Showing posts with label දේසපාලනය. Show all posts
Showing posts with label දේසපාලනය. Show all posts
2010-04-22
නිලන්ත පියසිරි විසින් 16:38 පැයට
1
අතීතයේ වැරැද්ද?
පසු ගිය දිනක රූපවාහිනියේ වූ සංවාදයකට සහභාගී වූ එක්තර විද්වතෙකු පැවසුවේ, අද අප මුහුණ දී ඇති තත්වයට බලපානු ලබන ප්‍රධාන වැරැද්ද 1956 දී ජාතික බස සිංහල කිරීම බවය. එවිට සංවාදය මෙහෙයවූ අය විමසුවේ "ඔබ 1956 දී ජාතික බස සිංහල කිරීම නිසා ස්වබසෙන් ඉගෙන ගත්තා නොවෙද?" යන්නයි.
මා කීමට යන්නේ අතීතයේ සිදු එම වැරැද්ද හෝ යහ ක්‍රියාව ගැන නොවේ. අපේ අතීතයට බැණ අඩ ගැසීමේ පුරුද්ද ගැනයි. අපට අතීතය නැවත ආවර්ජනය කරනවා හැර එය හැරවීමට නොහැකි බව දැන දැන ඒ ගැන දොස් පවරන්නේ ඇයි? මහසෙන් රජතුමා මහා විහාරය ගිනි තැබීම (මගේ මතකය නිවැරදි නම්) හෝ ජයවර්ධන ජනාධිපති වරයා විවෘත ආර්ථිකය ඇති කිරීම ගැන දුක්වීම/සතුටු වීම හැර අපට කළ හැක්කේ වත්මනේ හෝ ඉදිරියට එයින් වන අහිතකර බලපෑම් වලින් මිදීමේ මං සෙවීම පමණක් නොවෙද? බොහෝ දෙනෙක් අතීතය රස විදීම හෝ අතීතයට බැණ වැදීම කරති. නමුත් වත්මනේ හෝ අනාගතයේ අපේ රටේ/දැයේ/සමයේ උන්තිය උදෙසා කළ යුත්තේ මෙයයි යැයි නොකියති.
2010-02-24
නිලන්ත පියසිරි විසින් 10:26 පැයට
අපේ සමගිය
අපට, ඒ කියන්නේ ලාංකිකයන්ට නිතැතින් ම පොදු සතුරෙකු සිටිය යුතුමයි. දැන් රටේ වෙන දේ පෙනෙනවා නොවැ. ත්‍රස්ත කොටි හපුයියෝ මැඩැවූ පසු නැවතත් දෙපැත්තක් තුන් පැත්තක බෙදිලා සියළු දෙනා කාගන්නවා. අප්පිරියයි කියන්නේ, අහන්න, බලන්න, දකින්න අප්පිරියයි. දේසපාලනය කතා කරනවා යනු අපේ දෙස පාලනය විය යුතු ආකාරය කතා කිරීම නොවැ, නමුත් අපේ රටේ සිද්ද වෙන්නේ දේසපාලනය ද? අපේ බ්ලොග් කියවනය පවා දේසපාලනය එක තැනකට රාමු කළේ එහි බොහෝ විට එහා මෙහා සිදු වෙන අපහාස/මඩ නිසා වෙන්න ඇති. (මෙය එය කිසිසේත් සාධාරණය කිරීමක් නොවේ). අපේ රට තිබිය යුතු ආකාරය ගැන හැමෝගේ ම හිතේ ලස්සන චිත්‍රයක් ඇති බවට කිසිදු සැකයක් නොවේ. එහෙත් පවතින දේසපාලන ප්‍රවනතාවය උඩ කුමන පක්ෂය බලයට ආවත් එතැනට රට යයි කියා කිසිවෙකුට සිතෙනවාද? බොහෝ දෙනෙක් රූපවාහිනි හෝ ගුවන් විදුලි පුවත් වත් නොබලන්නේ ඇයි? එහි ඇත්තේ පුවත් නොව මතවාද පමණක් බැවිනි. (Not news but views) ත්‍රස්තවාදය මැඩීමෙන් පසු අප කෙතරම් දුරට මෙලෙස අනේකුත් මතවාද වලින් හිස් පිරවූ මිනිසුන් එකිනෙකා මුසු කොට මතවාදමය සමඟියකට යොමු කොට ඇතිද?
