Showing posts with label සාමය. Show all posts

2010-01-20
නිලන්ත පියසිරි විසින් 23:48 පැයට
0
කරෙන් බැහැපු සොල්දාදුවා
ත්‍රස්තවාදය මඩින සමයේ, බෝධිසත්ව ගුණෝපේත සමාජවාදීන් හා සියළු කෙළෙසුන් කෙරෙන් දුරුවූ රාජ්‍ය නොවන සංවිධාන හැරෙන්නට හමුදාවන්ට හා සෙබළුන්ට බැණ වැදුනේ කොටින් පමණකි. අටවසර සමත් සොල්දාදුවා, කිසි තැනකට වැද්දා ගත නොහැකි, නූගත් ජන කොටසක් ලෙස මුළු මහත් සමාජයෙන් ම කොන් කර තිබියදී ජනමාධ්‍ය යොදාගෙන සමාජය පිළිගන්නා වීරයෙකු කළේ මේ රජය බව රාජ්‍ය විරෝධීන් පවා පිළි ගනී යැයි මම සිතමි. සොල්දාදුවා වීරයෙකු ලෙස පිළි ගැනීම සහ තම ජීවිතය සූදුවට තබා ලබා ගන්නා වැටුප කෙරෙහි කෙතරම් අපුලකින් බලා සිටි මිනිසුන් ලංකාව තුල වූයේද යන්න මම පසුගිය බ්ලොග් කිහිපයක දුටුවෙමි. එම බ්ලොග්කරුවන් කවදත් ලංකාව සුරපුරයක් කරන්නට, කොටින්‍ට රට දෙමු යන මතයේ සිටියවුන් නිසා, ඒ තරම් ම නොසිතිය යුතු මුත් අපේ ජෙනරාල් තුමාගේ ඡන්ද සම්ප්‍රාප්තිය නිසා නම් නැවත සොල්දාදුවා කුණු බක්කියට ඇද දැමීමේ ප්‍රවනතාවයක් ඇතිවී ඇති බව සැමෝටම පෙනේ. පසු ගිල කලක වූ බ්ලොග් අඩවියක "සොල්දාදුවා දැන්වත් කරෙන් බැහැපිය" මැයින් වූ ලිපිය මෙයට කදිම නිදසුනකි. සොල්දාදුවා කරෙන් බස්සන්න කියන මොවුන් ඔවුන් එතැනට නැංවූයේ කවුරුදැයි, නොකියති.
කිසිදු බියක් සැකක් නැතිව ලංකාව තුල සංසරණයට අද ඉඩ තිබෙන්නේ වායු සමීකරණ කාමරයේ සිට වුවද ජනාධිපතිතුමන් වෙනත් රටවලින් එන බලපෑම් මැඩපවත්වමින් ත්‍රස්ත මර්ධනයට වායු සමීකරණය කළ කාමරයේ වූ ගෝඨාභය ට සහ වායු සමීකරණය කළ කාමරයේ සිටි සරත් ෆොන්සේකාට ඉඩ දීම නිසයි. සරත් කියන්නේ මේ යුද්දේ දිනුවේ ඔහු බවයි. රජය කියන්නේ ජනාධිපති විසින් යුද්ධය දිනූ බවයි. මෙය ඇත්තද? යුද්ධය දිනුවේ, ජනාධිපතිද? නැහැ, ඔහු විසින් හමුදාපතිට අණ දුන්නා යුද්ධය කරන ලෙසට. එසේ නම් යුද්ධය දිනුවේ එවකට හමුදාපති සරත් ෆොන්සේකාද? ඒත් නැහැ, ඔහු විසින් අණ දුන්නා සේනාංකාධිපතිවරුන්ට. එසේ නම් එය දිනන්න ඇත්තේ සේනාංකාධිපති වරු වෙන්න ඇති. ඒත් නැහැ ඔවුන් විසින් ඒකක, බලඝණ, ඛණ්ඩ ආදී වශයෙන් සෙබළුන්ට අණ දුන්නා යුද්ධ කරන ලෙසට . එකා පිට එකා මැරෙමින් මේ යුද්ධය දිනුවේ ඔවුන් ය. සමහර විටක දින ගණන් කුසට අහරක් නැතිව, බූට් යුවල් තුල කකුල් තැම්බී කුණු වී වේදනා විදිමින්, වැස්සට තෙමෙමින්, සතුරු වෙඩි පහරක් ගණනේ කඳ පොළොවේ ගසමින්, තම දූ දරුවන්, සොඳුරිය ඇකයට ගත නොහැකි සොවෙන් වෙලෙමින්, සතුරු බිමේ තුවාල ලබා දින ගණනක් ලේ ගොස් මියෙන තෙක්ම තම අනාගතය ගැන තැවෙමින්, මිය ගිය තුවාල වුනු, වාසනාවට හා දක්ෂකමට තවමත් ජීවත්වෙන ඒ සොල්දාදුවාටයි මේ ජය අයිති. ඉක්මනින් ත්‍රස්තවාදය නිමවා මේ සමාජය සතුටින් ඉන්න සැටි බලන්න ගෙදර එන්න කැසකැවූ ඒ සෙබළාටයි මේ ජය අයිති. එහෙත් දැන් මේ සමාජයම "ඒයි සොල්දාදුවා දැන්වත් කරෙන් බැහැපිය" කියයි.

