Showing posts with label නපුර. Show all posts
Showing posts with label නපුර. Show all posts
2010-11-30
නිලන්ත පියසිරි විසින් 14:41 පැයට
3
වටුවට කොටන කාක්කෝ
අද උදේ කාර්‍යාලයට එන මඟ, වැටී සිටියේ වටුවෙකි. කාක්කන් වට කරගෙන කොටති, තවත් සමහර කාක්කන් හොඳ ආහාර වේලක් බුදීමට වටේ සිට ලක ලැහැස්ති වෙති. අසරණව වැටී දිව බේරාගැන්මට වලිකන වටුවා ගැන දුක සිතුනේ මට පමණක් නොවේ. පාරේ ගිය කිහිප දෙනෙක් කාක්කන් එළැවීමට වෙහෙස වෙති. වටුවා හැකි පමණ දුරක් ඉගිලී ගොස්, පඳුරක් අස්සට වැද ගත්තේය. කාක්කෝ ද ඒකා පිටු පස පියඹා ගිය අතර, ඉන් පසු ඌ පසු පස ගොස් වටුවා ව ආරක්‍ෂා කිරීමට තරම් මට වෙලාවක් ද නොවීය. ඌ හට කුමක් වූවා ද යන්න ඌ බේරාගන්නට වෙහෙස වූ අනෙක් අයද නොසොයා ගිය බව මම දුටිමි.
ඇත්තෙන් ම කාක්කන් අතර අසරණව දිවි ගළවා ගන්නට වෙහෙස වෙන වටුවා ගැන දුක සිතන මිනිස් අපි දිනක බොජුන් සඳහා කුකුළන් කී දෙනෙකුම මෙසේ මරනවා ඇතිද? දිව ගලවා ගන්නට දඟලන වටුවා වෙනුවට කුකුළෙකු ආදේශ කරන්න, කපුටු රැළ වෙනුවට මිනිස් රැළක් ආදේශ කරන්න. ඇයි අපිට අර වටුවා ගැන හිතෙන දුක, කුකුළා ගැන හිතන්නේ නැත්තේ. ඒ අපි නොදකින නිසා නේද? කපුටා ගැන නරකක් සිතා වැඩක් නැතැයි, මට සිතුනි. අපිත් ඒ කපුටන් හා සමව වට වී වටුවට කොටමු.
2010-09-07
නිලන්ත පියසිරි විසින් 23:06 පැයට
පරිබවයට පුරුදු වීම
පරිබව කොට බැණීමට ද පුරුද්දක් තිබිය යුතුය. "බය වෙන්න දෙයක් නැහැ, මොනවා උනත් ඔය මනුස්සයා බණින්නේ නැහැ" ඒ රාජකාරියේ දී බොහෝ දෙනා මා ගැන සිතා සිටින අයුරුය. මා යහළුවන්ට "මම මිනිහාට හොඳට බැන්නා" කීවද ඔවුන් කියනුයේ "අනේ මේ අපි දන්නවා නේ ඔයා ගේ බැණුම" කියා එයද පහත් කරති. ඇත්තටම යමෙකුට දොස් නැඟුමට වුවද, එය පුරුද්දක් ව පැවතිය යුතුය. හොඳින් පහත් වදන්, කුණු හරුප ආදිය ගැලැපී වැකි තැනී මුවඟට ආ යුතු වේ. කල්පනා කොට බැණිය නොහැක. බස්පලුවෝ මෙන්ම රියැදුරෝ ද මේ බිණුමෙහි කෙළ පැමිණියෝ වෙත්. එහෙත් යමෙකුට දොස් නැඟුමට පෙර තව තත්පර ගණනක් ඉවසුවේ නම් කිසිවෙකු ගේ සිතක් නොතැවෙනු ඇත. එසේම අහේතුකව හෝ සහේතුකව කෙතරම් රොස් පරොස් වදන් සහිත බැණුම් වලට අපි සාමාන්‍ය ජීවිතයේ මුහුණ දෙමු ද? සමහරු කියන්නේ "ඉතිං, බැණුම් අහන එක අපේ රැකියාව නොවැ" කියාය. කෙතරම් අපි සිත දුකට පත් කරගන්නෙමු ද? පසු තැවෙමුද? එහෙත් ව්‍යාසකාරයේ මේ ශ්ළෝකය නම් එසේ නොතැවී සිටීම ගැනය.
3. සාධොඃ ඵරුෂවාක්‍යෛශ්ච න මනො යාති වික්‍රියාම්,
නහි තාපයිතුං ශක්‍යං සාගරා ම්හස්තෘණෙල්කයා.
