2010-07-20
බනින්න කෙනෙක්
"ප්‍රභාත් වික්‍රමසිංහ ගේ දුවට ත් ඩෙංගු හැදිලා." කියලා ආරංචික් ලැබුනහම හිත බොහොම සසල විය. ඊට පළමු සතියේ අපි දෙන්නා ත් එකතු වෙලා වටපිටාව පිරිසිඳු කළෙමු. අප ගේ නිවෙස් ලඟ ඉඳි කෙරෙන නව ගොඩනැගිල්ලේ බාස් උන්නැහැලා විසින් රෑට රෑට හිස් කළ අරක්කු බෝතල් සියයකට වඩා කානුවක් අයිනේ තිබී සොයා ගතිමු. අපේ දරුවන්ට ඩෙංගු මඳුරුවා කරන වින්නැහි, ඒ උන්නැහැලාට ගණනක් නැහැ නොවැ.
මඳුරුවෝ හඳන්නේ අපි, උන්ට සැප වාසස්ථාන, තනන්නේ කවුද? අපේ මිනිස්සු. ඒත් කතා කරලා බලන්න එපැයැ, අපේ අයගේ ආදුරුසමත් ජීවිත ගැන. හැමෝම බනින්නේ ආණ්ඩුවට හරි, තව කවුරු හරි මිනිහෙකුට. බ්ලුමැන්ඩල් කුණු ගොඩ ගැන බනින්න කී දෙනෙක් ඉන්නවද? ඒත් කීයෙන් කී දෙනාද, වීදුරු, ප්ලාස්ටික්/පොලිතින් සහ දිරන අප දෑ වෙන වෙනම ඉවත දාන්නේ? සුද්ද කරපු මාළු බොකුයි, පොඩි එකා ගේ අසූචියි, පොලිතින් මල්ලයි, වීදුරු බෝතලයයි එකට දමපුවහම කවුරුද ඕක වෙන් කරලා ප්‍රතිචක්‍රි කරණය කරන්නේ.
මේ ලඟදී අපූරු පුවතක් තිබුනා කොළඹ සරසවි බිමේ, පොලිස් විශේෂ බලකාය ඩෙංගු මර්දන ව්‍යාපාරයක් කරලා, හිස් අරක්කු බෝතල් දුසිම් ගණනක් ඉවත් කළා කියලා. ඒත් උදාහරණයකට දැන් ලඟ ඉන්න කෙනා එක්ක වචනයක් දාලා බලන්න ඩෙංගු වලට වග කියන්න ඕනේ කවුද කියලා. අනිවාර්යෙන්න ම කිහිප දෙනෙකුට පලු යන්න බනියි.
2010-02-16
මගේ නියෝජිතයෙක්
2010-02-10
අප ගැන සැලකිලිමත් වීම
2010-02-05
නිදහස් ලංකාව කොයිබටද?
2010-01-28
අහෝ, මට අතුරුජාතිකයෙකු විය නොහැකි විය.
2010-01-08
ජාතික හැදුනුම්පත
"ඇයි, මහත්තය ට රියදුරු බලපත්‍රයක් එහෙම නැතිද?" ඇය විමසුවාය.
මම තිබෙන බව කීවෙමි.
"එහෙනම් ඡන්දය දාන්න බාදාවක් නැහැ නේද?" ඇය කීවාය.
"නැහැ, ඡන්දය දාන්න නෙමේ, මේ වෙනත් වැඩ වලටත් අඩුම ගානේ ඡායා පිටපතක් වත් දෙන්න මේ දීලා තියෙන කොල කෑල්ලෙන් බැහැනේ?" මම පිළිවදන් දුනෙමි.
ඇය හැඳුනුම් පත් දෙපාර්තමේන්තුව ට ගොස් විමසා බලන ලෙස කීවාය. එහිදී පිරිගණනයෙන් ලැබුනු පතක් ගෙන අදාල ලිපිකරු හමු වීමි. ඔහුට පොඩි හිසේ කැක්කුමක් ඇති බැවින් මඳක් පමා වෙන බව පැවසීය. ටික වේලාවකින් පැවසූයේ, තව සති දෙකකින් හෝ තුනකින් හැදුනුම් පත තැපෑලෙන් ලැබිය හැකි බවත් එසේ නොමැති නම් රු. 500/- ගෙවා එක් දින සේවාවෙන් ලබා ගැනීමට අයදුම් කරන ලෙසත් ය. හරක් කුවිතාන්සිය වගේ කිසිදු දෙයකට ඉදිරිපත් කළ නොහැකි කොල කැබැල්ලක් තබාගෙන සිටීමෙන් විඩාවට පත්ව සිටි මා හට එක් දින සේවාවට යාම හැර කළ හැකි කිසිවක් නොවීය.
මෙහි දී මට පැණ නැගුණු පැණය නම් රු. 500/- දිනකින් කළ හැකි දේ. අඩුම තරමේ මාස හයකින් වත් කළ නොහැක්කේ මන්ද යන්නයි. එක්කෝ අපේ රාජ්‍ය සේවයේ වැරැද්දක් ඇත, නැති නම් අපේ වැරැද්දක් ඇත.
එක් දින සේවාව කෙසේ වෙතත් අද 12 පසුව හැඳුනුම්පත ලබා ගැනීමට පැමිණෙන ලෙස හැන්දෑවේ 4 ට පමණ මා හට පැවසිණි.