මා කුඩා උදාහරණ කතාවක් කියන්නම්. ත්‍රස්ත කැරැල්ල තිබුණු කාලයේ (රිවිරැස මෙහෙයුමෙන් පසු) හමුදාවට අසු වූ ප්‍රාදේශීය ත්‍රස්ත නායකයෙකු වූ කුඩා කොළු ගැටයෙකු සමඟ නැවක දින තුනක් ගමනක යෙදීමට මට සිදු වූ අතර හේ සමඟ ඒ කාලය පුරාම කතා කිරීමට අවස්ථාව ලැබුවෙමි. ඔහු උපන් දා සිට දැක තිබුණේ ත්‍රස්ත මර්ධනයට අහස පුරා කැරැකැවෙන අහස් යානා විය. ත්‍රස්තයෝ නිතැතින්ම සාමාන්‍ය මිනිසුන් හා මුසු වූ බැවින් ඔවුන් ද බෝම්බ වලින් බේරීමට ආවරණ සඳහා දිවිය යුතු වන්නාහ. එපමණකුදු නොව සිංහලයෝ මිලේච්‍ඡයෝය, ඔවුන් අපව සොය සොයා මරති යැයි කියා ත්‍රස්තයෝ පතුරවන මතවාද වලින් කුඩා කල පටන් ම ඔවුන් ගේ හිස් පිරවී තිබුණි. වාසනාවකට හේ මිය නොගොස් හමුදාවට හසු වී තිබුණි. ඔහු මා හට පැවසූ දෙයක් මට අද පවා නැවත නැවත සිහි ගැන්වෙයි.
"මම කවදාවත් හිතුවේ නැහැ, සිංහල මිනිස්සු මේ තරම් හොඳයි කියලා. මම හිතුවේ උන් යක්කු වගේ අපිව මරන්න ම බලාගෙන ඉන්න කොටසක් කියලා".
"මම කවදාවත් හිතුවේ නැහැ, සිංහල මිනිස්සු මේ තරම් හොඳයි කියලා. මම හිතුවේ උන් යක්කු වගේ අපිව මරන්න ම බලාගෙන ඉන්න කොටසක් කියලා".
මේ සිදු වීම 1995 පමණ කාලයේ දීය. අද කී දෙනෙකුට මේ සිතුවිල්ල ඇති කළ යුතුද? එහෙත් අප එකිනෙකා ඇණ කොටා ගන්නවා හැර හැමෝම අතර සංහිදියාවකට මඟක් ඇරගන්නවා ද?
මම සිංහලයෙක් මි. මම මගේ රට ගැන, පරම්පරාව ගැන, සංස්කෘතිය ගැන, හැදියාව ගැන සතුටු වෙමි. එසේම ඕනෑම දෙමෙලෙකුටත් රට ගැන, පරම්පරාව ගැන, සංස්කෘතිය ගැන සතුටු වෙන්න තිබෙන අයිතියට මම ගරු කරමි. මම මෙරටට හෙලය කීවත්, දෙමලා ඉලංකෙයි කීවත්. මේ අපේ රටය.