ඵරුෂවාක්‍යෛශ්ච, ක්‍රෑර වූ බසින් (කෙවුනාවූද); සාධොඃ, සත් පුරුෂයා ගේ; මනඃ, සිත; වික්‍රියාම්, විකාරයට හෙවත් වෙනසකට; න යාති, නොපැමිණෙන්නේය; කෙසේද යත්? සාගරමහඃ, සමුද්‍රජලය; තෘණෙල්කයා, තණ සුලකින්; තාපයිතුම්, තවන්නට හෙවත් හුණු කරන්නට; නශක්‍යම්, නොපිළිවනි; එ එසේමැයි.
බොහෝ වූ ලවන ජලය තණ සුලකින් හුණුකොට ගත නොහැක්කා සේ, මුඛයෙන් ක්‍රෑරවූ බස්බිනුම් අසන්නා වූ සත් පුරුෂයා ගේ චිත්ත ස්වභාවය විකාරයට පමුණුවාගත නොහැක්කේ යයි යනු අභිප්‍රායයි.
2010-08-02
නිලන්ත පියසිරි විසින් 21:45 පැයට
සිය දිවි හානි කර ගැනීමේ මහඟු ආදර්ශය
අද පත්තරයක වූ යේ "රියන්සි දුන්නේ මහඟු ආදර්ශයක්" නම් වු මැයකි. තමා ගේ පණ නසා ගැනීම කිනම් වු නිදසුනක් ද? එය කුමන ආගමකට/දසුනකට අනුව වුවද මහත් වූ මුග්ද නපුරු වැඩකි. මෙය මහඟු නිදසුනක් යැයි කීමෙන් වන්නේ තම පණ නසා ගැනීමට තව තවත් ආවැඩීමකි, පොහොර සැපයීමකි. තම දිවි තොර කර ගන්නේ තමාට පමණක් නොව ජීවත් ව සිටින අනෙක් කිසිවකුට ද ආදරය නොමැති අයවලුන් නො වෙද? තම පණ නසා ගැන්ම පර පණ නැසීම වැනි වූ ක්‍රෑර කිරියකි. තම සිතැඟින ඉටු නොවේ නම්, අනුන් හෝ තමන් නැසිය යුතුය යන්න ආදර්ශයක් යැයි කියන පුවත් පත් ගැන කුමන කතාද? මා ගේ සොඳුරිය ගේ මයිලණුවන් ගේ සිය දිවි නසා ගැනීම හරහා මම මේ නපුරු ක්‍රියාවේ, අපුල හොඳින් අත් විඳ ඇත්තෙමි. එබැවින් කිසිඳු කලක තම පණ නසා ගැනීම ආදර්ශයක් නම් නො වන්නේය.
2010-06-09
නිලන්ත පියසිරි විසින් 23:12 පැයට
මහජන සේවාවන් අපයෝජනය
මේ දවස් වල මගේ හිතට වද දෙනප්‍රශ්ණ අතර මූලික තැන ලැබිලා තිබෙන්නේ අපේ නංගි ට වී ඇති කරදරයකි. යම් ගැහණියක් එක්තරා Airtel අංකයකින් කතා කොට දිගින් දිගටම බැණ වදියි. නමුත් පසුව එම අංකයට කතා කළහොත් ප්‍රතිචාරයක් නොමැත. එපමණකුදු නොනැවතී, ඇය ගේ සේවා ස්ථානයට ඇයට අපහාස කොට තැපැල් මාර්ගයෙන් ලිපි ද එවයි. මාසයකට අධික කාලයක් සිට මෙය පවතින අතර එය නවතින ආකාරයක් කිසිදු ලෙසක පෙනෙන්නට නොමැත.
නීති ගරුක, විනය ගරුක පුරවැසියන් ලෙස අපට මෙයට කළ හැක්කේ කුමක් ද, අපට පසක් වන ආකාරයට අපි ඒ සියල්ල කළෙමු. ඒවා පහත සඳහන් පරිදිය.
පළමුව කළේ එම දුරකතන අංකය අයත් Airtel ආයතනයට කතා කොට එම අංකය භාවිතා කොට අපව පීඩා කරවන බැව් පැවසිනි. ඔවුන් පැවසුවේ ඒ සඳහා එම අංකය අයත් තැතැත්තාට/තැනැත්තීට අවවාද කිරීමට පවා පොලිසියට පැමිණිල්ලක් යොදා එම පැමිණිල්ලෙ කොපියක් හෝ උසාවි නියෝගයක් ලබා ගෙන පැමිණියහොත් පමණක් එය කළ හැකි බවය.
