2008-07-24
සුදු වෑන් සෙල්ලම
මගේ කේජු කෑල්ල අරන් ගියේ කළු කපුටෙක් යැයි කියා නරියෙකු කිවහොත් ?
පරසිඳු විහිළුවක් වේ ක්‍රිකට් ගැන. චීනයේ ක්‍රිකට් කෙලිය නැත්තේ ඔවුන් එයට අකමැති නිසා නොවේ ලු. ක්‍රිකට් කෙලින රටවල් ඔවුන් ව ඒ සඳහා ගන්නේ නැති ලු. හේතුව චීනුන් සැවෝම රූපයෙන් එක සමාන බැවින් හොඳම පිතිකරු පවා දැවී ගියත් ටික වේලාවකින් නැවත පැමිණ සෙල්ලම් කරන බැවින් ලු.
2008-07-21
මුහුණු

2008-07-15
දුවණිය බේරා ගැනීම

2008-07-14
අහසින් ඔළුවට වැටුනු ඔළුව
2008-07-13
වැඩ වැරුම
2008-07-11
කොමා වලින් වෙන් වූ ගොනුවක් mysql දත්ත සමුදායකට ඇතුල් කිරීම
අප ආයතනයේ තෙලිබහුන අංක ඇතුලතජාලයෙන් (intranet - යන්නට නියම වචනයද නොදනිමි.) ලබාගැන්මට කුඩා අතුරුමුහුණතක් සදාගැන්මේදී xls ගොනුවක තිබූ තෙලිබහුන අංක රැස mysql දත්ත සමුදායකට ගැන්මට උවමනා විය. මුලින්ම එය cvs හෙවත් කොමා වලින් වෙන් වූ ගොනුවක් ලෙස සුරකින ලදි. උත්සහයන් කිහිපයක් වැරදුනු පසු සාර්ථක කුඩා php ක්‍රමලේඛයක් සාදා ගතිමි. එය මෙසේය.
include ("incl/sql_connect.incl");
$row = 1;
$handle = fopen("teleno.csv", "r");
while (($data = fgetcsv($handle, 1000, ",")) !== FALSE) {
$num = count($data);
echo "
$num fields in line $row:
$row++;
$sql="INSERT INTO `telephone` (`field1` , field2 , `field3` , `field4`) VALUES ('$data[0]','$data[1]','$data[2]','$data[3]')"; //use %d if the values are numbers instead of a string/text
mysql_query($sql)||die("Insert error: ".mysql_error());
echo "inserted";
}
fclose($handle);
?>
PHP නිල වෙබය මෙහිදී අති මහත් ප්‍රයෝජනයක් විය.
2008-07-10
උසස් අධ්‍යාපනයෙන් ලැබෙන්නේ ආචාර්ය ද නැතිනම් අචාර්්ය ද
යොමුව කීම
අප සාමාන්‍යයෙන් යොමුවක් කියන්නේ වඩාත් පරසිඳු තැන මුල් කිරීමෙනි. උදාහරණයකට "කොල්ලුපිටියේ ජාතික ඉතිරි කිරීමේ බැංකුව ට දකුනින් ඇති පාර". අපි මෙහිදී වඩාත් ජනප්‍රිය තැන බැංකුව යොමුවට ගනිමු. ඊයේ බසය තුල දෙදෙනෙකු අතර සිදු වූ සංවාදයක් මට ඇසුනයුරු මෙසේය.
"මචං එතනට යන්නේ කොහොමද?"
"ආහ්! මෙහෙමයි. අර බම්බලපිටියේ මසාජ් පොට් තියෙන්නේ, ඒකට එහා පැත්තේ පාරේ යන්න ඕනේ".
කොහොමද අදාල තැන ගැන දෙදෙනා අතර පරසිඳු බව?
2008-07-04
අපේ දරුවෝ
මගේ දුවනිට පොතේ ඇති කජු පුහුලම පාට කළ නොහැක. හේතුව ඇය එය මොන පැහැයදැයි නොදනී. ඉඳින් මා ඇයව කජු පුහුලම් පෙන්වීමට රැගෙන යන්නේ කොහෙද? පේරාදෙණියේ උද්ඟිත උයනේ වත් අඩුම තරමේ මේ ගස් කොලන් ටික තියෙනවාදැයි නො දනිමි? කොහොමත් ලඟදීම ඇයව කැදවාගෙන මම එහි යමි.
උදේ ගොස් රැයට ලගිනා කපුටන් මෙන් අපි මහල් නිවසෙක සිරගතව ඇත්තෙමු. දුවනිට ගසක මල් පිපෙන අයුරු පෙන්වීමට කුඩා පෝච්චියක කුඩා මල් පැලයක් ඉන්දවා තිබේ. එය ඉද හිට මලක් ලබා දෙන්නේ අප ගැන සිතා නොව කුඩා දියණිය ගැන සිතා විය යුතුය.
2008-07-03
මග දිගට ලතැවෙන අපි
2008-07-02
උදයේ දුටු කලුන
සටහන :- කලුන් රත් අත් තඹරට (කව්සිළුමිණ)
කලුන් - කාන්තාවන්