2008-07-21

නිලන්ත පියසිරි විසින් 14:05 පැයට
3

මුහුණු

පසු ගිය සෙනසුරාදා අපි කුඩා දියණිය ද කැටුව දළඳා වැඳීමූ. ගමනෙහි යෙදුනේ රේල්ලුවෙහිය. මා මෙහිදී මතු කිරීම ට යනුයේ ඒ ගමන පිළිබඳ විස්තරයක් නොව අප ගමනෙහි යෙදෙන අතරතුර මා පිය සොඳුරිය පෙන්වූ කරුණක් ගැනය. අප ගමන් ගත් කෝච්චිය ගම්පහ අංගනයෙහි ද නැවැත්වීය. සෙනසුරාදා දිනයක් වුවද, වැඩපොලට යාමට පුල-පුලා සිටිනවුන් බොහොමයක් එහි වූහ. "බලන්නකෝ මේ හැමෝගෙම මුහුණු දිහා, ඔයාට දෙයක් පෙනෙනවද?" ඇය මගෙන් පිලිවිතරියාය. ඇත්තෙන්ම කිසිදු සිනහ මුසු මුහුණක් එහි නොවීය. ඔවුන් සිටින්නේ මහත් වූ දුකකට පත් වීමට ඔන්න-මෙන්න කියා මෙන්ය. රැකියාවට යාමට මෙතරම් අකමැතිද? තමා කරන දෙයින් කිසිවෙකු තෘප්තිමත් නැති ගානය. මා මෙය තවදුරටත් තහවුරු කරනු වස් අද බසය තුලද, ප්‍රීතිමත් මුහුණක් සෙව්වෙමි. එවැන්නක් නැත. මා ද සිනහ මුසුව නොමැති ව ඇති. ඇයි මේ?

3 අදහස් දැක්වීම්:

රාජිත උඩවල්‍‍පොල said...

බෝම්බ බිය?

Anonymous said...

බොහොමයක් මිනිසුන් තමන් කරන දේට ඇළුම් නොකරයි. විශේෂයෙන්ම තමන්ගේ රැකියාවට. කමන් කරන දේට ආසාවක් නොදක්වන මිනිසුන්ගේ මුහුණු බොහෝවිට සිනාහවෙන් තොර වු බවක් මට දැනේ. බසයෙ යන මිනිසුන්ගේ මුහුණු සිනාහවෙන් බරවී ඇති අවස්ථා මා දකින්නේ කලාතුරකිනි.

Anonymous said...

හුඟක් මිනිසුන්ගෙ සිත තියෙන්නෙ ගත තියෙන තැන නෙමෙයි. වෙන කොහේ හරි තැනක.