2008-11-20

නිලන්ත පියසිරි විසින් 16:00 පැයට
5

ගොදුරට එන ගිජු ලිහිණියෝ

ඊයේ මාතලේ ඇති ම'සොදුරිය ගේ මහ ගෙදර වූ දානමය පිංකමකට සහහාගී වී කොළඹ එන්න පිටත් වන විට වේලාව හැන්දෑවේ හතරට පමණ විය. අඹේපුස්සේ දී බසය හබස් විය, වේලාව රාත්‍රි හතයි. බොහොම අමාරුවෙන් එතැනින් පැමිණි ගමනාගමන මණ්ඩලයට අයත් බසයක අවුත් පිටකොටුවෙන් බසින විට රාත්‍රි නවය පමණ විය. බොරැල්ලට එන විට නවයයි විස්සයි. නාරාහෙන්පිටට යන්න නොමැත බස්. නැවතුම් පළ තුල සෙනඟ ඇති මුත් බසයක් එන පැහැයක් වත් නොමැත. බස් නවත්වන තීරුව තුල තෙසක රිය රැලකි. බසයක් එනතුරු බලා හිද නට්ටං වූ කල අයෙක් තෙසක රියකට කථා කරති, නැඟ යති. ඉන් පසු, පසු පස වන අනෙක් රිය සෙමෙන් සෙමෙන් නැවතුම් පළට ඇදේ. මට සිහි වූයේ ගොදුර අඩ පණ වන තෙක් බලා සිටින ගිජු ලිහිණි රැලක හැඩයකි. බලා හිද, නැවත බලා හිද මඟීන්ට ඇති වූ කල තෙසක රියකට කථා කරති. උන් සිනහ මුසුව පැමිණෙති, කියන ගානක් මඟියෝ දෙති. ගිජු ලිහිණියෙකුට මිනිසෙකු මැරිය නොහැක. ලඟට පැමිණියහොත් පහර දෙන බවද දනිති. නමුත් බඩ ගින්නේ මළ පසු රස කර බිදිය හැකි බව දන්නා බැවින් මැරෙන තෙක් ලඟ පාතකට වී බලා සිටිති.

5 අදහස් දැක්වීම්:

ශාකුන්තල | Shaakunthala said...

මේ රූපය කුමක්දැයි ඔබ හරියටම දන්නවාද?

malee_msg said...

කියලා තියන කථාව ‍කාලෝචිතයි තමයි... ශකුන්තල කියලා තියන රූපයේ කථාව ගැන මමත් කියවලා තියනවා ඒ කථාව බස් නැතුව මහ මග ඉන්න මගීන්ට වඩා ශොචනීයයි.

Anonymous said...

kevin carter ගත්ත මේ ඡායාරූපය 94 අවුරුද්දෙ පුලිට්සර් සම්මානය දිනුවා.

ශාකුන්තල | Shaakunthala said...

අවසානයේ මේ සිද්ධිය ඔහුගේ සියදිවි නසාගැනීමට හේතු වුණා.

May I kindly ask you to remove the word verification (CAPTCHA)?

නිලන්ත පියසිරි said...

මම මෙම රූපය ගැන කථාව දනිමි. එබැවින්ම මෙම රූපය ගූගල් කර සොයා මෙයට එබුවේ, ඒ අවස්ථාවේ දුටු රූපය මෙයට නිතැතින්ම සමාන වූ හෙයිනි.