දෙවනුව අපි වැලිකඩ පොලිස් ස්ථානය ට ගොස් පැමිණිල්ලක් ගොණු කළෙමු. එහි දී පොලිසියේ යෝජනාව වූයේ, දුරකතන අංකය වෙනස් කරන ලෙසය. එසේත් නොමැති නම් එම අංකය අවහිර කළ හැකි වර්ගයේ දුරකතනයක් ගෙන එය කරන ලෙසය. අප ගේ බල කිරීම මත ම පැමිණිල්ල ගොණු කළ අතර ඔවුන් පැවසූයේ උසාවි නියෝගයක් ගැනීමට සතියක් පමණ යන බැවින් යම් හඳුනන අයෙකු Airtel ආයතනයේ සිටී නම් එම අංකය ලබා ගෙන ඔවුනට ලබා දුනහොත් පරික්‍ෂණ කටයුතු ඉක්මන් කළ හැකි බවකි.
සති දෙකක් පමණ ඉක්මවා ගිය පසු පොලිසියෙන් ගෙදරට පැමිණ, නැවත පැමිණිල්ල ගැන විමසීය. "අපි හිතුවේ දැන් කරදරය ඉවරයි කියලා". ඔවුන් පැවසීය. "එහෙනම් අපි court order එක ගන්නම්". ඔන්න දැනුයි පොලිසිය උසාවි නියෝගය ගන්න තීරණය කළේ.
අප නොයෙකුත් ආකාරයෙන් Airtel ආයතනයේ සේවයේ යෙදෙන යහළුවෙකු සොයා ගැනීම සති තුනක් පමණ සිට උත්සහ කොට මල්ලී ගේ යහළුවෙකු ගේත් යහළුවෙකුට කියා යන්තම් එම දුරකතන අංකය හිමි තැනැත්තිය ගේ ලිපිණය සොයා ගතිමු. එය "T. ප්‍රියා සිල්වා, අංක 550, .......... කොටේජ්, තලංගම" ලෙස සඳහන් වි තිබුණි.
දැන් අප කළ යුත්තේ එම ගෙදරට ගොස් මේ ගැන විමසීම ද නැති නම් පොලිසියට මේ ගැන පැවසීමද? තාත්තා තීරණය කළේ එම ගෙදරට ගොස් අනවශ්‍ය ප්‍රශ්ණ වල පැටලෙනවා ට වඩා, මේ ගැන පොලිසියට පැවසීම වඩා නීති ගරුක බවයි. එබැවින් මෙම විස්තර ද නැවත පොලිසීයට ලබා දුන්නෙමු. එම විස්තර ලබා දී ද දැන් සති දෙකක් පමණ ඉක්මවා ගොස් ඇත. එහෙත් තවමත් එම දුරකතනයෙන් කතා කොට බැණ වැදීම හෝ එයට කතා නොකළේ නම් අඩු තරමේ මඟ හැරුණු අංකන (missed calls) 20 ක් පමණවත් තිබේ.
සමහර විටෙක මෙම දුරකතන අංකය ඉහත ලිපිනයේ සිටින අය ගේ නොවීමට පුළුවන. සමහරවිටක එය ඇගෙන් නැති වූවක් වීමට ඉඩ ඇත. එහෙත් යමෙකුගේ දුරකතන (SIM - Subscribe Identify Module) නැතිවුවහොත් එය එම ආයතනයට වාර්තා කිරීම ඇය ගේ වග කීමක් වන බැවින් ම ඇය වැරදි කාරියක් වේ. මසකට අධික කාලයක් ගත වුව ද තවමත් පොලිසියට මේ ගැන සොයා නොබලන්නේ අප සාමාන්‍ය පුරවැසියෝ බැවින් ද? දරා ගත අයෙකු නොවි වී නම් පොලීසිය මේ ගැන ක්‍රියා මාර්ග ලබා ගන්නා විට මානසික පිස්සෙකු වී හමාරය.
අපේ රටේ ඇත්තෙන්ම සියල්ල පවතින්නේ නීති ගරුක පුරවැසියාට නොව නරකෙහි ගැළුණු හොර තක්කඩින්ටය. හෙට නැවත පොලිසියට කතා කොට පැමිණිල්ලට සිදු වූයේ කුමක් දැයි ඇසිය යුතුය. ඇත්තෙන්ම මෙලෙස තැපෑල සහ දුරකතන මාර්ග යොදා ගන කෙරෙන වැරදි ක්‍රියා වලට ගත හැකි කිසිදු පියවරක් නැතිද?