2010-02-10
නිලන්ත පියසිරි විසින් 00:35 පැයට
අප ගැන සැලකිලිමත් වීම
පසු ගිය කාලේ ත්‍රස්ත උවදුර තිබෙන තාක් කල් අපේ රට ගැන දුක් වුන, කල්පනා කළ, විස්සෝප වෙච්ච රටවල්, සංවිධාන සහ පුද්ගලයෝ කෙතරම්ද? අපේ රට වැස්සන්ට වඩා පුදුම විදහට මේ රටට ආදරය කරපු මිනිස්සු මේ සංවිධාන වල හිටියා නොවැ. මොවුන් මානව අයිතිවාසිකම් වලින් දේසනා පැවත්වූවා, නීති සහ රීති වලින් දෙසුම් දුන්නා, අපේ හාමුදුරුවරු ගණින්නාන්සේලා කියලා, මේ දැන් බුදු වුනා වගේ බුදු දහමිනුත් අපට දේශනා දුන්නා. අනේ ඒත් ත්‍රස්තයෝ ටික රැක ගන්න බැරිවුනා. දැන් මොකද වෙන්නේ? ඇත්තටම වෙනසක් නැහැ. එදා මේ පරදේසක්කාර සංවිධාන, මිනිස්සු එක්ක සල්ලි වලට, සැප සම්පත් වලට, මෝඩ කමට එකතු වෙලා ත්‍රස්ත මර්දනයට විරුද්ධව කෑ ගහපු නඩය, අද "ඒයි, යුධ වීරයා ට එහෙම මොනවත් කරනවා එහෙම නෙමේ" කියනවා. ඇමරිකාව වගේම එක්සත් ජාතීන් ගේ සංගමය එහෙම "එයි! අපි බලා ගෙනයි ඉන්නේ, යුද වීරයා ට එහෙම කොනිත්තනවා නෙමෙයි" කියනවා. දැන් රටට විරුද්ද කට්ටිය, මොකද කරන්නේ? අහ් වැරදුනා රටට නොවේ රජයට විරුද්ද කට්ටිය, ඒ කියන්නේ විරුද්ද පක්සේ කියනවා "අපි ජාත්‍යන්තරයට කියනවා මේ අවනඩුව". ඔය ජාත්‍යන්තරේ කියන්නේ අර මං ඉස්සෙල්ලා කියපු කට්ටිය ම නොවැ. එතකොට ඔන්න අපිට ආපසු මානව හිමිකම්, නීති රීති, බුදු දේසනා මුල ඉදන් ම දෙනවා. හැබැයි උන්ට ඕනෑ විදිහට රටේ සාරය හුරගෙන යන්න ඉඩ දිලා විරුද්ද පක්සේ බිමට සමතලා කරත් මොවුන් නෙමේ කතා කරන්නේ. මතකයි නොවැ 87-89 කාලේ. මොන රටෙන් ඇවිත් ද අපිට කිව්වේ, "ඒයි! ගලවන්නේ එහෙම නැහැ, ඔය කොල්ල ගේ නිය පොත්ත, පරාල ඇණ ගෙනාවට ගහන්නේ එහෙම නැහැ කොල්ල ගේ ඔළුවට" කියලා. ජාත්‍යන්තර රතු කුරුසේ ඇවිත් මොන ගෙදරට කිව්වේ, "ඔබලා ගේ කොල්ලා සැප ඇතිව හිරේ ඉන්නවා" කියලා. වැරැද්දක් නැතිව සරත් ෆොන්සේකා ව අල්ලා ගෙන ඉන්නවා නම් වැරදියි. ඒත් වැරදි කරලා නම් ඕන ජගතෙකුට දඩුවම් කරන්නත් ඕනේ. ඒත් අපිට බණ දෙසමින් ඇෆ්ගනිස්තානය, ඉරාකය බිමට සමතලා කරන එවුන් ගැන තමයි කේන්තිය. කිඹුලා කනවා ඉවසන්න පුළුවන් කොහිල කටු ඇනෙන එක, ආහ් ඒකත් ඉවසන්න පුළුවන් වෙයි අපට.
2010-02-05
නිලන්ත පියසිරි විසින් 15:30 පැයට
නිදහස් ලංකාව කොයිබටද?
