2008-09-30

නිලන්ත පියසිරි විසින් 10:27 පැයට
2

බුදු හාමුදුරුවෝ ගැයූ සින්දුව

ඉහත මැය දුටු කල ඇති වන හැඟුම කෙබඳු ද? පසු ගිය දිනක වේලාව රාත්‍රි 0900 ට පමණ, බොරැල්ලේ සිට පිටකොටුව ට බසයක යමින් සිටියෙමි. මරදාන පෙදෙසින් බසය ට නැඟි, වයස අවුරුදු 60 ක් පමණ වූ, පිළිවෙලකට හැඳ පැළද ගත්, හොඳින් බීමත් මහතෙකි. හොඳින් බීමත් මහත්වරු කොහිදැයි ඔබ අසනවා නොඅනුමානය. මා මහතෙකුයි කීවේ ඔහු ගේ බීමත් කමට සරිලන කිසිදු නරක වදනක් බසය තුල භාවිතා නොකිරීමයි. නමුත් ඔහු මහ හඩින් බසය තුල කතා කළේය.

"පුතා, මට දෙන්න පිට කොටුවට ටිකට් එකක්".

හේ කෑ ගැසීය. ඉන් පසු ලයාන්විතව ගී කිහිපයක් ම ගැයුවේය. සැමෝ ම සිනා මුසුව ඔහු ගේ සින්දු ඇසුවෝය. එක් වරම ඔහු

"මම දැන් කියන්න යන්නේ බුදු හාමුදුරුවෝ කියපු සින්දුවක්".

මා පමණක් නොව බසයේ හැමෝම තුෂ්ණිම්භූත ව බලා සිටියෝය. මොකක්ද බොලේ බුදු හාමුදුරුවෝ ගැයූ සින්දුව.

ඔහු සින්දුව ගැයීම ඇරඹීය.

"යසෝදරා,.... (ටින් ටින් ටින් ටින් ටින් ටින්) යසෝදරා.........(ටින් ටින් ටින් ටින් ටින් ටින්)
සිතේ නැඟුනු කළකිරීම කුමරිය, ඔබ පමණයි දැන සිටියේ පෙරසිට
යසෝදරා,.... (ටින් ටින් ටින් ටින් ටින් ටින්) යසෝදරා.........(ටින් ටින් ටින් ටින් ටින් ටින්)"

හරි නේ, බුදු හාමුදුරුවෝ ගයන අයුරින් නොවැ මේ ගී ය ලියැවිලා තියෙන්නේ.

2 අදහස් දැක්වීම්:

නාමල් උඩලමත්ත said...

විශිෂ්ට ගීතයක් ගැන අපූරු අර්ථ කථනයක් නේද නිලන්ත? ගීය ලීවේ කවුද කියලා මතක නෑ මට නම්. සුනිල් සරත් පෙරේර ද මන්දා.
බසයේ ගීය ගැයුවේ අපේ රටේ සාහිත්‍ය කලා අධ්‍යයනය සම්පූර්ණයෙන් වඳවෙන්න කලින් පරපුරේ කෙනෙක් වෙන්න ඕන. දැන් මේ ඉන්න එවුන් කියන බහුබූත අහද්දි ඔලුව කකියනවා.
කොහොම වුණත් මේ ගීය ගැයෙන්නේ බුදු රදුන්ගේ මුවින් ද? නැත්නම් සිදුහත් කුමරුගේ මුවින් ද කියන එක ගැන ටිකක් හිතනවා නම් හොඳයි. සිදුහත් විවාහ වුණේ අවු. 16 දී. අබිනික්මන් කළේ අවු. 29දී. බුද්ධත්වයට පත්වුණේ අවු.35 දී.

අවු.16-35 දක්වා කාලයේ සිද්ධාර්ථ මුවින් ගැයුනු අයුරින් ලියවුණා යයි කෙනෙකුට කියන්න පුළුවන්. එහෙත් ඊට එරෙහිව ඇත්තෙ "එයින් මිදෙන මං පෙත් සොයනා සඳ" කියන කොටසයි. මොකද එහෙම කියන්න පුළුවන් මං පෙත් සොයාගත් හෝ සෙවීම අත්හළ කෙනෙකුට පමණයිනේ.

Unknown said...

කතාව නම් හරිම funny... :)

මට කලින් දක්‌වා ඇති අදහසට සම්පූර්ණයෙන් එකඟ වෙමි...