේ terrorists කියනවාට වඩා pirates කියන එක ලස්සන ඇති කියලා සුද්දෝ හිතනවා ඇති. ඔය ත්‍රස්තවාදී නාමය සුද්දන්ගෙන් එලියට එන්නේ බොහෝම අමාරුවෙන් නොවැ. ඔවුනට අනුව අල්-ක්වයිදා නම් ත්‍රස්තවාදීන් නමුත් මිනීමරු කොටි හැඳින්වෙන්නේ සටන් කරුවෝ, කැරලි කරුවෝ, බෙදුම්වාදියෝ, විමුක්තිවාදියෝ වගේ නම් වලින්. දැන් ඔය කොටි ත්‍රස්තවාදයට හේතුව ඔවුන්ට තිබෙන කෙනෙහිලිකම් කියනවනේ. එතකොට සෝමාලියානු මුහුදු මංකොල්ලකාරයින්ටත් හරියට කෙනෙහෙලිකම් කෙරෙන බව ඔවුන්ගේ ප්‍රකාශක සුගුලේ අලී (මහතා) පවසනවා. ඔවුන්ගේ මුහුදේ පිට අය ඇවිත් මාළු අල්ලනවලු. ඉතින් ඒකට තමයි මේ මුහුදු මංකොල්ල කෑම් සිදු කරන්නේ. ඇත්තනේ. ඔය ප්‍රශ්ණේ අපේ ජාතිවාදී නොවෙන කට්ටිය නම් කියනු ඇත්තේ, ඔවුන්ව විනාශ කරලා විසඳන්න බැරි බවයි. ඕකට මොකක් හරි දේසපාලන විසඳුමක් දෙන්න වෙයි.
0 අදහස් දැක්වීම්:
Post a Comment