Showing posts with label ගොදුර. Show all posts
Showing posts with label ගොදුර. Show all posts

2008-11-20

නිලන්ත පියසිරි විසින් 16:00 පැයට
5

ගොදුරට එන ගිජු ලිහිණියෝ

ඊයේ මාතලේ ඇති ම'සොදුරිය ගේ මහ ගෙදර වූ දානමය පිංකමකට සහහාගී වී කොළඹ එන්න පිටත් වන විට වේලාව හැන්දෑවේ හතරට පමණ විය. අඹේපුස්සේ දී බසය හබස් විය, වේලාව රාත්‍රි හතයි. බොහොම අමාරුවෙන් එතැනින් පැමිණි ගමනාගමන මණ්ඩලයට අයත් බසයක අවුත් පිටකොටුවෙන් බසින විට රාත්‍රි නවය පමණ විය. බොරැල්ලට එන විට නවයයි විස්සයි. නාරාහෙන්පිටට යන්න නොමැත බස්. නැවතුම් පළ තුල සෙනඟ ඇති මුත් බසයක් එන පැහැයක් වත් නොමැත. බස් නවත්වන තීරුව තුල තෙසක රිය රැලකි. බසයක් එනතුරු බලා හිද නට්ටං වූ කල අයෙක් තෙසක රියකට කථා කරති, නැඟ යති. ඉන් පසු, පසු පස වන අනෙක් රිය සෙමෙන් සෙමෙන් නැවතුම් පළට ඇදේ. මට සිහි වූයේ ගොදුර අඩ පණ වන තෙක් බලා සිටින ගිජු ලිහිණි රැලක හැඩයකි. බලා හිද, නැවත බලා හිද මඟීන්ට ඇති වූ කල තෙසක රියකට කථා කරති. උන් සිනහ මුසුව පැමිණෙති, කියන ගානක් මඟියෝ දෙති. ගිජු ලිහිණියෙකුට මිනිසෙකු මැරිය නොහැක. ලඟට පැමිණියහොත් පහර දෙන බවද දනිති. නමුත් බඩ ගින්නේ මළ පසු රස කර බිදිය හැකි බව දන්නා බැවින් මැරෙන තෙක් ලඟ පාතකට වී බලා සිටිති.