Showing posts with label ඇමරිකාව. Show all posts

2012-03-23
නිලන්ත පියසිරි විසින් 00:14 පැයට
3
ඇමරිකානු, ඉන්දියානු සන්නාම වැරුම
දෙස්පලු විවරණයක් කැරුමට උත්සහයක් නොවේ. ඒත් මේ එක්සත් ජාතීන් ගේ මානව අයිතීන් ගැන සම්මේලනයේ දී අපේ රට ලැබූ පරාජය ගැන නම් ඇත්තේ හරිම දුකකි. එසේ නම් මෙයට පිළිතුර අපට විරුද්ධව කැමැත්ත දුන් රටවල් හී නිපැයුම් මිළට නො ගෙන වර්ජනය කැරුමද? එසේ නොමැති නම් "ලොවැ බලවත් ම ජාතින් නම් නුඹලා ය, එහෙයින් අපි තොප ගේ දනින් වැටී තොප කියන්නක් ම කරමු" කීම ද? විටෙක මේ අපි බොලොග් ලියන මේ අඩවිය ඇතුළුව ජී-මේල්, ගූගල් වර්ජනය කරමු යැයි කතා පැතිර ගිය බව ද අපි දනිමු. එවැනි ක්‍රියාවක් නැවත කැලෑ වැදීමක් නැති නම් ගල් යුගයකට යාමක් බව බොහෝ අයෙක් කියත්. ගූගල් වැනි සෙවුම් යතුරක් අත හැර දැමීම මරි මෝඩ කමක් බව නොකිව මනාය. ගූගල් වැනි සෙවුම් යතුරු මුදල් උපයනුයේ දැන්වීම් වලිනි. එසේම අප සොයන දෙයක් ගූගල් හී සෙවූ කල ලෙහෙසියන් ම සොයා ගත හැක. මෙය දෙගොල්ලන් ටම වාසිදායකය. ගූගල් ගේ දැන්වීම් වලින් අපට පලක් නැත. එබැවින් මා නම් සිතනුයේ ඔවුන ගේ සේවාවන් අපේ කිසිදු ලක් වැසියෙකු මුදල් නො ගෙවා භාවිතා කරන්නේ නම් එයින් ඔවුනට කෙලින්ම ලැබෙන වාසියක් නැත.
අමරිකානු සන්නාම හෝ ඉන්දියානු සන්නාම ඇත්තෙන් ම අතහැරිය යුතුව ඇත. එහෙත් අමරිකාව හා වෙලදාමේ දී වෙළඳ වාසිය ඇත්තෙන් ම ඇත්තේ ලංකාවට විය යුතුය. මා එය නිවැරදිව නොදනී. නමුත් ඉන්දියානූ බඩු හා සේවා වෙළඳ පොලේ නම් නියතයෙන් ම වාසිය ලබනු යේ ඉන්දියාව විය යුතුය. ඇහි පිය ගැසීමක දී පවා පාරකදී නොපෙනී යන ඉන්දියානූ යාන වාහන කෙතරම් ද? කාබන් පෑනේ සිට යතුරු පැදිය, තෙසක රිය සහ මෝටර් රථය දක්වා. කෙතරම් නම් ඉන්දියානු බඩු වෙළඳපොලක් ලංකාවේ සකස් වී තිබේද?
එසේ නම් නියම රිදැවීම ඇමරිකානු සන්නාම වැරුම නොව ඉන්දියානු සන්නාම වැරුමයි. පළමු කොට සතුරා ගේ දුබල මිතුරාට පහර ගැසිය යුතුය. එහෙත් එය කළ හැකිදැයි සැක සහිතය. සියළු ඉන්දියානු දේ භාවිතා කරනුයේ රටේ දුප්පත් ම ජනතාවයි. ඒ මිනිස්සුන් ගේ උපකරණ/වාහන වලට අමතර කොටස් නො ගෙන්වූ යේ නම් දුක් විදිනුයේ ඔවුන් ම නොවෙත් ද?
කවුරුන් කෙසේ කීවත් "සිය රට දේ, සිරි සැප දේ" යන්න රිද්මානුකූල වදනක් ම පමණක් වී ඇත. අප ජාතිය තරම් පිට රට දේ අප රට දේ කර ගැනුමට හපනුන් ලොව කිනම් රටකවත් නොමැති විය යුතුය. අපේ රටට සැන්ඩ්විච් හදා ගෙන කන්න ගෙනා පාන්, හොඳි සමඟ අපි කන්නෙමු. සුද්දා අල පොඩි කර කන කළ අපි ඉන් අල හොඳි හෝ අල තෙල් දමා කන්නෙමු. අමරිකානු, ඉන්දියානු පමණක් නොව ලොව ඕනෑම රටක නිමැයුමක් අප රටට, අපට ගැලැපෙන සේ සකස් කර ගන්න හපන් මිනිසුන් වන අප උන් මත නො යැපිය යුතු නො වන්නේද?

Subscribe to:
Posts (Atom)