යටත් විජිත වාදීන් ලංකාව ඔවුනතට ගෙන කළේ කුමක්ද? අපට සෞභාග්‍ය උදා කරන්න වෙහෙසුනා ද? නැතිනම් උන්ට එය උදා කරගත්තාද? නිදහස් ලංකාවේ අපි දැන් කුමක් කරමුද? අපේ අරමුණ කුමක්ද? අපි සරම ඇදගෙන දිවීමේ තරඟයට සහභාගී සිටින්නෙමුද? කෝට් බෑය ලා ගෙන පෝරු මස්තකව සිටින්නෙමුද? ගෑරුප්පුවෙන් අටු කොස් ඇට කමින් සිටින්නෙමුද? කිසිවෙකුට කිසිදු දිසානතියක් නොපෙනේ. ලාංකික අප, සංවර්ධිත ලංකාව නැමැති එල්ලය මවා සිටින්නේ කුමන හැඩ තල ඇතිවද? අපේ රටේ නිෂ්පාදනයන් හා සේවාවන් කෙරෙන්නේ කවුරුන් ගේ සුභ සිද්ධිය උදෙසාද? එකෙක් රට බටහිර ධනවාදය පැත්තට රට අදිත්, තවකෙක් බටහිර සමාජවාදය පැත්තට, සමහරෙක් හෙළ බොදු සංස්කෘතියක් පැත්තට අදින මුත් ලංකාව කොතනද? දෙස්පලුවෙක් වත්, විද්වතෙක් වත් අපේ එල්ලය මෙයයැයි නොකියත් නොවෙද?
2010-01-18
නිලන්ත පියසිරි විසින් 22:25 පැයට
සමානාත්මතාවය
නීතිය ඉදිරියේ අප සැවොම සමානයි ආදි වශයෙන් වූ කතාවක් වෙයි. නීතිය පමණක් නොවේ කිසිම දෙයක් ගැන මේ ලොව එසේ සමානව සලකන්නා වූ මිනිසුන් සිටීද? දියුණු රටවල නම් එසේ වේ යැයි යමෙක් පැවසීමට ඉඩ තිබේ. සමාජවාදය එලෙස දේශණා කළ බණක් යැයි ද යමෙක් කිව හැක. අද නීතිඥයෙක්, වෙදදුරෙක්, දෙස්පලුවෙක්, ඉහළ හමුදා නිළධාරියෙක් ආදී වශයෙන් වූ ලැයිස්තුවක් අනෙක් පුද්ගලයෙකුට වඩා සමාජයේ අසමාන ලෙස නොසැලකෙන්නේ නොවේද? දෙස්පලුවායි, බස්පලුවායි එකම ලෙස පොලිසියකදී සැලකුම් ලබන්නේද? බොහෝ අය රැකියාව අනුව ගැරහුම් ලබන්නේ නොවෙද? එක් ජනපති අපේක්‍ෂකයෙක් "කොම්පුටර් ඔපරේටර් කෙනෙක් තමයි, මේ තත්වයට පත්වෙලා තියෙන්නේ" ආදි වශයෙන් කී කතාවක් ඔබට මතක ඇති. ඒ නයින් ඔහු කියන්නේ පිරිගණන ක්‍රියාකරුවන් සමාජයේ පිළිගත යුතු කෙනකුද නැතිනම් ගණන් ගත යුතු නැති කෙනෙක් කියාද? මට නම් දැනෙන්නේ එය පිළිගත යුතු රැකියාවක් නොවන බවට කෙරෙන ඇඟවීමක් බවය. එනම් නිළධාරීවාදයයි. සමාජවාදය පුම්බන අය නිළධාරීවාදය ඔසවන්නේ යැයි ඔබට නොසිතෙන්නේද?
2010-01-17
නිලන්ත පියසිරි විසින් 22:11 පැයට
ගෝත්‍රවාදී වීම හොඳද? නරකද?