2009-01-13
නිලන්ත පියසිරි විසින් 08:47 පැයට
පැත්ත ගැන ඇත්ත
කවුරු හරි කියනව නම් සිරස කොටින් ගේ පැත්තේ නෙමේ කියලා ඒක ජාතික රූපවාහිනියයි, ස්වාධීන රූපවාහිනියයි ආණ්ඩුවට කඩේ යන්නේ නැහැ කියලා කියනවා වගේම විහිළුවක්. දැන් ලසන්ත වික්‍රමතුංග මහතා මරා දැමීම ගැන හොයන්න පොලීසිය වහ කනවා. දැන් මොකක්ද මේ මාධ්‍යවේදියෝ කියන්නේ, මේ ගැන හොයන්න ආණ්ඩුවට උවමනාවක් නැහැ මක් නිසාද ඊයේ බොරැල්ල මිනී පිට්ටනිය ලඟ තිබුණු පොස්ටරේ වගේ "සාටකයා ඝාතකයා" නිසා. දැන් එතකොට ඇල්ෆ්‍රඩ් දොරේ අප්පාගේ මිනි මරුවා අල්ලගෙනද? නීලන් තිරුචෙල්වම්ගේ මිනී මරුවා අල්ලගෙනද? ප්‍රේමදාස ජනාධිපති තුමාගේ මිනිමරුවා අල්ලාගෙනද? එහෙමත් නැතිනම් ජෙයරාජ් ප්‍රනාන්‍දුපුල්ලේ ගේ මිනීමරුවා අල්ලාගෙනද? මේජර් ජෙනරල් ජානක පෙරේරා ගේ මිනීමරුවා අල්ලාගෙනද? ඇයි කදිරගාමර් මහතාව වෙඩි තබා මැරූ විට "මෙවැනි ඝාතන වැලැක්වීමට ආණ්ඩුව ක්‍රියා කළ යුතුයි " කියලා ඇමරිකානු තානාපති මත පල නොකළේ. ඔහු කිතුණු බැතිමතෙක් නොවන නිසාද? ජෙයරාජ් මැරූ විට "ඊලඟට කවුද?" කියලා පෝස්ටර් ගහගෙන නීතිඥ සංගමය පෙළපාලි නොගියේ ඔහු නීතිඥයෙක් නොවන නිසාද?
මේ හැමෝටම පැත්තක් තියෙනවා, ඒ ගැන ඇත්ත හංගන්න වලිකනවා, නමුත් ඇත්ත සරම පල්ලෙන් දෝරේ යමින් තිබේ. අවසන යමක් කියමි. කුමණ ආකාරයේ හෝ ත්‍රස්තවාදය මර්දනය කළ යුතුමය.

