2009-01-13

නිලන්ත පියසිරි විසින් 08:47 පැයට
6

පැත්ත ගැන ඇත්ත

කවුරු හරි කියනව නම් සිරස කොටින් ගේ පැත්තේ නෙමේ කියලා ඒක ජාතික රූපවාහිනියයි, ස්වාධීන රූපවාහිනියයි ආණ්ඩුවට කඩේ යන්නේ නැහැ කියලා කියනවා වගේම විහිළුවක්. දැන් ලසන්ත වික්‍රමතුංග මහතා මරා දැමීම ගැන හොයන්න පොලීසිය වහ කනවා. දැන් මොකක්ද මේ මාධ්‍යවේදියෝ කියන්නේ, මේ ගැන හොයන්න ආණ්ඩුවට උවමනාවක් නැහැ මක් නිසාද ඊයේ බොරැල්ල මිනී පිට්ටනිය ලඟ තිබුණු පොස්ටරේ වගේ "සාටකයා ඝාතකයා" නිසා. දැන් එතකොට ඇල්ෆ්‍රඩ් දොරේ අප්පාගේ මිනි මරුවා අල්ලගෙනද? නීලන් තිරුචෙල්වම්ගේ මිනී මරුවා අල්ලගෙනද? ප්‍රේමදාස ජනාධිපති තුමාගේ මිනිමරුවා අල්ලාගෙනද? එහෙමත් නැතිනම් ජෙයරාජ් ප්‍රනාන්‍දුපුල්ලේ ගේ මිනීමරුවා අල්ලාගෙනද? මේජර් ජෙනරල් ජානක පෙරේරා ගේ මිනීමරුවා අල්ලාගෙනද? ඇයි කදිරගාමර් මහතාව වෙඩි තබා මැරූ විට "මෙවැනි ඝාතන වැලැක්වීමට ආණ්ඩුව ක්‍රියා කළ යුතුයි " කියලා ඇමරිකානු තානාපති මත පල නොකළේ. ඔහු කිතුණු බැතිමතෙක් නොවන නිසාද? ජෙයරාජ් මැරූ විට "ඊලඟට කවුද?" කියලා පෝස්ටර් ගහගෙන නීතිඥ සංගමය පෙළපාලි නොගියේ ඔහු නීතිඥයෙක් නොවන නිසාද?
මේ හැමෝටම පැත්තක් තියෙනවා, ඒ ගැන ඇත්ත හංගන්න වලිකනවා, නමුත් ඇත්ත සරම පල්ලෙන් දෝරේ යමින් තිබේ. අවසන යමක් කියමි. කුමණ ආකාරයේ හෝ ත්‍රස්තවාදය මර්දනය කළ යුතුමය.

6 අදහස් දැක්වීම්:

Anonymous said...

ඝාතකයා සාටකයා කියන එක නම් වැරදියි. ඒ නෝන්ජලයට කරන්න පුළුවන් මඟුලක් නෑ. ඝාතකයා - ඇට නැත්තා කිව්වා නම් ඊට වඩා නිවැරදියි. ඇට කිව්වේ මේ කොඳු ඇට වලට.

Anonymous said...

නිලන්ත,

පුද්ගලයන් හැටියට ප්‍රේමදාස, ජෙයරාජ් ප්‍රනාන්‍දුපුල්ලේ, ජානක පෙරේරා යන අයගේ මිනීමරුවන් අද ජීවතුන් අතර නැත. එනිසා ඔවුන් අල්ලා දෙන ලෙස හඬ නැඟිය හැක්කේ මෝඩයකුට පමණකි. (ඇත්තටම ප්‍රේමදාසගේ මිනීමරුවා බාබු ලෙස හඳුනාගත් බව ඔබ අමතක කර ඇත. ) ඇල්ෆ්‍රඩ් දොරේ අප්පාගේ හා නීලන් තිරුචෙල්වම්ගේ මිනීමරුවන් පුද්ගලයන් හැටියට හඳුනාගෙන නැතත් ඒවා "කොටි" කළ බව ආණ්ඩුව ප්‍රකාශ කර තිබේ. එහි ප්‍රශ්නාර්ථයක් නැත.

නමුත් ලසන්ත වික්‍රමතුංගගේ මිනීමරුවා පුද්ගලයකු හැටියට පමණක් නොව අරමුණක් ලෙස වත් කවුරු කළාද යන්න ආණ්ඩුව ප්‍රකාශ කොට නැත. මෙය දැන ගැනීමට ජනතාවට අයිතියක් තිබේ. ඒ ප්‍රශ්න කිරීම නිසා පුරවැසියකු යම් පිළකට අයත් වන්නේ නැත. නමුත් එබඳු ප්‍රශ්න කිරීමක් යටපත් කිරීමට සැරසෙන්නේ නම් ඔහු යම් පිළකට අයත් විය හැකිය.

නිලන්ත පියසිරි said...

නන්නාදුන්නා වෙත -

ඇත්තෙන්ම තවමත් වික්‍රමතුංග ගේ මිනිමරුවෝ ඔබ වගේම නාදුනන අය නොවැ. මා ඔහුගේ මිනිමරුවෝ කවුරුද කියා ප්‍රශ්ණ කිරීම වැරදියි කීවේ නැහැ. මා කීමට උත්සහ කළේ මෙලෙස මැරුනේ වික්‍රමතුංග මහතා පමණක් නොවන නිසා. කදිරගාමර් මැරුවේ කොටි කියා ඔබ හෝ මා නිශ්චිතව කියන්නේ කොහොමද? වික්‍රමතුංග මහතා මැරුවේ කොටි නොවන බව ඔබ හෝ මා හරියටම කියන්නේ කොහොමද? මා කීවේ මිනීමැරුම් සියල්ලම වැරදියි. අයෙක් මැරුණ විට පමණක් ප්‍රශ්ණ කිරීමටත් අයෙක් මැරුණ විට ප්‍රශ්ණ නොකර සිටීමටත් නිසි පිරික්සුමක් නැතිව නොහැකි නොවෙද?

Anonymous said...

නිලන්ත,

නිකම් බබා උක්කුං පාට් ඕනේ නෑ. කදිරගාමර් මැරුවේ කොටි කියන්නේ ආණ්ඩුව. ඉතින් අපි පිළිගන්නවා. ඒ හැරෙන්න විකල්පයක් නෑනේ. ඉතින් ඔය ආණ්ඩුවටම බැරි ඇයි ලසන්ත මැරුවේ කවුද කියලා කියන්න?

නිලන්ත පියසිරි said...

නන්නාදුන්නා වෙත -

ලසන්තව මැරුවේ කොටි ආණ්ඩුවේ ගිණුමට බැර කරන්න කියලා, කියනවනේ. ඒක පිළිගන්නවා හැරෙන්න කොහොමත් විකල්පයක් නැහැනේ.

Anonymous said...

මා නම් කොතැනකවත් දැක්කේ නැහැ ආණ්ඩුව කියා තියෙනවා ලසන්ත මැරුවේ කොටින් කියලා. කරුණාකරලා එහෙම කියපු තැන පෙන්නා දෙන්න. ස්තුතියි.