අප ගෝත්‍රවාදයේ හිනි පෙත්තට නගිනුයේ මැතිවරණ සමයේ යැයි මට සිතේ. මතයට එකඟ නොවන එකා නසා දැමීමට තරම් මෙය උග්‍ර වේ. නමුත් මෙලෙස මරා ගනුයේ හදිසියකදී උදව්-පදව් කරගන්න සිටින අසල් වැසියන් ය. දෙස්පලුවෝ අසනීප වූ ළමයා රෝහලට ගෙන යන්න උදව් කරන්න ට ලඟ පාත ඉන්නේ නොවේ. මා කලකට පෙර අසා සිටි සංවාදයක කියැවුනේ "අප, එනම් මේ දකුණු ආසියානු මිනිස්සු උග්‍ර ගෝත්‍රවාදියෝ" බවය. අපි සිංහල, දෙමළ ආදි ලෙස බෙදෙමු. බුදු දහම, ක්‍රිස්තියානි ආගම, මුස්ලිම් ආගම ලෙස බෙදෙමු. එජාප, ජවිපෙ, ශ්‍රිලනිප ලෙස බෙදෙමු. ගොවිගම, කරාවේ, දුරාවේ ලෙස බෙදෙමු. ඉගෙන ගත් විදුහල, සරසවිය අනුව බෙදෙමු. ඉදින් මෙලෙස බෙදීම හොදද? සාධාරණද? එහෙම නැතිද?
එසේ නම් අප මුලු පොලවට අයත් මිනිස්සු විය යුතුය, එසේ නැතිනම් අප මුලු සක්වලට අයත් මිනිසුන් විය යුතය. එසේ නොවේද? ඉහත සංවාදයේ කියැවුනු වදන තුලම ගෝත්‍රවාදය වේ. එනම් "දකුණු ආසියානු මිනිස්සු". සත්තු මිනිස්සු නිතරම කුලක ලෙස සිටීමට කැමැත්තෝය. එනයින් ගත් කල මනුසත්තුද තම කුලකයකට වැද ගන්න කැමැති වෙති. එසේ නොමැතිව සිටින්න කියා දහම් දෙසන බටහිරයෝ එලෙස නොවන්නේද? ඇමැරිකානුවෝ, ඉංගිරිසිකාරයෝ, ආදී වශයෙන් ඔවුන් හදුනා ගන්නේ ඇයි? රහත් ඵලයට පත් නොවූ සැවොම තම කුලකය ගැන සිතති. අප රටට, ජාතියට ආදරය කරන්නේ එබැවිනි, පක්ෂයකට මෙලෙස ලැදි වෙන්නේ එබැවිනි.
එසේ නම් අප මුලු පොලවට අයත් මිනිස්සු විය යුතුය, එසේ නැතිනම් අප මුලු සක්වලට අයත් මිනිසුන් විය යුතය. එසේ නොවේද? ඉහත සංවාදයේ කියැවුනු වදන තුලම ගෝත්‍රවාදය වේ. එනම් "දකුණු ආසියානු මිනිස්සු". සත්තු මිනිස්සු නිතරම කුලක ලෙස සිටීමට කැමැත්තෝය. එනයින් ගත් කල මනුසත්තුද තම කුලකයකට වැද ගන්න කැමැති වෙති. එසේ නොමැතිව සිටින්න කියා දහම් දෙසන බටහිරයෝ එලෙස නොවන්නේද? ඇමැරිකානුවෝ, ඉංගිරිසිකාරයෝ, ආදී වශයෙන් ඔවුන් හදුනා ගන්නේ ඇයි? රහත් ඵලයට පත් නොවූ සැවොම තම කුලකය ගැන සිතති. අප රටට, ජාතියට ආදරය කරන්නේ එබැවිනි, පක්ෂයකට මෙලෙස ලැදි වෙන්නේ එබැවිනි.
Subscribe to:
Posts (Atom)