2008-11-21
නිලන්ත පියසිරි විසින් 14:14 පැයට
විවිධත්වය හා ඒකාකාරිත්වය
දැන් ලංකාවේ තිබේ යැයි කියන පැණය කුමක්ද? ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය ද? ඒක නොවේ බොහෝ දෙනෙකුට අනුව පැණය. පැණය නම් ජනවාර්ගික ගැටළුවයි. දේස පාලුවෙක් ගෙන් ඇසුවොත්, විද්වතෙකුගෙන් අසුවොත්, බොහෝ සාමාන්‍ය ජනතාවගෙන් ඇසුවොත් කියන්නේ "ජනවාර්ගික ගැටළුව තමයි රටේ මූලික ගැටළුව". ඒත් හත් දෙයියනේ කවුරුවත් කියන්නේ නැහැනේ මේ ගැටළුව මොකක්ද කියලා. ජනවර්ග කිව්වහම සිංහළ, දෙමළ, මුස්ලිම් මූලික කොට ගෙන කිහිපයක්ම තියෙනවා නොවැ. මේ බහු බූතයෝ හැමෝම කියන්නේ යුද්ධය එපා ජනවාර්ගික ගැටළුවට විසඳුමක් ලබා දෙන ලෙසයි. අප මූලික ලෙසම සිංහළ දෙමළ ජනවර්ග දෙක ගනිමු. දෙමෙල්ලුන්ගෙන් භාගයකට වඩා ඉන්නේ ඊනියා ඊලාම් දේසේ නොව අනෙක් පැති වල බවයි කියැවෙන්නේ. ඉඳින් අපේ සිංහල ජාතිවාදියෝ දෙමළ අම්මා කෙනෙක්/මුස්ලිම් අම්මා කෙනෙක් ළමයෙක් වඩාගෙන බසයට නැඟුනොත් වාඩි වෙන්න ඉඩක් දෙන්නේ නැතිද? (කාටවත් ඉඩ දෙන්නේ නැති අය ඉන්නවා ඒක වෙනම කථාවක්). දෙමළ/මුස්ලිම් කඩවලින් බඩු ගන්නේ නැතිද? දෙමළ/මුස්ලිම් හිඟන්නන්ට හිඟමන් නොදෙන්නේද?
නමුත් සිංහළයෝ බොහෝ දෙනෙක් ජාතිවාදීන් බවයි, මේ බොහෝ ඊනියා සාමවාදීන් ගේ කියමන. ඔවුන්ට අනුව මහ ජාතියෙන් සුළු ජාතින්ට වෙන්නේම කෙනෙහෙලි කම්. නමුත් මුස්ලිමුන්ට පමණක් හිඟමන් දෙන මුසල්මානුවෝ බොහෝ දෙනෙක් ඉන්නා බව මම පුද්ගලිකව දනිමි. වවුනියා (වැව්‍නිමාව) යන කෝච්‍චියේ දෙමළුන්ට පමණක් අසුන් දෙන දෙමළුන් මම දැසින් දැක ඇත්තෙමි. ජාතිවාදීන් කවරෙහුද?
අපි (සිංහළයෝ) හැමදාම විවිධත්වයට කැමැති අය වෙන්නෙමු. තෝසේ රස විදින්නේත්, කොත්තු රස විදින්නේත්, දෙමළ සින්දු අහන්නේත් ඇයි? කමල් හසන් ගේ සේයා රූ කාමරයේ ගසා ගෙන ඉන්නේ ඇයි? බසයේ දකින දෙමළ දරුවා සුරතල් කරන්නේ ඇයි?
දැන් බොහෝ සාමවාදීන් ගේ විසදුම කුමක්ද? දෙමළුන්ට වෙනම පරිපාලන ව්‍යුහයක්, මුසල්මානුවන්ට වෙනම පරිපාලනයක්, වැද්දන්ට වෙනම ව්‍යුහයක්. එකට ඉන්න හොඳ නැහැ.
ජෛව විවිධත්වය අතින් සරුසාර රටක් ලෙස අපේ රට කැපී පෙනෙන බව තමයි කියන්නේ. ඒ විවිධත්වය ලස්සනයි, මේ ජාතින්ගේ විවිධත්වය කැතයි. කාටද කියන්නේ මේ අවනඩුව?

Subscribe to:
Posts (Atom)