2008-08-05

නිලන්ත පියසිරි විසින් 14:12 පැයට
2

බරපතල තුවාල

උදේ පුවත් බලන කල මතු වුනු පැනයකි, බරපතල තුවාල කෙතරම් බරපතල ද යන්න. සටන් පෙරමුණෙ හි තුවාල ලබන හේවායා ගේ බරපතල තුවාල යනු හේ සිහි සුන්ව හෝ සිරුරෙ හි අංගයක් නොමැතිව රෝහලේ දැපිය යුතුය. බරපතල තුවාල ලබන මාධ්‍යවේදියා (මෙයට හෙළ වදනක් ඇත් ද) පයින් ඇවිදවුත් දොරටුව අසල දී රෝද පුටුවට බට පසු නිවේදන ද නිකුත් කරයි. ඡන්දය උදෙසා වන පක්ෂ සටනේ ගුටි කෑ වුන් බරපතල තුවාල ලබා රෝහලේ ඇඳ මත එකිනෙකා විසුළු කර ගනිමින් සිටිති. මෙවැනි ජනමාධ්‍ය බලන අපි බරපතල තුවාල යන්න නිඟමනය කරන අයුරු ගැන බරපතල පැනයකට මුහුණ දෙන්නෙමු.

2 අදහස් දැක්වීම්:

Unknown said...

ඕ‍වාට කියන්න නම් මට හොද ඒව මතන් වෙනව.
නිකං අපේ කාල‍‍ය විතරයි.

සු said...

බරපතල තුවාල ලබන මාධ්‍යවේදියාට පිටරට පදිංචියට වීසා ලැබීමට තරම් ඒ තුවාල "බරපතල" ‍යි...එහෙමයි ඒ බරපතල කියන එක අර්ථ දැක්වෙන්නේ...

බොරු නෙවේ ඇත්ත..

ඕන නම් අර ඊයේ පෙරේදා බරපතල තුවාල ලැබුවායැයි කිවු නාමල් ගෙන් අහන්න