2008-11-03
නිලන්ත පියසිරි විසින් 11:39 පැයට
වවමු වවමු කොස්
ආතර් වී දියෙස් උතුමා අපේ රටේ එකල පරසිඳු වී ඇත්තේ කොස් මාමා නමින්. භාවිත වසර වලින් 1886 පෙබරවාරි මස 11 වැනි දා උපන් මෙතුමා, හෙළදිව කොස්වලින් ස්වයං පෝෂිත කැරුමට අති සාර්ථක වගා සටනක් දියත් කළේය. එකල අගමැති ජෝන් කොතලාවල මැතිඳු ද තැපැල් සේවය හරහා කොස් ඇට සහ කොස් පැල නොමිළේ යැවීමට ඉඩ දීමෙන් ඔහුට සහය දැක්වීය. ජාතික ප්‍රබෝධය උදෙසා එතුමා විසින් "The Independant" සහ "ස්වදේශ මිත්‍රයා" නමින් පුවත් පත් දෙකක් ද ඇරඹීය. එතුමා ගේ දෙමව්පියන් විසින් කොළඹ විශාකා විදුහල අරඹන ලද බව එතරම් පරසිඳු කාරණයක් ද නොවේ. එසේම එතුමා අගමැති කමට තරඟ කොට ලැබූ පරාජය ද, හොඳ මිනිසෙකු නායකත්වයට ගැනීමට බොහෝ දෙනා තුල ඇති අකමැත්තද ප්‍රකට වන කරුණකි.
කෙසේ නමුදු බොහෝ කලකට පෙර කිරි අම්මා විසින් මගේ තාත්තා ගැන කියූ කරුණක් මතක් කරමි. තාත්තා කුඩා කල ඔහු ගේ පාසලේ ආතර් වී දියෙස් මහතා පිළිගැනුමට උත්සවයක් පවත්වා තිබේ. එහි "වවමු වවමු කොස්...." ආදී වශයෙන් ගීතයක් කියමින් කොස් පැල හෝ කොස් ගෙඩි ඔසවා පෙන්වමින් නැටුමක් පෙන්වීමට මේ කුඩා දරුවා තෝරා ගෙන තිබේ. ඉඳින් ඔහු ගෙදර අවුත් කිරි අම්මා සමඟ කියා ඇත්තේ "අම්මා, කොස් පැල උගුල්ලන එක පවක්. ඒවා පසුව මැරිලා යන්නත් පුළුවන් ඒ නිසා මම කොස් ගෙඩියක් ඔසවා ගෙන මේ නැටුම කරන්නම් නේද?"
කිරි අම්මා ද තම පුතු ගේ සිතුවිලි ගැන සතුටු වී "පුතාට කැමති විදියක්" යැයි කියා ඇත.
කොහොමින් මුත් කොස් මාමා පාසලට ඉහලින් ම පිළිගෙන ඔන්න අර උත්සවයත් ඇරඹුනා කියමුකෝ.
ඔන්න දැන් ළමයි නටනවා. "වවමු වවමු කොස්...." කියමින් බිම තියෙන කොස් පැල ඔසවා පෙන්වනවා.
අපේ තාත්තා ගෙනිහින් තියෙන්නේ ලොකු කොස් ගෙඩියක්. තාත්තා කොහොමද දන්නවද ගීතය කියන්නේ "වවමු වවමු. ම්හ්....ම්හ් ..... කො....ස්". කොස් ගෙඩිය බරයි නොවැ උස්සන්න තමයි තටමිල්ල.
අපේ කිරි අම්මා කියන කොට තමයි මේක ලස්සන. තාත්තා ගේ විතරක් නොවේ ඕනෑම අයෙකු ගේ කුඩා කාලයේ වැඩ ගොඩක් හිනා යන ඒව තමයි නොවෙද?

Subscribe to:
Post Comments (Atom)
0 අදහස් දැක්වීම්:
Post a Comment