2010-01-27
නිලන්ත පියසිරි විසින් 21:48 පැයට
පරාජය
අන්තිමට නාමල් උඩලමත්ත ගේ කසාපබ්බත හි වූ "මගෙ සිහිනය මට දකින්න ඉඩ හරින්න" ලිපිය සැබෑ විය. නිර්පාක්‍ෂිකයෝ පරාජය පිළිගැනීමට අකැමැති වෙති. පැණය මෙයයි, මෙවර ඉදිරිපත් වූ නිර්පාක්‍ෂිකයෝ මෙන්ම පසුගිය මැතිවරණ වලදී පරාද වූ කිසිම පාක්‍ෂිකයෙකු "අපි පරාජය පිළිගනිමු"යි නොකීහ. මොවුහු කුඩා කාලයේ දී චක් ගුඩුවත් ගසා පරාද වී නොමැත්තෝය. එජාප යට ඉන්තේරුවෙන්ම ලක්ෂ 40 ක ජන්ද පදනමක් ඇතැයි කියති. ජවිපෙට අඩුම තරමේ ලක්ෂ 3 ක වත් පදනමක් ඇතැයි අනුමාන කළහොත් අනෙකුත් පක්ෂ අතහැර වුවද ලක්ෂ 43 ක් අපේ ගාර්දිහේවා උන්නැහේ ලබා ගත යුතුමය. එහෙත් මා දුටු අයුරින් එය ලක්ෂ 41 අතහැර නොගියේය. ජය කෙසේ වෙතත් අඩුම තරමේ ලක්ෂ 45ක් වත් නිර්පාක්ෂිකයෝ නොගත්තේ ඇයි?
Beyond Frame නම් බ්ලොග් අඩවිය කියන්නේ, "මේ රටේ ඉන්න වන්දිභට්ටයෝ නිසා මුන්ව හදන්න බැහැ ඒ නිසා මා මින් පසු නිහඩ වෙනවා" කියලයි. අර "සාමාන්‍යයෙන් නොකියන කතා | Taboo Subjects" අඩවියේ නම් කියන්නේ මෙරට සිටින නිවට ඡන්දදායකයා පිළිබඳව නොදැනීම ගැන ඔහු කණගාටු වෙන බවය. මේ දෙදෙනා ම කෙස් පැලෙන තර්ක හා විතර්ක ඉදිරිපත් කරමින් අපේ රටේ මිනිස්සු රජුන්ට වන්දිභට්ට කිරීමට උපන් අය නිසා මෙලෙස මහ රජා දිනෙව්වා වැනි යමක් කීමට උත්සහ කරනු පෙනේ. ඔවුන් ගේ ඇත්තේ අන්තර්ජාතික දැනුම නිසා ඒ පිළිබදව වදනක් දෙඩීම පවා ප්‍රයෛමේටාවන් ගේ සිට මහා පිපිරීම දක්වා වූ නොයෙකුත් න්‍යායන් සහ ප්‍රමේයයන් වලින් දමා ගැසීමට ඉඩ සැලසෙනවා ඇත. එහෙත් සාමාන්‍ය සමාජය ඇසුරු කොට දැනුමක් එකතු කොට ගෙන සිටින මට නම් හිතෙන්නේ මේ ඡන්ද හෝදාපාලුවට හේතු වූයේ කාන්තා ඡන්ද පදනම බවයි. පැයකින් අරූ හිරේ දානවා, අරූ, මූ, කලවැද්දා, පාහරයා, මනස නිරවුල් වෙන්න පොඩ්ඩක් මද්‍යසාරය ටිකක් ගන්න ඕනේ.... ආදී වශයෙන් වූ කතා පිරිමින් ගේ ප්‍රමෝදය ට හේතු වුවත් කාන්තාවන් එයින් සසල වෙන හැටි මම ගෙදර දොරදී පවා අත්දැක්කෙමි. ඇත්තෙන්ම ගාර්දිහේවා ලාල් ගේ පස්සේ ගිය බොහෝ අය වැපුරුවේ තරහව ම පමණයි. ජවිපේ වෙබ් අඩවියක් වූ (පසුව එජාප වූ) www.lankatruth.com හී වු අදහස් දැක්වීම් (comments) වල වූයේ නපුරම පමණකි. beyond frame කිසි දිනක විබ (web) හරහා සතුට බෙදා හැර නොමැත. එහි වූයේ කේන්තියෙන් දෙස් දෙවොල් තබන අනාත වූවෙකි. මම ජෙනරාල් ෆොන්සේකා ගේ පරාජයෙන් සතුටු නොවෙමි, මක් නිසාද යත් මහින්ද රාජපක්‍ෂ මෙන්ම රට අද ස්ථාවරයක වේද එතැනට ගෙන ඒමට ඔහු ද කැප වූයේය, ක්‍රියා කළේය. එහෙත් මම නපුර, තරහා, කේන්තිය, වෛරය පරාජය වීම ගැන ඉමහත් සේ සතුටුවෙමි.

Subscribe to:
Posts (Atom)